දොස්තර වර්ජනය අවසන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි 24 June 2017
රටවල් 4 කින් කටාරයට කොන්දේසි අල් ජසීරා පුවත් සේවය වසා දැමීම සහ ඉරානය සමඟ තිබෙන සබඳතා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 13කට එකඟ වන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන බව සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ප්‍රකාශ කර ඇත. 24 June 2017
මවත් දරු දෙදෙනාත් කපා කොටා දැමීමෙන් දියණිය මියයයි කොටදෙණියාව හෙලගම කිතුල්වල නිවසකදී මව සහ දරුවන් දෙදෙනකට තියුණු ආයුද වලින් පහරදීම හේතුවෙන් හය හැවිරිදි දැරියක මියගොස් මව සහ අනෙක් දැරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. 24 June 2017
පළාත් කිහිපයකට තද වැසි අවදානම නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල දිස්තික්කවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර්. 100ට වඩා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි. 24 June 2017
පුහුණුකරු ෆෝඩ් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියයි. 24 June 2017
චීනයේ ගල් කන්දක් නාය යාමෙන් 140 ක් වැළලෙති චීනයේ නිරිතදිග ප්‍රදේශයේ සිචොන්ග් පළාතේ සිදුවූ නායයෑමකින් 140 කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. කන්ද නාය යෑම නිසා පහලින් පිහිටි ගඟේ කිලෝමීටර් දෙකක පමණ ප්‍රමාණයක් අවහිර වී ඇති බවත් සින්මෝ ගම්මානයේ නිවාස 46 ක පමණ සිටි වැසියන් 141 දෙනෙක් සහමුලින්ම ගල්කුට්ටි යට ගිළී ගොස් ඇති බව අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. 24 June 2017
පුත්තලම සහකාර අඩවි වන නිලධාරී අතුරුදන් පුත්තලම දිසාවන කාර්යාලයේ සේවය කල සහකාර දිසාවන නිළධාරි වරයා මසකට ආසන්න කාලයක සිට ආගිය අතක් නැති බව ඥාතින් පොලිසියට පැමිනිලි කර ඇති බව කියයි. 24 June 2017
ග්‍රෙන්ෆෙල් ගින්න ශීතකරණයකින් ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ පසුගියදා ඇතිවූ ගින්න ආරම්භ වී ඇත්තේ එහි නිවසක තිබූ ශීතකරණයකින් බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි. 24 June 2017
සරසවි සිසුන්ට පහරදීම ගැන මහින්දගෙන් නිවේදනයක් සරසවි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. 24 June 2017
සයිටම් විරෝධී සිසුහු වීඩියෝ කළ පොලිස් නිලධාරීන්ට පහර දෙති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. 23 June 2017
රජිව් ඝාතන සැකකරු මැරෙන්න අවසර ඉල්ලයි ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වසර විසි හයක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින රොබට් පයාස් නැමති චූදිත එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමන්ට මරණයට පත් වීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් එරට බන්ධනාගාර බලධාරීන් ගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. 23 June 2017
මුදලට වෙදකම් කළ දොස්තර පැනලා දුවයි සයිටම් විරෝධී වෛද්‍ය වැඩ වර්ජනය අතරේ මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් අද (23) ගලේවෙල රජයේ රෝහල ඉදිරිපිටින් වාර්තා විය. 23 June 2017
රජයේ රොහල්වල වැඩවරන වෛද්‍යවරු පුද්ගලික රෝහල්වල වැඩ කරති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ දිනවල රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් දියත් කර ඇතත් එම වෛද්‍යවරුන් හලාවත නගරයේ පිහිටි පෞද්ගලික රෝහල්වල සුපුරුදු ලෙසින් චැනල් සේවයේ යෙදුන ආකාරය අද (23) දැක ගත හැකි විය. 23 June 2017
මීතොටමුල්ලට කුණු දැමීම නවතයි මින් පසු කොළඹ නගරයේ කැළිකසල කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයට බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 23 June 2017
බෞද්ධයින්ව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීම හෙළා දකින බවට රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක් භික්ෂු සමාජය තුළ මෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ වර්තමානයේදී යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇත්තේ රටේ නීතිය පොදු සාධාරණ ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවීම නිසා බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. 23 June 2017
ගීතාගේ නඩුවට හිටපු ඇමතිවරයෙක් මැදිහත් වෙයි ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෙබවීම නුසුදුසු බව කියමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයෙකු වන පියසේන ගමගේ මහතා ගොනු කළ අතරමැදි පෙත්සමක් ලබන ජූලි මස 07 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය. 23 June 2017
සයිටම් විරෝධී සිසුන්ගේ මාපියෝ පාරට බසිති සරසවි සිසුන්ට එල්ල කළ ප්‍රහාරයට විරුද්ධව සහ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීයවේදීහු සහ සරසවි සිසුන්ගේ දෙමාපියෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරත වූහ. 23 June 2017
තැපැල් වෘත්තීය සමිති 26 සිට අඛණ්ඩ වර්ජනයක රට පුරා සියලු තැපැල් සේවකයන්ගේ සහභාගිත්වයේන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ජූනි 26 වැනිදා (සඳුදා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි. 23 June 2017
ආචාර්ය සමන් කැලේගම දිවි සැරිය නිමා කරයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම මහතා අද (23) අභාවප්‍රාප්ත විය. මිය යන විට 58 වැනි වියේ පසුවූ ඒ මහතා ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව යන ක්ෂේත්රවල ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු විය. 23 June 2017
අවතැන් වු දරුවන්ට 10,000 ක සහන මල්ලක් ගංවතුර සහ නායයෑමෙන් පිඩාවට පත් පෙදෙස් පාසල් දරු, දැරියන් සඳහා පාසල් උපකරණ සහ නිල ඇඳුම් ඇතුළත් සහන මල්ල බෙදාදීම අද (23) ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 23 June 2017
’නෙවිල් ප්‍රනාන්දු රෝහල ඩෙංගු රෝහලක් කරනවා’ - ඇමැති කිරිඇල්ල මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 June 2017
ජූනි 27 තෙක් වැසි සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් ජූනි 27 වැනිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව අද (23) දහවල් 12ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වේ. 23 June 2017
වෛද්‍ය වර්ජනය නතර කරන්න පස්වරු 3 වන තුරුත් තීරණයක් නෑ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අද(23) දින ගෙවී ගිය කාලයේ රෝහල්වල රෝගී සත්කාර සේවා බිඳවැටී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 23 June 2017
බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් රිමාන්ඩ් පොලිස් නිළ ඇදුමින් ගොස් කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකු ජූලි මස 6 වන දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක මහතා අද (23) නියෝග කළේය. 23 June 2017
අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ලබන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය අද(23) නියෝග කළාය. 23 June 2017
රුවන් යළි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සෞඛ්‍ය හේතුන් මත පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වු බවත් ඒ සඳහා පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පත් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. 23 June 2017
හලාවත රෝහලේ ගැටුමක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම පිණිස හලාවත දිස්ත්‍රික් මහ රෝහලට අද (23) දහවල් රෝගියකු රැගෙන ආ පිරිසක් හා රෝහලේ වෛද්‍යවරයකු අතර හට ගැනිමට ගිය ආරාවුලක් සමතයට පත් කළ බව හලාවත පොලිසිය කියයි. 23 June 2017
කල්ඉකුත් වු රට ඉඳි තොගයක් වනවාසලින් ඉදිරි කල්පිරුණු දිනයක් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරිම සඳහා නව ඇසුරුම්වලට සකස් කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු රට ඉඳි කිලෝ 1800ක් වනවාසල පෞද්ගලික ගබඩාවක දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත්අඩංගුවට ගනු ලැබීය. 23 June 2017
ග්ලයිෆොසේට් නිසා බස්නාහිරට හානි ග්ලයිෆොසේට් කෘෂි රසායනිකය ගෙන්වා තේ වගාව සඳහා යෙදුව හොත් එයින් බස්නාහිර පළාගේ ජනතාව බරපතල සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙනු ඇතැයි වකුගඩු රෝග පිළිබඳ පර්යේෂකයෙකු වන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 23 June 2017
පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂය විරෝධයේ පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද(23) පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධයක නිරත වෙති. 23 June 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026