තරුණිය ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්
කොට්ටාව නගරයේ තරුණියක් තෙමහල් නිවසක දෙවැනි මහලේ නිදන කාමරක් තුලදී විසිතුන්පලකට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බවට පොලිස් අත් අඩංගුවට පත් වූ සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 4 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්රාත් පි්රයංගා මද්දුමපටබැදි මහත්මිය නියෝග කළාය.