පැරණි සොහොන් බිමේ දැව කැපීම් කළ කොන්ත්රාත්කරුට වාරණයක්
වවුනියාව අග්බෝපුර මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් විනාශ කරමින් කැණීම් සිදුකිරීම හේතුවෙන් වවුනියාව අඩවි වන නිලධාරීන්, රාජ්ය දැව සංස්ථාවේ නිලධාරීන් හා ප්රදේශයේ තේක්ක දැව කැපීම් සිදුකළ පෞද්ගලික කොන්ත්රාත්කරු වෙත නැවත එම භූමි ප්රදේශයට ඇතුල් නොවන ලෙස දන්වා වාරණ නියෝගයක් අද (04) වවුනියාව අතිරේක මහෙස්ත්රාත් ෆස්ලම් තවුසිම් මහත්මිය නියෝග කළාය.