(රේඛා තරංගනී ෆොන්සේකා )
දුම්රිය රියදුරු සහායක සේවයේ තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අදාලව කල් දමා ඇති විභාග පවත්වන ලෙසත් එසේ නොවන්නේ නම් වෘත්තිය කි‍්‍රයාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා අද (29) මාධ්‍ය හමුවක දී පැවසීය.
2011 වර්ශයෙන් පසු සේවකයින් බඳවා නොගැනීම නිසා මේ වන විට දුම්රිය රියදුරු සහායක සේවයේ පුරප්පාඩු 300 කට අධික ප‍්‍රමාණයක් ඇති බව සඳහන් කරන ලේකම්වරයා දුම්රිය ෂන්ටිං රියදුරු සේවයේ අනුමත සේවක සංඛ්‍යාව 148 ක වන අතර, 100 කට අධික තනතුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතීම නිසා විවිධ ගැටළු ගණනාවකට මුහුණදීමට සේවකයින්ට මෙන්ම පරිපාලනයට සිදුවී ඇති බවද කීවේය.
දුම්රිය ධාවනයේදී රාජකාරිමය වශයෙන් ඍජු මැදිහත්මක් දක්වන දුම්රිය රියදුරු සහායක සේවාව, මේ වන විට බරපතල අර්බුදකාරී තත්ත්වයකට පත්කර ඇති බව සඳහන් කරන ඒ මහතා මෙම බඳවාගැනීම් පිළිබඳව දී ඇති අධිකරණ තීන්දුවක් ද නිලධාරින් නොසළකා හැර ඇති බවද පැවසීය.
ඇතැම් වෘත්තීය සමිතිවල පදනම් විරහිත ක‍්‍රියාමාර්ග සහ දුම්රිය පාලනාධිකාරියේ මෙන්ම ප‍්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන්ගේ තින්දු තීරණ ගැනීමේ උදාසීනතාවයන් මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසන ඔහු මේ පිළිබඳව වගකිවයුතු නිලධාරින් දැනුවත් කිරිමේ ලිපි යොමුකළ බවද ස ඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ගමේ අහලකින්වත් දුම්රියක් ගමන් බැහැ. නමුත් මගේ කණගාටුව දුම්රිය මගීන්ට
අනවසරයෙන් දුම්රිය හරහා අලි ඇතුන් ගමන් කිරීම නැවත්වීමට, අනවසරයෙන් දුම්රිය පාර අසල සිට " සෙල්ෆි" ඡායාරුප ගැනීම නැවත්වීමට, අනවසරයෙන් මුහුඳු බඩ දුම්රිය මාර්ගයේ අසල ශරීර කෘති සිදුකිරීම නැවත්වීමට, අනවසරයෙන් දුම්රිය ඇතුලේ සින්දු කීම හෝ නැටුම් නැටීම නැවත්වීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම වර්ජනයක් සඳහා දැන් ඉතුරුව ඇති වැදගත් කරුණු නේද?
කොපමණ සේවක සංඛයාවක් සිටියත් දුම්රිය සේවය අකාර්යක්ෂමයි පාඩුයි. අර පෑරලිය දුම්රිය පාර සහයෝගයෙන් හැදුව වගේ ඔය මහත්වරු ඔක්කොම සේවක සංගම් එකතුකරගෙන දුම්රිය ගොඩ දන්න. එවිට ජනතාව ඔබල ඉල්ලන දෙයට සහයෝගය දෙයි.
වැඩ වර්ජනය කරන සියලුම ඇයො මේ තමන්ගේම දරුවන්ට අනාගතය අඳුරු කිරීමක් බව ඉතා හොඳින් සිතන්න. ඔය පොහොසත් ඇයො ලමයි රට යාවි ඉතුරු අපි ?
ඔබලාගේ ඉල්ලීම් සියල්ලම ලැබේවා. ඔබලාගේ සටන ජයග්රහණයෙන් මිසක් කෙළෙවර කරන්න එපා. ඔබලාට බහුතරයගේ සහයෝගය ලැබෙනවා අන්ධ කුහක රැලක් මොනවා කිව්වත්.
මෙතන පලවෙනවා නම් දෙන්නම්කෝ හේතු ඕනෑ තරම්...