තරිඳු ජයවර්ධන
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි මහත්මිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පෙබරවාරි පළමු වැනි දා උදේ නවයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයට කැඳවා තිබේ.
ලංකාදීප පුවත්පතේ පළ වූ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම විමර්ශනය ආරම්භ කළ අතර ඉන් පසු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ කැෆේ සංවිධානය ගොනු කළ පැමිණිල්ල ද ඊට අදාල කර ගත් බව කොමිෂන් සභාව කියයි.
ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක මහතා සහ පළාත් සභාවේ මාධ්‍ය නිලධාරීන් දෙදෙනෙකු පසුගිය 25 වැනි දා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් අතර එම විමර්ශන පැය 10ක් පුරා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ පීනන දෙන්නත් නීති ආධාරයට එනවාද දන්නේ නැහැ?
අපට නම් හරිම සතුටුයි. මේ අම්බරුවට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා වගේ, මොකද මානව හිමිකම් කොමසාරිස් තනතුරේ පුරප්පාඩුවක් තියන නිසා යස අගේට එම තනතුරට නම් ගැලපෙනවා.
මානව හිමිකම් ගැන දේශපාලකයා සතු වගකීම බොහෝ දේශපාලකයින් විසින් නොතකා හැර ඇත්තේ මානව කියන වර්ගයට ඔවුන් අයිති නොවෙනවා යන මතයේ තමයි ජනතාව ඉන්නේ....
මෙයා ඉල්ලා අස් උනානම් මෙම චෝදනාව ඉවර වෙනකම් මෙයාගේ ජනප්‍රියතාවය වැඩි වෙනවා. එහෙම මහත්මාගති තියෙන දේශපාලකයෝ අපේ රටේ නැහැ.