(බිඟුන් මේනක ගමගේ)
බැඳුම්කර ජනපති කොමිසමේ නිර්දේශ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වන්නේ යැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභා පනත සංශෝධනයට ලක්කරමින් මෙම ක්‍රියාවලිය කඩිනම් කෙරෙන්නේ යැයි ද ජනාධිපති කාර්යාලයේ අද (29) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දු තීරණ ගනු ලැබී යැයි ද නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසයි.
ජනපති කොමිසමේ නිර්දේශ මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සැලසුමක් සකස් කරමින් සිටින්නේ යැයි මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අදහස් පළ කර ඇත.
නීතිපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් අධ්යක්ෂ ජනරාල්, මහ බැංකු අධිපති මෙම හමුවේදී දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා අංක 1 කොස්ගමදී - “මට පක්ෂ පාට වැඩක් නෑ. මේ රටේ ඉන්න දූෂිතයන් හිරේ දාලා, හිර කාමරයේදි වළපල්ලට යවලා, ඉන්පසුව පොළොව පලාගෙන අවීචි මහා නරකාදියටත් යවලා අහවර වෙලයි මං මේ පුටුවෙන් යන්නේ" කතා අංක 2 - රත්නපුරේ දී “2015 මහ මැතිවරණයේ දී ශ්රීලනිපය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ 96 දෙනාම මා ලඟ එකට සිට ගන්නේ නම්, හෙට වුවද ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා" ඒ 96 දෙනා අතර මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නිමල් ලංසා, අරුන්දික ප්‍රනාන්දු, කුමාර වෙල්ගම සහ තවත් දූෂිතයන් වංචනිකයන් ලෙසට චෝදනා තියෙන අයත් ඉන්නවා නේද ජනාධිපතිතුමනි...? ඔබතුමාම කියන විදියට දූෂිතයින් සියල්ලම අවීචි මහා නරකාදියට යැවුවොත් ආණ්ඩුවක් හදන්න තව කීදෙනෙක් ඉතුරුවෙයිද?
කමිටු, කමිටු මොනවටද මේ කමිටු? අධි චෝදනා පත්‍ර බාරදෙන්න. රජයේ දේපොළ කොල්ලකෑවට අත්අඩංගුවට ගන්න.
ඉතුරු අවුරුදු දෙකත් සමාලෝචනය කර කර ඉඳිමු.
ගීතයේ පද රචනය ප්‍රවීන ගීත රචක සූත්තර පුංචාගෙනි. සංගීතය රතු මල්ලිලිලා ඇතුළු වාදක කණ්ඩායමෙන් වන අතර ගායනය බොරුකාරයින්ගෙනි.
අපේ එකම වැඩේ හිටපු සහ සිටින ලොක්කන්ගේ පච වලට ඇහුන්කන් දීම පමණි.
පච කියන රටම දන්න පචයක් හෙවත් තවත් කෙබරයක්.