ක.ග කරුණාරත්න
පොළොන්නරුවේ ටිපර් රථ හිමියන්ගේ සංගම් රැස්වීමක් අද (29) මනම්පිටියේදී පැවති අවස්ථාවේ එහි දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී ටිපර් රථ හිමි සංගමයේ සභාපති වරයා තුවාල ලබා ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.
මෙම ගැටුමේදී තුවාල ලැබූ ටිපර් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා ප්රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
මෙම ගැටුමට සම්බන්ධ පාර්ශව දෙකම ඒ පිළිබඳව පැමිණිලි කිරීම් සඳහා පොළොන්නරුව පොලිසියට පැමිණි අවස්ථාවේදී ද ඔවුන් කලහකාරී ලෙස හැසිරී පහරදීමක් සිඳු කළ බව කියන අයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංගමයම ගෙනල්ල උගන්නන ඕනේ කොහොමද පාරේ යන්නේ කියල. වැලි පුරවපු ටිපර් 6-7ක් එක ලඟට තියාගෙන පෝලිමට යනවා..... පිටිපස්සේ කිලෝමීටර් ගානක් වාහන පෝලිම තිබ්බත් මෙයාලගේ ගමන යනවා වෙන වාහනයකට ඉස්සර කරන්නවත් ඉඩක් නොතියා ..පිට්පස්සෙන් වැටෙන වැලි වලින් මෝටර් සයිකල් පදින අයගේ ඇස් ඉවරයි.රාත්රියට පිට්පස්සේ ලයිට් තියෙන ටිපර් එකක් හොයාගන්න සෑහෙන්න පින්කරලා තියෙන්න ඕනේ හරිම අවධානම්. ,වෙනම හෝදලා ඔලු සුද්ද කරලා ගන්න ඕනේ කොට්ටාසයක් ,මොකද එයාල හිතන්නේ තමන්ගේ වාහනේ ලොකු හින්ද මොනවා උනත් තමන්ගේ ජීවිත් බේරෙනවා කියල .
ටිපර් සභාපතිට බපර් එකට හේත්තු වෙන්නම ගහලද?
වැලි ප්රවාහනට ඉඩ දිය යුත්තේ රාත්රී 10 සිට පාන්දර 4 වන තෙක් පමණයි. වැලි ටිපර් වල රක්ෂණය වැඩිකොට හදිසි අනතුරකදී මරණයක් හෝ තද බල තුවාල සිදුවීමකදී ලක්ෂ 50 ක වන්දියක් ලබා දීම ක්රමවේදයක් හැදිය යුතුයි..
ප්රයිවට් බස් හැරුනම පාරේ තියෙන මාරාන්තික වාහනය තමයි ටිපර්.