රංජන් කස්තුරි
රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (30) සංකේත වැඩවර්ජනයක නිතර වීමට තීරණය කර සිටිති.
එම වර්ජනය හෙට පෙරවරු 8 ට ආරම්භ කරන අතර අනිද්දා (31) පෙරවරු 8 න් අවසන් කෙරෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ටත් සමස්තයක් වශයෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට බලපාන කරුණු ගණනාවක් මුල්කර ගනිමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවත් අලුත්ගේ මහතා කීවේය.
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට දෙසැම්බර් 31 වැනි දාට පෙර විසඳුම් නොදීම, සිසුන්ට සාධාරණය ඉටුකිරිමට අපොහොසත් වීම, වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සංශෝධනය නොකිරිම, රාජ්‍ය සේවයේ තෝරාගත් කාණ්ඩ කිහිපයකට පමණක් මුලික වැටුප් වැඩිකිරිම, පැමිණිමේ හා ප්‍රවාහන දීමනාව යාවත්කාලීන නොවීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගනිමින් වෛදච්යවරු වැඩවර්ජනයේ නිරත වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ නොදන්නා කමට අහන්නේ. ඔබතුමාලා හෙට අර පුද්ගලික කියන ඒවටත් යන්නේ නැතුව ඇති... මොකද නිදහස් අධ්‍යාපනය නිසා සයිටම් විරෝධී නිසාත්. මම හරිද දොස්තර මහත්තයෝ?
වෛද්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට කාලය එළඹී ඇත.
මහෙම වර්ජන තිබ්බ කාලයක් අපි කව්දාවත් දෑකලා නෑ, යහපාලනය අපිට අඩුවක් නෑතිව වර්ජන දුන්නා,, මේවා නවත්වාගන්න ආන්ඩුවට බෑ, ආන්ඩුව ෆෙල්
දැන් දොස්තරල හරියට කොන් දොස්තරලා වගේ.
එඩ්ගාර් කේසිගේ කතා ඇතුලත් සංසර මන්දිර පොතේ තියෙනවා රජයේ රැකියාව ලෙස අළුගෝසු සේවය ඉටුකළ පුද්ගලයෙක් මරණින් පසුව උපන් ආත්මයක අන්ධයෙක් වුණා කියලා.. ඒ වගේම මම අහල තියෙනවා කරන කලට පව් මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා... කව්රු කව්රුත් මේ ගැන හිතුවොත් හොඳයි.
පෙරේත යක්කු ටිකක්නේ... කොච්චර ලැබුණත් මදි, රෝගීන් මරාගෙන හරි තවතවත් මහජන මුදල් හූරා කන්නයි බලන්නේ.
මම දන්නා හැටියට සාමාන්‍යයෙන් රජයේ සේවකයින් පුද්ගලිකව රැකියා, බිස්නස් කරන්නේ නැහැ. එය එසේ නම් දොස්තරවරුන්ට මෙය අදාළ නොවන්නේද?
අනේ හැමදාම වර්ජනය කරන්නකෝ.
තම රැකියාව උකස් කර ලාභයම සොයන මිනිසුනි, අහිංසක දුප්පත් මිනිසුන් ඇපයට තබා ලබනා සැපෙයන් ඔබලාට සතුටු විය හැකිද ? අපේ මව්රට තවත් පසුපසට ගෙනෙයන්න එපා !...
රජයේ දොස්තරලා කියන්නේ මහා පුදුම ජාතියක්. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඉඩදෙන්නේ නැහැ...... මොකද වැඩි වැඩියෙන් දොස්තරලා බිහිවුනොත් වටිනාකම බහිනවා. (ආදායමට හානිවෙනවා) මේ වල්බූරු අදහසට වාමාංශික කියාගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් උඩ පැනගෙන දෙනවා. චීනය වගේ රටවල්වල වෛද්‍ය සහ ගුරු වෘත්තිය සලකන්නේ අත්‍යවශ්‍ය සේවාවක් හැටියට.
මේ පිටුපස තියෙන්නේ පැහැදිලිවම දේශපාලන උවමනාවක් .. වර්ජනය කරන වෙලාවල්වලට මේ දොස්තරලා පෞද්ගලික රෝහල් සේවයට යනවා ...මේක තහනම් කරන්න ...
ජය වේවා වෛද්‍ය මහත්තුරුන්ට. ඔබලාගේ සටන දිනේවා.
දැන් ඉතින් තමන්ගේ ඉස්පිරිතාලේ හෙදියෝවත් ගණන් ගන්නේ නැති නිසා ඔහොම වත් ට්‍රයි කරනවා බලේ පෙන්නන්න. වැඩක් වෙන්නේ නැහැ.
සුදු වෑන් එකකින් මේ දොස්තරයෙක්ව එක්ක ගෙන ගියා නම් වර්ජන ඉබේම නැවතෙයි.