(තිළිණි ද සිල්වා)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට දෙන ලද ප්‍රතිඥාව ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය තවමත් අසමත්ව සිටින බව මානව හිමිකම් සංවිධානය කියා සිටියි.
ජිනීවා නගරය මූලස්ථානය කරගත් එම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අද (29) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මේ බව කියා සිටී. සාක්ෂි විරහිතව සිරගත කර තැබීම් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිදු කෙරෙන අපචාර" යන තේමාව යටතේ හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කර ඇති මෙම වාර්තාව පිටු 46 කින් යුක්ත වේ.
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව දුන් ප්‍රතිඥා කතාවට පමණක් සීමා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි" හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියාව භාර අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාව නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් ආරක්ෂා කරනු ලැබීම සම්බන්ධයෙන් අවංක උවමනාවකින් කටයුතු කරන්නේනම්, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වෙනත් නීතියක් හඳුන්වා දෙමින් ත්‍රස්තවාදයට එරෙහි දැනට බල පැවැත්වෙන ඉතා දරුණු නීතිය ඉවත් කිරීමට කඩිනම් ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයිද අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් වැඩිදුරටත් කියා සිටියි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් වධහිංසා සිදු කිරීම, ලිංගික අපචාර, බලහත්කාරයෙන් කට උත්තර ගැනීම සහ එම තත්ත්වය සිතාමතාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබීම අතීතයේ සහ දැනටත් ශ්‍රී ලංකාවේ පවතින තත්වය බව එම වාර්තාවේ දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය වැලෙක්වීම වරදක්ද ? දන්නේ නැති නිසායි අහන්නේ. එයාලට කලබල නොවී ඉන්න කියන්න. චන්දෙ ඉවර වුනාම එ්කත් කරලා දේවි.
අපට වෙනවා මානව හිමිකම් සංවිධානයට අපට එරෙහිව තිබුන ත්‍රස්තවාදය මතක් කරන්න. ත්‍රස්තවාදය කියන එක නැතිකරන්න නීතියක් රීතියක් නැති බවත් ඒගොල්ලන්ට මතක් කර දෙන්න වෙලාවගේ. මොකද ඇමරිකාවට විතරක්ද හිතු විදිහට ත්‍රස්තවාදය නැතිකරන්න පුළුවන්.
නැවත ත්‍රස්තවාදය නැගීගෙන එන්නේ දෙමල ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් කියල මුළු ලෝකෙම දන්නවා. එහෙම කාලෙක මෙම පනත තවත් ශක්තිමත් කරන්න ඕන.
මේ පුවතේ අන්තර්ගතය සමහරු වටහාගෙන නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතක් හෝ ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය නැති බව අවධාරණය කර නෑ. නිදසුනක් විදිහට අපි විදේශ රටවලින් මුදල් ගෙන්වාගන්නා විට බැංකුවෙන් විමසන ඇතැම් කරුණු ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සම්බන්ධ, මුදල් විශුද්ධිකරණය සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන මත පදනම් වෙනවා. ප්රශ්නය ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත නොව එහි ප්‍රතිපාදන නිසා ජනතාව අනවශ්‍ය ලෙස පීඩාවට පත් වනවාද යන්න. සාක්ෂි නොමැතිව යමෙක් අත් අඩංගුවට පත් වෙනවා යනු බරපතල කාරණයක්.
ත්‍රස්තවාද දෙකක් යටපත් වුණා, නමුත් ඊළඟට එන එක මර්ධනය කරන්න තියෙන නීතිය මදිවෙයි, තව අලුතින් වඩා කාර්යක්ෂම එකක් සකස්කරන්න වේවි, විනාශය අතලගටම ඇවිදින්, අපිට තවත් සිරියාවක් අවැසි නැත.