(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹූක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබු නඩුවකට අදාලව ඒ මහතා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබු ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරිමට මහේස්ත්‍රාත්වරයා අනුමැතිය ලබා දීම ප්‍රතිශෝධනය කරන්නැයි රඹුක්වැල්ල මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇතත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නිත්‍යානුකුල බව සඳහන් කළ විනිසුරුවරයා අදාල ප්‍රතිශෝධන අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝටම වඩා ලේසියි නේද හොරකම් නොකර ඉන්න එක... ?
හොරකමෙන් වැලකි සිටිමු.
ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නේ නැත්නම් බැල්කනියකින් පනිනවා කියන්න. පනිනවා නම්, මෙදා පාර කලින්ට වඩා උස තැනකින්ම පනින්න.
මේ මහත්තය නේද අර පිට රට හොටලෙක උඩ තට්ටුවකදී වෙරි වෙලා පාර වැරදිලා ජනේලෙන් බිමට බහින්න ගිහින් වැටිලා කකුල් දෙක රිවෙට් වෙලා ඒ ඇබැද්දිය වෙනුවෙන් දෙපැත්තෙන්ම මාර සයිස් සුපිරි වන්දි ගැහුවේ?