(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතේ ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා සහ කණ්ඩායමක් යාපනයේ මන්ඩතිවු ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මණ්ඩතිව් ප්‍රදේශයේ අක්කර 50කින් යුත් ප්‍රදේශයක අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රිඩාපිටියක් සහ ජාතික ක්‍රිඩා ඉසව් පැවැත්වීමට සුදුසු ක්‍රීඩාංගනයක් ද එහිදී සකස් කිරීමට පියවර ගෙන ඇත.
එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් සංචාරයක් නිරත වූහ.
තවද උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ම නියෝජනය වන පරිදි ක්‍රීඩකයන් තෝරා ක්‍රිකට් සංචිතයක් සකස් කිරීමටත්, ජාත්‍යාන්තර තරග වලදී ඔවුන්ට ද අවස්ථාව ලබා දීමටත් මෙහි අරමුණ වී ඇත.
මෙහි ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිලපී සුරත් වික්‍රමසිංහගේ ශිල්පීය දැනුම ලබා මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන්රාමනාදන් මහතා සහ ජාතික ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්... නැගෙනහිර පළාතෙත් එකක් හදමු.
එතකොට දකුණේ තියෙන ඒවා විකුණනවා (හම්බන්තොට). උතුරේ අලුතෙන් හදනවා. මාර යහපාලන සංකල්පයක් නේ...
ඇත්තටම හොඳ වැඩක්... රටේ සමගියටත් හොඳයි.
හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හදද්දී එය අවශ්‍යද දෙයක්ද කියලා ජනතාවට ප්‍රශ්නයක් තිබුණා. අද එහි තරඟ පැවැත්වෙන්නේ ඉතා අල්ප වශයෙන්. තවමත් එයට ගත්ත ණය ගෙවනවා. ශ්‍රී ලංකාවට දැනට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අනවශ්‍යයි. උතුරේ ක්‍රිකට් දියුණු කරන්න නම් පුහුණුව සහ දේශීය තරඟ සඳහා දැනට තිබෙන ක්‍රීඩාංගණ දියුණු කරලා ක්‍රීඩකයන්ව දිරිමත් කරන්න වැඩ පිළිවෙලක් තිබුණොත් හොඳයි. ඒ වගේම මෙම ක්‍රීඩකයන්ට දකුණේ ක්‍රීඩා සමාජ නියෝජනය කරන්න හැකි තත්වයක් නිර්මාණය කල යුතුයි. දේශපාලකයන් මොනව කිවුවත් හම්බන්තොට වගේ නාස්තියක් වුණොත් ඒක කර ගහන්න වෙන්නෙත් රටේ මිනිස්සුන්ට මිස දේශපාලකයින්ට නොවේ.
එම දිස්ත්‍රික්ක පහට වෙනත් කණ්ඩායමක් හදනවා නම් එතැන තියෙන්නේ ඒ අය වෙනම රටක් කියන පිළිගැනීමද?
ඔබේ ප්‍රතිචාර පළකිරීම පක්ෂග්රාහී මිසක් ජනතාවාදී නොවේ.
මේක නම් ඇත්තටම හොඳ වැඩක්, උතුරේ ජනතාවටත් ඕනෑ.. සාමයෙන් ඉන්න මිසක් වෙනම රටක් ලබාගන්න නෙවෙයි. ඔය ඔක්කොම අවස්ථාවාදී දේශපාලකයෝ තමන්ගේ වාසියට ඇතිකරපු අනවශ්‍ය ප්‍රශ්න...
ඉතා හොඳ සැලැස්මක්..., මෙය කඩදාසිවලට පමණක් සීමා නොවේවා කියා ප්‍රර්ථනා කරමි.
මෙන්න ඩීල් එකක් දාගන්න හොඳම වෙලාව තමයි.
ඉතා හොඳ අදහසක්.... ඉක්මණින් හැදුවොත් අගෙයි. මොනරු ඉන්න කැලෑ කොටලා තමන්ගේ නමින් අග නුවරක් හදන්න ගත් උත්සාහය වෙනුවට මේ වගේ දෙයක් කලා නම් කොච්චර අගේද?
ලංකාවට තවත් ටෙස්ට් පිටි අවශ්‍ය නෑ. මුළු රටේම භූමි ප්‍රමාණයේ අනුපාතය අනුව ලංකාවේ තමයි වැඩිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන තියෙන්නේ දැනටමත්. වෙනත් තියෙන පිට්ටනියක් පුහුණුවෙන්න දියුණු කරලා දෙන්න.
සියලුම දේවල් විජයකළාට තමයි ඉතින්...
අපි මොනවයින් නැතත් ක්‍රිකට් වලින් ස්වයංපෝෂිත වෙනවා.
මේ රටේ සියලුම ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබෙන්නේ රටේ මැද වන දඹුල්ල සිට දකුණට වන්නටයි. ඒ නිසා උතුරට වන්න ක්‍රීඩාංගණයක් සැදීම පළාත් ගණනක සිටින ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩා ලෝලීන්ට කරන සාධාරණයක්...
කොහොම උනත් ඉගනීම පැත්තකින් තබා ක්‍රිකට් පිටියට එන දෙමල ළමයි විරලයි කියා සිතමි.
ඕකෙ ඉන්දියාව එක්ක මැච් තියෙද්දි බලාගන්න පුළුවන් වෙයි. උතුර ඉන්දියාවෙ තවත් කෑල්ලක් වගෙ ලෝකෙට පෙනෙයි. ඉන්දියාව ප්‍රාන්ත මැච් තියෙයි. පස්සෙ ඕක ඉන්දියාවටම දීල දායි. උතුරේ මිනිස්සුන්ට කරන්න මීට වඩා වැදගත් වෙන දේවල් තියනවා කරනවා නම්. ඒත් ඉතින් මේක ලංකාවනෙ
සුදු රෙදි හොරුන්ට කුට්ටිය ගන්න කරන වැඩ. අපේ රටේ ගොඩනැගිලි, ක්‍රීඩාපිටි වගේ ඉදිකිරීම් වලට මුන්ට පුදුම උනන්දුවක් තියෙන්නේ. අධයාපනය වගේ ඒවයේ උනත් ගොඩනැගිලි මිසක් ගුණාත්මක සංවර්ධනයක් සම්බන්ධ යෝජනා එහෙම මුන්ගෙ ඔළුවට එන්නේම නෑ. රටේ කරුමෙට පහල උන පුදුම කාලන්නි ජාතියක් මුන්.