(බිඟුන් මේනක ගමගේ)
බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (29) පෙරවරුවේ කැඳවා තිබූ පක්ෂ නායක හමුවට සහභාගී වීම ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවීම වෙනුවට ජනාධිපතිවරයා හමුවට පක්ෂ නායකයන් කැඳවීමේ අවශ්‍යතාවයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද (29) පෙරවරුවේ කැඳවා තිබූ පක්ෂ නායක හමුවට සහභාගී නොවීම ගැන විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.
අදාළ කොමිසම් වාර්තාව ගැන ජනාධිපති ලේකම්වරයා අවස්ථා දෙකකදී එකිනෙකට වෙනස් ප්‍රකාශ නිකුත් කළැයි චෝදනා කළ හෙතෙම ඒ ගැන විමසීමට ඔහු පාර්ලිමේන්තුවට කැඳවන්නැයි ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ එය රටේ ජනතාවට හෙළි කළ යුතු කරුණක් නිසා යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
කොමිසම් වාර්තාව ගැන ප්‍රශ්නයක් වේ නම් එය සාකච්ඡාවට භාජනය කළ යුත්තේ මහජන නියෝජිතයන් රැස්වන පාර්ලිමේන්තුවේ මිස ජනාධිපති කාර්යාලයේ නොවන්නේ යැයි ද විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ ඍජු බවට ගරු කරමි. මේ ව්‍යවසනයෙන් රටත්, ජනතාවත් මුදවා ගත හැක්කේ ඔබට පමණි. සතුරන්ගේ අවලාද, අපහාස, කුමන්ත්‍රණ, තර්ජන හමුවේ නොසැලී ඉදිරියට යන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා !!!
හොඳයි... නියමයි. ඒක හරි.
දෙකේම වෙන්නේ එ්කම නම් තැනේ ප්‍රශ්නයක් නැහැ නේද?
හොඳ පොයින්ට් එකක් විජිත් හේරත් මන්ත්‍රීතුමා. දේශපාලනය ගැන කතාකරන කොට අපේ නායකයින්ගේ (ජනාධිපතිවරුන්ගේ) මොලේට අගුල් වැටෙනවා. එම නිසා මොලය වැඩ කරන්නේ නැහැ.
එක වෙලාවක හොරු අල්ලන්න කියල බනිනවා. තවත් වෙලාවක හොරු අල්ලන්නේ නෑ කියලා බනිනවා. තව වෙලාවක හොරු එක්ක "ඩීල්" තියෙනවා කියලා බනිනවා. ආපුදා ඉඳලා බැන බැන ඉන්නවා විතරයි. කරපු දෙයක්වත්, කරන්න පුළුවන් දෙයක්වත් පෙනෙන්න නැහැ. හැම දේකටම බැන බැන ඉන්නනම් අති දක්ෂයෝ. සුනිල් මහත්තයෝ... මේ ගොල්ලන්ට ඔය පරණ බයිලා එක නවත්තලා හොඳ සින්දුවක් කියන හැටි කියලා දෙන්න බැරිද ?
ටෙලියේ උච්චතම අවස්ථාව. උඩටම උස්සල අතාරින්නයි හදන්නේ. ජනතාවට පේන්න විවේචනය කරලා වැඩේ පත්තුවෙන්න ලං වෙනකොට මගහරින දර්ශනය. පිටපත මෛත්‍රි, නිෂ්පාදනය රනිල්, අධ්‍යක්ෂණය අනුර, ප්‍රධාන නළුවා විජිත...
හොරුන් වර්ගකර ජනාධිපතිතුමාට ලැයිස්තුවක් යවන්න. 2015 පෙර සිටි හොරු, 2015දී අල්ලනවා කිව්ව හොරු, 2015න් පසු හොරු ,දැනට කොමිසන් සභාවලින් වරදකරුවන් කර නඩුපැවරිය යුතුයි... නම් කර ඇති හොරු යනාදී වශයෙන්....
අපේ මිනිස්සු මරණාධාර සමිතියේ නිලවලට, පාසල් සංවර්ධන සමිතියේ නිලවලට ජවිපෙ අය දානවා. හොර වැඩ නැති බව දන්න නිසා. හැබැයි පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට යවන්න කැමති නැහැ. මොකද තමන්ට හොර බොරු කරලා කීයක් හරි හොයා ගන්න දෙන්නේ නැති වෙනවට බයයි. කසිප්පු පෙරලා අහු වුණාම බේරා ගන්නේ නැති බව දන්නවා. හොර පාරෙන් ජොබ් ගන්න, ස්ථාන මාරු ගන්න බැරි බව දන්නවා. අඩු ගානේ ඉස්කෝලෙට හොර පාරෙන් ළමයෙක්වත් දාගන්න ජවිපෙ කාරයෝ දෙන්නේ නෑ කියලා දන්න නිසා බලය දෙන්න බයයි. මොකද මිනිස්සු මන්ත්‍රීලා පත් කරගන්නේ ඔය වගේ වැඩවලටනේ...
ලංකාවේ දේශපාලකයන් යනු රටේ සම්පත් කොල්ලකන මංකොල්ලකාරී පිරිසක්. උගත්කමක් නැති රැකියාවකට සුදුසකම් නැති හල්පාරුවෝ ටිකක්. පෙබරවාරි 10 වෙනිදාට බලපත්‍රයක් දෙනවා හොරකම් කරන්න.
වජිර සහ අරුණ පෙරේරා හරියට හරි....................
ජවිපෙ අන්තිම බොරුකාරයෝ. කරන්නේ විවේචන විතරයි කිසිම ක්‍රියාවක් නෑ. හැම වගකීමක්ම කර ඇරලා අනුන්ව විවේචනය කර කර මිනිසුන්ව රවටනවා. එහෙම කරලා ශුද්දවන්තොයෝ කියල පෙන්නන්න හදනවා.