වැඩි ඡන්ද 46 කින් අගමැතිට ජය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එනු ලැබූ විශ්වාස භංග යොජනාව අද (04) වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය. 04 April 2018
මුව මස් ළඟ තබා ගත් කපුවාට 20,000 ක් දඩ කතරගම කඩවර දේවාලයේ ශිතකරණයක් තුළ දඩමස් තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් එම දේවාලයේ කපු මහතෙකුට තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනි රජපක්ෂ මෙනවිය රුපියල් 20,000/-ක දඩයක් අද (04) නියම කළාය. 04 April 2018
‘අපි විශ්වාස භංගයට පක්ෂයි‘ - ශ්‍රීලනිප ඇමැතිවරු 15ක් කියති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව ශ්‍රීලනිප මැති ඇමැතිවරු 15 දෙනෙක් පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ. 04 April 2018
අල්ලස් ගත්ත‘යි නිවාස අධිකාරියේ සැළසුම් නිලධාරියෙක් සැකපිට නිවාස සැළසුමක් සැළසුම් කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 40,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 15,000/-ක් ලබා ගන්නා අවස්ථාවේදී නිවාස සංවර්ධන අධිකාරීයේ සැළසුම් නිලධාරීයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. 04 April 2018
මහින්ද - නාමල් විශ්වාසභංග විවාදෙට තවම ඇවිත් නෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (4) සවස් වන විටත් විශ්වාස භංග යෝජනාවේ විවාදයට සහභාගී වීමට පාර්ලිමේන්තුවේ සභා ගැබට පැමිණියේ නැත. 04 April 2018
අල්ලස් ගත් අම්පාර අධිකරණයේ හිටපු ලේඛකාධිකාරී සහ ප්‍රධාන ලිපිකරු වසර 4 කට හිරේ අධිකරණය නියෝගයට අදාළ ඉදිරි කටුයතු කරදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 3,000/- ක අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වු අම්පාර දිසා අධිකරණයේ හිටපු ලේඛකාධිකාරී සහ එහි හිටපු ප්‍රධාන ලිපිකරුට වසර 04 බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔවුන්ට රුපියල් 6,000/- බැගින් දඩ ද නියම කළේය. 04 April 2018
අනධ්‍යයන සේවක වර්ජනය දිගටම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි චක්‍රලේඛය නිකුත් නොකළ නිසා අනධ්‍යයන සේවක වැඩවර්ජනය ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පවසයි. 04 April 2018
එජාප ප්‍රතිසංවිධානය ගැන විශේෂ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් සිදුකිරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අප්‍රේල් 7 සහ 8 දිනයන්හි පැවැත්වෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 04 April 2018
මහනුවර සිද්ධියට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හයක් ගැන විමර්ශන මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනකු ගැන පොලිසිය පරීක්ෂණ පවත්වන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 04 April 2018
ඡන්දය දීමෙන් වළකින බව රතන හිමියෝ කියති විශ්වාස භංගය යෝජනාව ගැන ඡන්ද විමසීමේදී තමන් වහන්සේ ඡන්දය දීමෙන් වැළකී සිටින බව අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ. 04 April 2018
ඇමැති නිමල් සහ එස්බී විවාදයට ඇවිත් නෑ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සමාජ සුබසාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා විශ්වාසභංග විවාදය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 04 April 2018
මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දඬුවම් සමාජ මාධ්‍ය ජාල, විවිධ වෙබ් අඩවි ඇතුළු ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදාහරින සහ අපහාසාත්මක පළකිරීම් කරන තැනැත්තන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 04 April 2018
එජනිපෙ පාගමන අවසන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහනුවරින් ඇරැඹු පා ගමන පස්වැනි දිනට අද (4) කිරිබත්ගොඩින් ආරම්භ කර මීට සුළු මොහොතකට පෙර බොරැල්ලෙන් අවසන් කෙරිණි . 04 April 2018
සෙත්සිරිපායේ ‘සම්පත් පියස‘ කසල මධ්‍යස්ථානය විවෘත කෙරේ සෙත්සිරිපාය දෙවැනි අධියර පරිශ්‍රයේ පිහිටි සම්පත් පියස කසල මධ්‍යස්ථානය විවෘත කිරීම අද(04) අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 04 April 2018
මුලතිව් ඉඩමක පැරා මෝටාර් උණ්ඩ 25ක් මුලතිව් - කේපාපිලව් ප්‍රදේශයේ ඉඩමක තිබී මිලිමිටර 81 වර්ගයේ පැරා මෝටාර් උණ්ඩ 25ක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. 04 April 2018
කැලිෆෝනියාවේ යූටියුබ් කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි යූටියුබ් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී කාන්තාවන් තිදෙනකුට වෙඩි තබා තුවාල සිදුකර සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ. 04 April 2018
සඳුදා සිට අලුත් කැබිනට්ටුවක් විශ්වාසභංගයෙන් පසු එළැඹෙන සඳුදා (9) නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 04 April 2018
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි පාර්ලිමේන්තුවේ අද (04) පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව හා ඒ අවට ආරක්ෂාව තර කර ඇත. 04 April 2018
’විශ්වාසභංගයට ඡන්ද විමසීමට එජාපය දැන් වුවත් සුදානම්’ - ඇමැති ගයන්ත එක්සත් ජාතික පක්ෂය දැන් වුවත් ඡන්ද විමසීමකට සූදානම් බව ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 04 April 2018
අ‘පුර අටමස්ථානය අසළ සතොස මත්පැන් හළ වසා දමයි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියට කිලෝ මීටරයක් පමණ දුරින් ජය ශ්‍රි මහ බෝධියට හා අටමස්ථානයට ආසන්නයෙන්ම වසර 16ක් අඛණ්ඩව පැවැති අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි සතොස මත්පැන් අලෙවිසල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා ඇත. 04 April 2018
අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (4) ජනාධිපති නිල නිවසේදී සිදුවිය. 04 April 2018
ඉදිරියේදී පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කීපය තුළ සිදු කිරීමට නියමිත බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි. 04 April 2018
මුව මස් සමඟ කපුවෙක් සැකපිට දඩයම් කරන ලද මුවෙකුගේ මස් සිය නිවසේ ශිත කරණයක දමා සඟවා සිටි පුද්ගලයකු ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 April 2018
ගලේවෙල ට්‍රැක්ටර්-ලොරි අනතුරින් අයෙක් මරුට දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුවාල ලැබු රියදුරු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 04 April 2018
ශ්‍රීලනිප මන්ත්‍රීන් අතර මත දෙකක් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්දය විමසන අවස්ථාවේ ගන්නා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර මත දෙකක් ඉදිරිපත් වී තිබේ. 04 April 2018
කුප්පි ලාම්පුව පෙරළි කාන්තාවක් මරුට කුප්පි ලාම්පුව ඇගට පෙරළීමෙන් ඇඳුම්වලට ගිනි ඇවිළි යාපනයේ ආනේකෝට්ටේ ප්‍රදේශයේ අවුරුදු 76 ක කාන්තාවක් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි. 04 April 2018
කැකිරාවේදී බසයකට වන අලි ප්‍රහාරයක්- 6ක් රෝහලේ දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී සුඛෝපබෝගී බස් රථයකට වන අලි රංචුවක් පහර දීමෙන් එහි ගමන් ගත් හත් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි. 04 April 2018
අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරමින් කතාව ඇරැඹීය. 04 April 2018
මුස්ලිම් කොංග්‍රසය අගමැතිට පක්ෂව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අද රාත්‍රී රැස්වුණු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ නායක රහුෆ් හකීම් මහතා පැවසීය. 03 April 2018
දෙවැනි ජාතික තරුණ සමුළුව කොළඹදී තිරසර සාමය සහ සංවර්ධනය සඳහා සංවාදයක් යන්න තේමාව කරගනිමින් දෙවැනි ජාතික තරුණ සමුළුව මේ මස 20 සහ 21 දෙදින කොළඹදී පැවැත්වේ. 03 April 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026