දඩයම් කරන ලද මුවෙකුගේ මස් සිය නිවසේ ශිත කරණයක දමා සඟවා සිටි පුද්ගලයකු ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුව මස් කිලේ 20 ක් සමඟ මස් දමා තිබු ශීතකරණය අත් අඩංගුවට ගෙනඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කතරගම දේවාල භූමිය ආසන්නයේ පිහිටි කඩවර දේවාලයක කපුවකු බවද පැවසේ.
ලුණුගම්වෙහෙර හා කිතුල්කොටේ වන ජිවි නිළධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදු කර ඇත.
කතරගම පුදබිම ආසන්නයේම සැරිසැරූ මුවකු මරා මේ අයුරින් සීත කරණයේ දමා ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් දෙවියෝන්ගේ සම්බන්ධීකරණ නිලධාරී නිසා මේ වගේ පව්කාර වැඩ කරට අවුලක් නෑ කියලා හිතුවද දන්නේ නෑ මු. කතරගම දේව අඩවියේ දෙවියෝ විකුණල කන ගමන් අහිංසක සත්තුත් මරල විකුණන මිනිස්සු....
හොඳ වැදගත් ප්රතිපත්ති ගරුක කපු මහත්වරුන්ට මෙය අපහාසයක් නොවේවා. මෙතෙක් කල් ජරා වැඩ කල මේ මස් වැද්දාගේ හැබෑ තත්වය දෙවියන්ම පෙන්වා දෙන්න ඇති.
කපුවා කපෝතියි ! ! ! මෙහෙම කපුවෝද, දෙවිඳුන් ඉදිරියේ අසරණයන් වෙනුවෙන් යදින්නේ? දේව පූජා පවත්වන්නේ? මෙය හැම කපු මහත්මයෙක් වෙනුවෙන්ම අදාල නොවේ !
හිතුවද දන්නේ නැහැ දෙවියන්ගෙන් ශේප්වෙලා ජරා වැඩේ කරගෙන යන්න? කොහොමත් කපුවෝ දෙවියන් විකුණගෙන තමා කන්නේ.