(ඩයනා උදයංගනී)
සමාජ මාධ්‍ය ජාල, විවිධ වෙබ් අඩවි ඇතුළු ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදාහරින සහ අපහාසාත්මක පළකිරීම් කරන තැනැත්තන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව එවැනි තැනැත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව තුළ ගත හැකි පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යන ආයතන වෙත දැනුම්දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මෙසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd