(උපාලි ආනන්ද)
අනුරාධපුර ජය ශ‍්‍රි මහ බෝධියට කිලෝ මීටරයක් පමණ දුරින් ජය ශ‍්‍රි මහ බෝධියට හා අටමස්ථානයට ආසන්නයෙන්ම වසර 16ක් අඛණ්ඩව පැවැති අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි සතොස මත්පැන් අලෙවිසල වහාම ක‍්‍රියාත්මක වන පරිදි වසා දමා ඇත.
සතොස ආයතනයේ සභාපතිවරයාගේ සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත මෙම මත්පැන් අලෙවිසල වසා දැමීමට තීරණය කෙරිණි.
වත්මන් බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා වෙළඳ අමාත්‍යවරයාව සිටි අවධියේ සිටම අනුරාධපුර සතොස මත්පැන් අලෙවිසල අනුරාධපුර මාර්කට් පෙදෙසින් ඉවත් කරන ලෙස ශ‍්‍රි ලංකා පාරමිතා බෝධී ආරක්ෂක සම්මේලනයේ සභාපති අනුරාධපුර බුද්ධගයා මාවත අංක 618/61/ඊ ලිපිනයේ ඉන්ද්‍රජිත් සේනානායක මහතා අමාත්‍යවරයාගෙන් අවස්ථා ගණනාවක් ඉල්ලීම් කළේය.
ඒ මෙම සතොස මත්පැන් අලෙවිසල ජය ශ‍්‍රී මහ බෝධියටත් අටමස්ථානයටත් ආසන්නයෙන් පිහිටා තිබීම ජය ශ‍්‍රී මහ බෝධියටත් අටමස්ථානයටත් අගෞරවයක් මෙන්ම නුසුදුසු බවත් පවසමිනි. මෙසේ වසා දැමුණේ අනුරාධපුර ජය ශ‍්‍රී මහ බෝ සමිඳුන්ට මෙන්ම අටමස්ථානයට ආසන්නයෙන්ම පිහිටා තිබූ මාර්කට් පෙදසේ සතොස මත්පැන් අලෙවිසලයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අනුරාධපුර මාර්කට් පෙදෙස සතොස ආයතනයේ සේවය කරන නිලධාරිනියක කියා සිටියේ අනුරාධපුර සතොස ආයතනය තුළ විවෘතව පැවැති මෙම මත්පැන් අලෙවිසල වසා දැමීම ඉතා සුදුසු බවයි.
වසා දැමුණු මත්පැන් අලෙවිසල මාසික ආදායම කොපමණ දැයි විමසූ විට ඇය සඳහන් කළේ සෑම මසකම රුපියල් කෝටිය ඉක්ම වන බවයි.
කෙසේ වෙතත් ප‍්‍රමාද වී හෝ අනුරාධපුර සතොස මත්පැන් අලෙවිසල වසා දැමීම කලෝචිත බවද පැවසු ඇය මෙම මත්පැන් අලෙවිසල වසා දමන ලෙසට කලක පටන් විවිධ පාර්ශව වලින් ඉල්ලීම් රැසක් ලැබෙමින් පැවැති බවද පැවසුවාය.
මීට පෙර ඉංග‍්‍රිසි පාලන සමයේ එනම් 1854 වසරේ අනුරාධපුර මාර්කට් පෙදෙසට ආසන්න දුම්රිය ස්ථානයේ මත්පැන් අලෙවිසලක් පැවැති බවත් එම මත්පැන් අලෙවිසල 1913 වසරේදී ශ‍්‍රිමත් වලිසිංහ හරිහ්චන්ද්‍ර තුමන්ගේ මැදහත්වීමෙන් වසා දැමූ බව ඉතිහාස තොරතුරු වල දැක්වෙයි 1913 වසරේ එම මත්පැන් හල වසා දැමුණු පසුව මාර්කටි පෙදෙසේ සතොස ආයතනය තුළ යළි මත්පැන් හලක් විවෘත කලේ 2002 වසරේදීය. ඒ රවී කරුනායක මහතා වෙළෙද අමාත්‍ය ධූරය දැරූ එක්සත් ජාතික පක්ෂ රජය සමයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේවෙතත් මෙය වෙන පෙදෙසක රජය විසින් ඇරඹිය යුතුයි. එසේ නොවුනහොත් මේ මුදල් බාල බඩු විකුණන හොර මුදලාලිලාගේ අතට පත් වෙනු නියතයි.
ඇයි මත්පැන්හල් විතරක්...? මස් කඩ, මාළු කඩ, කරවල කඩ, මාළු බයිසිකල්, බොරු කියන ටීවී, පත්තර, රේඩියෝ ඒවා හොඳද? මේකද බුද්ධාගම? මත්පැන් හල නිසා මෙතෙක් බුද්ධාගමට වුනු හානිය මොකක්ද? දැන් වෙන යහපත මොකක්ද? බුදුන් වහන්සේගේ ඉගැන්වීම එම ප්‍රතිපත්ති පිළිපැදීම මිස ප්‍රදර්ශනය කිරීම නොවේ.
ලංකාවේ තියෙන සෑම බාර් එකක් ම වහන්න ඕනේ.
ජනතාව නොදන්නවා වුනාට අපේ රටේ තිබෙන (අති විශාල නගර සභා) මහ නගර සභා. නගර සභා ප්‍රාදේශිය සභාවල ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නෙ මත්පැන් ආදායමෙන් ඒ නිසා කිසිම පාලකයෙක් මත්පැන් හල් වහන්නෙ නැහැ මෙය වහල තියෙන්නේ සතොස පාලක මණ්ඩලය ඔවුන්ට අපේ ප්‍රණාමය
රටේ බුද්ධාගම රැකෙන්නේ නැත්තේ ඇයි කියන එකයි, බුද්ධාගමට අපහාස වෙන්නේ මොකෙන්ද කියලයි ආණ්ඩුවට අවබෝධ වුන එක කොයි තරම් සතුටට කාරණයක්ද? පැරකුම් කියනවා වගේ ඔය ජරා මස්කඩ, කරවල කඩ, නිල නොලත් ගණිකා නිවාස, එහෙමත් වහල දැම්ම නම් සතොසට විතරක් නෙමෙයි මුළු ආණ්ඩුවටම සන්තෝස වෙන්න පුළුවන්.
බාර් එක වහපු නිසා ප්‍රතිචාර දාන බේබද්දන්ට තරහ ඇවිත්. ඒක වහපු එක හොඳයි. මුස්ලිම් රටවල වගේ බීම තහනම් කරන්න ඕනෑ.
ඒ වහලා තිබෙන්නේත් සතොසේ මත්පැන් හල. යාලුවන්ගේ ඒවා කොහොමද?
අටමස්ථානයට ලඟින් පිහිටා තිබීමේ න්‍යාය මත අයත්වෙන බවුන්ඩ්‍රිය - සීමාව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති අතර හෙට අනිද්දා කවුරු හෝ කෙනෙක් විසින් අටමස්ථානය පිහිටා ඇත්තේ ශ‍්‍රී ලංකාව තුල නිසා ශ‍්‍රී ලංකාවේ සියලුම මත් හල් තහනම් කිරීමට යෝජනාවක් ගෙන ආවොත් පුදුම නොවන්න. නොම්මර එකේ සාම්ප්‍රදායික අයෙක් වන ජනාදිපතිවරයා අමතක කලත්, දරුණු ලිබරල්වාදයක් සඳහා පෙනී සිටිනවා යැයි කියන එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුත් ඒවා අනුමත කිරීමට සැදී පැහැදි සිටියි.