යෝෂිත හෙට එෆ්සීඅයිඩියට ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශයේ ඉඩම් මිළදී ගැනීම සහ එක් ඉඩමක සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට යෝෂික රාජපක්ෂ මහතා අඟහරුවාදා (12) මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව පොලිසිය කියයි. 11 September 2017
විසා නැතිව සිටි චීන ජාතිකයන් දෙදෙනක් අත්අඩංගුවට විසා නොමැතිව කොල්ලූපිටිය නගරයේ සැකකටයුතු ලෙස රැදී සිටි චීන ජාතිකයින් දෙදෙනක් අද (11) අලුයම අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි. 11 September 2017
‘ෆොන්සේකා දෙමළ බෙදුම්වාදීන්ගේ එකම ගැලවුම්කරුවා වෙලා‘ - ගම්මන්පිල දෙමළ බෙදුම්වාදීන්ට අට වසරක් පුරා ඔප්පුකර ගැනීමට බැරිවූ යුද අපරාධ පිළිබඳ පදනම් විරහිත කරුණ ඔප්පු කර ගැනීමට ආණ්ඩුව සරත් ෆොන්සේකා කරළියට ගෙන ආවේද යන සාධාරණ සැකය මතු වන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 11 September 2017
බදාදා බැඳුම්කර කොමිසමට එන්නැයි අර්ජුන් ඇලෝසියස්ට නියෝග පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස්ට ලබන බදාදා (13) කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස බැඳුම්කර කොමිසම අද(11) ඔහුට නියම කළේය. 11 September 2017
සිල්රෙදි නඩුවට ඇපෑලක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් කෝටි 60කට අධික මුදලක් වියදම් කොට සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වරදකරුවන් කොට වසර තුන බැගින් සිර දඬුවම් නියම වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහත්වරු මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අද(11) අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනු කළහ. 11 September 2017
‘මගේ නියෝගයක් නිසා ලලිත් - අනූෂ නිකරුණේ දඬුවම් විඳිනවා‘ - හිටපු ජනපති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනෙක් අද(11) වැලිකඩ බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර රෝහලේ සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුවදුක් විමසූහ. 11 September 2017
‘බුදු දහම රැකීම හා සිල් රෙදි බෙදීම අතර සම්බන්ධයක් නෑ‘ බුද්ධාගම රැකීම සහ මහජන දේපළ අවභාවිතා කර සිල් රෙදි බෙදාදීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒවා හොරුන් ආරක්ෂා කිරීම සඳහා හොරුන්ම ගොතන ප්‍රබන්ධ බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ අද (11) කොළඹදී පැවසූහ. 11 September 2017
කෙහෙළියට හා හිටපු මුද්‍රණ සංස්ථා සභාපතිට ඇප හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය. 11 September 2017
ලක්ෂ විසිහයක් හොරෙන් චීනයට ගෙනියන්න ගිය අයෙක් අත්අඩංගුවට රුපියල් විසි හය ලක්ෂ පනස් දෙදහසක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු (54) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 11 September 2017
විල්පත්තු වන විනාශය ගැන ජනපති කොමිසම අදහස් විමසයි මන්නාරම විල්පත්තු ජාතික වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිති. 11 September 2017
ථූපාරාමය ගැන සඳහන් පැරණිම සෙල් ලිපිය අනතුරේ ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදි කළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථුපාරාමයේ නම සඳහන් ආදිතම සෙල් ලිපිය වන පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර ඇත. 11 September 2017
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට මීට සුළු වේලාවකට පෙර පැමිණියේය. 11 September 2017
නායගිය වේවැල්වත්ත රත්නපුර පාර හදන්න පමා වේ නායයාමෙන් හානියට පත්වූ රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ පස් ඉවත් කිරීම අනතුරුදායක බැවින් එය තව දින කිහිපයක් ප්‍රමාද කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් බව ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී ඉංජිනේරු අභීත වනසුන්දර මහතා පැවසීය. 11 September 2017
සිල්රෙදි නඩුවේ වන්දිය ගෙවන්න ඒකාබද්ධය සැරසෙයි සිල් රෙදි නඩුවෙන් වැරදිකරුවන් වී සිර ගත කරනු ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ අනූෂ පැල්පිට මහත්වරුන් වෙනුවෙන් අධිකරණයෙන් නියම කළ වන්දිය ගෙවීමට මැදිහත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි. 10 September 2017
සීඅයිඩිය පොලිස් ලොක්කන් තිදෙනකු යටතට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසිය භාරව ප්‍රධානීන් තිදෙනකු පත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 10 September 2017
රටේ තුනෙන් එකක වකුගඩු ලෙඩ - ජනපති රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක වකුගඩු රෝගය පැතිර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොරොව්පොතාන රිටිගහවැව ගම්මානයේදි අද පැවසීය. 10 September 2017
මැදිරිගිරියේ දැරියක් “මෛත්‍රී සීයා“ සොයා දුවයි “ වැවක් සමග ගමක් ” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කවුඩුල්ල මිරිස්හේන ගම සංවර්ධනය සදහා අළුතින් ඉදි කිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල් ගල තැබීම සහ ධීවර ආම්පන් බෙදාදීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවට ආ පුංචි දැරියක එකවරම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක ජනාධිපතිවරයා දෙසට දිව ගියේය. 10 September 2017
ෆොන්සේකාට විරෝධය පාමින් පල්ලේපොල රණවිරු සංසදයේ සභාපති ඉල්ලා අස්වෙයි හිටපු යුද හමුදාපති හා වර්තමාන අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට විරෝධය පළකරමින් තමන් රණවිරු සේවා අධිකාරියේ පල්ලේපොල රණවිරු සංසදයයේ සභාපති ධුරයෙන් ඉවත් වෙන බව එම සංසදයේ සභාපති ඩබ්ලිව්. ඒ . ජී .සරත් ගුණවර්ධන මහතා කියයි. 10 September 2017
ෆොන්සේකාගේ ප්‍රකාශය ගැන විග්නේෂ්වරන්ටත් සැකයක් ඇති - හිටපු ජනපති මහින්ද හිටපු හමුදාපති ජගත් ජයසුරිය මහතාට එරෙහිව සරත් ෆොන්සේකා මහතා කරන ලද ප්‍රකාශය හිටපු හමුදාපතිවරයකුගේ ප්‍රකාශයක් වීම හේතුවෙන් විග්නේෂ්වරන් මහතාට ද ඒ ගැන සැකයක් මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 10 September 2017
මියන්මාර ඝාතනවලට එරෙහිව විරෝධතාවක් මියන්මාරයේ සිදු කරනු ලබන මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව හා ඉන්දියාවේ නීට් අධ්‍යාපන ප්‍රවේශ විභාගය වහා අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ සාධාරණත්වය උදෙසා වු කඳුකර ජනතා ව්‍යාපාරය අද (10) මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී විරෝධතාවක නිරත විය. 10 September 2017
බාර වූ කොටින්ට විෂ එන්නත් නොකළ බව තහවුුරුයි - සත්‍යලිංගම් අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් කිසිදු කොටි සාමාජිකයකු හට විෂ එන්නත් ශරීරගත කර නොමැති බව තහවුරු වූ බව උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා පවසයි. 10 September 2017
ඩීසල්-පෙට්‍රල් වාහන නිෂ්පාදනය නැවතීමට චීනයේ අවධානය සාම්ප්‍රදායික ඉන්ධන වර්ග යොදා ගන්නා වාහන අලෙවිය නතර කිරීම සම්බන්ධයෙන් චීනයේ අවධානය යොමු වී තිබේ. 10 September 2017
ලක්ෂපාන වාන් දොරටු 02ක් ඇර යළි වසා දමයි මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු කඩින් කඩ අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් තුන බැගින් අද (10) උදෑසන 9.00 සිට 11.00 දක්වා පැය දෙකක කාලයක් විවෘතව තිබිණි. 10 September 2017
ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණයක් මව්බිම අස්ථාවර කිරීමේ මූලාරම්භය මේ වන විට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා දියත් කර ඇති බව පවසමින් සහ එයට විරෝධය පළ කරමින්, රණවිරු සහයෝගීතා එකමුතුව අනුරාධපුර නව බස්නැවතුම්පොළේදී අද (10) උද්ඝෝෂණයක් කළේය. 10 September 2017
මාගම්පුර වරාය සේවකයෝ දේව කණ්නලව්වක තම රැකියාවන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුයුක්ත කරන මෙන් ඉල්ලමින් හම්බන්තොට වරාය අධිකාරියේ විවිධ වෘත්තියන්ට අයත් සේවකයෝ අද (10) කතරගම මහා දේවාලයට පැමිණ දේව කණ්නලව්වක් කළහ. 10 September 2017
විදුලි බිල වැඩි කරන්නැයි ඉල්ලයි ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස විදුලිය ගාස්තු ඉහළ නංවන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට යෝජනා කර තිබේ. 10 September 2017
‘සිල් රෙදි බෙදන්න රාජ්‍ය කමිටුවක් නිර්දේශ කරලා ‘ සිල් සමාදන් වන බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි ලබා දිය යුතු බවට ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ජයන්ති මහොත්සවය සදහා පත් කළ රාජ්‍ය කමිටුව නිර්දේශයක් ලබා දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 10 September 2017
සෙංගමාලය ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලට තවත් මාත්‍රාවක් සෙංගමාලය බී සදහා වන ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලට උපතේ දී ලබාදෙන මාත්‍රාව ද ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 10 September 2017
පෝරුතොටින් නාඳුනන මළ සිරුරක් මීගමුව කොච්චිකඩේ පෝරුතොට මුහුදු තීරයේ තිබී හඳුනා නොගත් මළ සිරුරක් මීට සුළු මොහොතකට පෙර සොයාගත් බව කොච්චිකඩේ පොලිසිය පවසයි. 10 September 2017
කැනියොන් ජලාශයේ වාන් දොරටු 2ක් අරියි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (10) උදෑසන සිට විවෘත කර ඇතැයි මස්කෙළිය පොලිසිය පවසයි. 10 September 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026