(ජූඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු)
විශ්වාස භංග යෝජනාව ජය ගැනීමේ ප්‍රීතිය සැමරීමට ගිය එක්සත් ජාතික පාක්ෂිකයින් තිදෙනෙකු කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව උඩප්පුව පොලීසිය කියයි.
සිද්ධියෙන් මෝටර් රථයකට සහ යතුරු පැදියකට හානි සිදුවී තිබේ.
මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත.
තුවාලකරුවන් දෙදෙනෙකු හලාවත මහ රෝහලට ද, තවත් පුද්ගලයෙක් උඩප්පුව ග්‍රාමීය රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටියි.
විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමඟ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභිකයකුගේ ආධාරකරුවන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් විනෝද වෙමින් සිටින අතරතුර ගැටුම සිදුවී ඇති බව පොලිසිය පවසයි.
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් හරක්, මේක නාටකයක් විතරයි කියලා තේරෙන්නේ නැති හැටියක්.
මෙන්න නියම වහල්ලු. අවුරුදු 70ක් තිස්සේ ගොන් වැඩ කර කර ඉන්නවා, රට එක තැන පල් වෙනවා.
විශ්වාසභංගයේ පරාජය නිසා රට ජාතිය දෙකම මෝචරියේ
පොහොට්ටුව පහුගිය පළාත් සභා මැතිවරණයෙන් දිනනකොට හැම නගරෙකම අධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් ජයග්‍රහණය සැමරුවා. ඒකට කවුරුවත් බාධා කලේ නැහැ. හැබැයි ඒගොලොන්ට වෙන අය එක කරනවා දැක්කහම ඇහේ කටු අනිනවා වගේ ...
මේ වගේ මෝඩයෝ ඉන්නකන් මේ රට දියුණු වෙන්නේ නෑ.