(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විශ්වාසභංග යෝජනාවෙන් නිසැකවම නිමා වන්නට තිබුණු අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ගමන මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ බැඳුම්කරේ මුදල් නිසා වැළකී ගියේයැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රණතුංග මහතා මෙසේ ප‍්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී අද (5) මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.
රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
රනිල් එලවීමේ සටන පාර්ලිමේන්තුවේ දී පරාජය වුවා කියා අධෛර්යමත් වන්නට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැහැ. රනිල් මෙන්ම රනිල් ආරක්ෂා කරන බලවේගයන් ද අතුගා දමන සටන ජනතා සහභාගීත්වයෙන් යුක්තව පාරට ගෙන එන්නට අපි සූදානම්ව ඉන්නවා.
අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කළා කියලා එක්සත් ජාතික පක්ෂයට උඩ යන්න කිසිම හේතුවක් නැහැ. මොකද අපි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ තුනෙන් දෙකකටත් වැඩි බලයක් තිබුණු ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිවයි. අපි හැප්පුණේ අපිට වඩා තුන් ගුණයක් මන්ත‍්‍රීවරුන් සිටින ආණ්ඩු පක්ෂයක් එක්කයි.
හැබැයි අපේ මන්ත‍්‍රීවරුන් පනස් ගාණක් අත්සන් කරලා ඉදිරිපත් කරපු ඒ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව හොලවන්න අපිට පුළුවන් වුණා. පසුගිය සති දෙකක කාලය දිහාවට ආපහු හැරිලා බැලූවොත් පෙනෙයි ආණ්ඩුව වෙඩි කාපු ඌරෙක් වගේ විශ්වාසභංගයෙන් ජයගන්න දගලපු ආකාරය. අන්තිම මොහොත වෙනකම් රනිල් උන්නැහෙවත් විශ්වාස කළේ නැහැ දිනන්න ලැබෙයි කියලා.
ආණ්ඩුව විතරක් නෙමෙයි අපි කරපු වැඩෙන් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ සල්ලි ගසුත් හොලවන්න අපිට පුළුවන් වුණා. මේ විශ්වාසභංග යෝජනාවේ ප‍්‍රතිඵලය මුදල් මත තීන්දු කෙරුණු එකක්. සමහර මන්ත‍්‍රිවරුන් කියනවා ඒකාබද්ධ විපක්ෂය පරාදයි කියලා. හැබැයි මහත්වරුනේ සල්ලිවලට හෘදය සාක්ෂිය පාවා දීපු තමුන්නාන්සේලා පැරැද්දුවේ ඒකාබද්ධ විපක්ෂය නෙමේ මේ රටම කියන එක මතක තියාගන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ඇතුළු අනිත් පොදුජන පෙරමුණේ අයගේ උප්පරවැට්ටිය හරි ගියේ නැහැ නේද? නිකන් දොඩවන්න එපා
අනේද කියන්නේ වෙන මොන කියන්නද නේද
මෝඩ වැඩේ දෙල් වුනාට පස්සෙ කියන්න දේකුත් තියෙන්න එපායැ.
හිතේ දුකට කියවෙන කවි
නිකම් බොරු කියන්න එපා සර්, ජනාධිපතිතුමාට විශ්වාස භංගේ පරද්දන්න ඕනේ වුනානම් එතුමාගේ පක්ෂේ ඇමතිවරු රොත්තක්ම විශ්වාස භංගේට පසුව ඡන්ද ප‍්‍රකාශ කරේ මොකද??
නටන්න බැරිවෙනකොට පොලොව ඇදයි කියනවලුනෙ.
ශ්‍රීලනිපෙ මන්ත්‍රීන් බහුතරයකට නැවත දිනන්න බැහැ. ඒක නිසා පාර්ලිමේන්තුවේ සංයුතියේ ලොකු වෙනස්කම් කරන්න බයයි. එතකොට අගමැති ආරක්ෂා සහිතයි. මහින්ද ජවිපෙ 40ක් එක්ක දිව්වෙත් මේ විදියට තමයි.
දැන් ඉතින් බයිලා කියවනවා
කිතුලට නැග්ග කෙනාටත් උත්තරයක් තිබ්බා නේ. දැන් ඉතින් කයිවාරු ගැහැව්වා ඇති. ඔබ තියා එකාබද්දේ අය කියන කිසිම දෙයක් දැන් ජනතාවගේ බහුතරයක් ගණන් ගන්නේ, පිළිගන්නේ නැති තත්ත්වයකුයි ඔබ කණ්ඩායම ඇති කරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් ඔබ පසුපසින් එන ඔබ කළ බවට එල්ලවී ඇති චෝදනා වලින් ගොඩ යාමට සැකසුන සැලැස්ම ලත් තැනම ලොප් වීම නිසා දැන් අමුතු කතා නිබන්ධනයක යෙදෙන බව පැහැදිලියි. කෙසේ වෙතත් ඔබතුමන්ට නඩුවලින් ගොඩ යන විදිහ ගැන අවධානය යොමු කලොත් හොඳයි නේද ,
කව්රු කොහොම කිවුවත්, සිද්ධ වෙන දේවල් නම් පිළිකුල් සහගතයි.
ඉතින් ඔය යෝජනාව හැදුවේ, ගෙනාවේ, ඡන්දෙ දෙන්න උනන්දු කලේ එතුමා නොවේනම් වෙන කවුද?
මේක ජෙහාන් ගේ ප්ලැන් එකක්
ආණ්ඩුව කරන්න දීලා පැත්තකට වෙන්න අවුරුදු තුනක්ම අපි බලාගෙන හිටියා. අපේ රටේ අවුරුදු පහක්ම මේ කතා නිසා නාස්ති වේවි