(මුදිතා දයානන්ද)
විශ්වාසභංග යෝජනාවලිය සම්බන්ධ ක්‍රියාවලියෙන් අපේ රටේ දේශපාලනයේ කැත මජරකම පෙන්නුවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පැවසීය.
දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.
‘විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමේ සිට ඒ සම්බන්ධ ඡන්ද විමසීම දක්වා සිදුවු ක්‍රියාදාමය දිහා බැලූවාම අපේ රටේ දේශපාලනයේ කැත මජරකම හොඳටම පෙන්නුම් කරනවා.
විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ අය ඡන්දය දෙන්න එන්නේ නැහැ. විශ්වාසංගයට පක්ෂව අගමැතිට එරෙහිව දැඩි විවේචනයක් ගෙනාපු අය පක්ෂව ඡන්දය දෙන බවට මාධ්‍ය සාකච්ඡා පවා කළ අය අවසානයේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දේ දෙනවා. විශ්වාසභංගය භාරදෙන්න පවා ආපු මහින්ද රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ හෝ විශ්වාසභංගය සම්බන්ධ විවාදයේදී එක වචනයක්වත් කතා කළේ නැහැ. අපි එදා සිටම කිව්වා විශ්වාසභංගයට පක්ෂව ඡන්දේ දෙනවා කියලා. කිව්වා වගේම දුන්නා. අපේ විවේචනයත් ඉදිරිපත් කළා. ඒ යෝජනාවේ අඩංගු නැති කරුණුත් අපි අපේ පැත්තෙන් ඉදිරිපත් කළා.
මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි මේ විශ්වාසභංගය යෝජනාව ගෙන ඒමේ පුරෝගාමියා. නමුත් ඔහු අසමත් වුණා රටම කෙසේ වෙතත් අඩුම තරමින් තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු ටිකවත් එක මතයකට ගේන්න. තමන්ගේ පක්ෂයවත් තමන්ට ඕන ලෙස හසුරුවා ගන්න බැරි නායකයෙක් කොහොමද රටට නායකත්වය දෙන්නේ.‘
(ඡායාරූප -චතුර එස් කොඩිකාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය එසේ කලේ කවුරුන්ද යන්න ජනතාව ඉදිරියේ නොපැලිකිව කියන්නේනම් ගොඩක් වටින්නේය
කැත මජරකම නැත්තේ ඔය සහෝදරයින්ට කඩේ යන කට්ටියගේ විතරද? පක්ෂව ඡන්දෙ දුන්න හැමෝම කැත මජරකම නැති අයද? අනේ සහෝදරයා, ගිය කලක හැටි!
මෙතුමාගෙ කාතව අහපුවම විශ්වාසභංගේ අගමැතිට විරුද්දව ගෙනාපු එකක්ද, මහින්දට විරුද්දව ගෙන්නපු එකක්ද කියලා හොයා ගන්න බැරිවුනා.
අපිත් හිතන් හිටියෙ ජවිපෙ රටට වැඩක් කරන්න සැබෑ උවමනාවක් තිබෙන පක්ෂයක් කියල දැන් බැලුවම මෙයාලත් නිකම්ම කයිවාරු විතරයි. රනිල් පරද්දන්න කලින් එතන තිබුන සැබෑ වුමනාව කාගෙද කියල හොයන් නැතුව විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දුන්නෙ මෙයාලත් මේවට හවුල් නිසා.ඒ කියන්නෙ මහින්දට කඩේ ගියා.
දැන් මේ රටට ඇති එකම බලාපොරොත්තුව ඔබ පමණයි. 2020 ජනාධිපතිවරණයේදී ගෝඨාභයට පැරදවිය හැකි එකම පොදු අපේක්ෂකයා ඔබයි. සිංහල, දෙමල, මුස්ලිම් සැමගේ විශ්වාසය දිනාගත හැකි ඔබට පමණයි.
ජවිපෙ අයෙත් වතාවක් ඔප්පු කළා ඔවුන්ගේ දේශපාලන භාවිතාව කොයි තරම් බුද්ධිමත්ද කියලා. විමල්, ගම්මන්පිල බලාගෙන හිටියේ ජවිපෙ රනිල්ව ආරක්ෂා කරයි, ඊට පස්සේ දෙන්නම් ජවිපෙට බැටේ කියාලා.
අපෝ මෙයාගේ මේ කතා අහල දැන් ඇතිවෙලා තියෙන්නේ. මේ අය පහුගිය කැරලි ගණනාවකම කලේ රට අස්ථාවර කරන එකයි. දැන් බලන්න, පහුගිය ප්‍රාදේශීය සභා ඡන්දෙදි මේ අයට මොකද වුනේ.හැමදාම හිටපු තැනමනේ.
මම ජවිපෙ පාක්ෂිකයෙක් නෙවෙයි. ඒත් මේක මසුරන් කියමනක්...
කූඹියෝ බලපු නිසා හොඳයි, මේවා නාටක කියල දන්නවා
කූඹියෝ බලපු නිසා දන්නවා ඕවා නාටක කියලා. හැබැයි හිතුවට වඩා නියමෙට වුනා.
සැබෑ ජයග්‍රහකයන් රාජපක්ෂවරුන්... ඔවුන්ට අවශ්‍ය දේ වුණා...
සහෝදරයා අපේ රටේ ජනතාවත් ඔහොමයි. වංචා කලාට,හොරකම් කළාට,ස්ත්‍රී දූෂණ කලාට ,ජඩකම් කළාට ඒ අය ප්‍රතික්ෂේප කරනවාද? නැහනේ ජනතාව ඒවාට ආදරෙයි. ඉතින් ඒ අයගේ අපේක්ෂකයින් එහෙම හැසිරෙන එක වැරදිද? ඒක තමා ජනතා අපේක්ෂාව කියන්නේ. ඔයාලට ඡන්දේ දීලා රට සාධාරණ ක්‍රමේකට ගියොත් කොහොමද අපි අපේ ළමයින්ට කොහොම හරි රස්සා හොයලා දෙන්නේ. අඩු ගානේ ලොක්කන්ට පගාව දීලා වැඩක් කර ගන්න පුළුවන් ද? අඩු ගානේ සුදුස්සන්ව කපලා අපේ ළමයි ඉස්කෝලෙකට දාන්න පුළුවන් ද? අනේ නිකන් යන්න සහෝදරයා අපිට ඔය ප්රජාතන්ත්රවාදි ධනවාදි සමාජවාදි ඔය මොකවත් එපා. මේ යන විදිය හොදා.
සහෝදරයා මක්සිම් ගෝර්කිගේ අම්මා නවකතාවේ පළමු පරිච්ඡේදය කියවන්න. මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය ඔහොම තමයි. ජනතාව නිවැරදි මගට ගන්නා දැනුවත් කිරීම් නිසිලෙස නොකිරීම ගැන ඔබ සහ මම අපටම දොස් කියා ගනිමු. වරද අනෙකාගේ වූ විට ඔහුව වෙනස් කළ යුතුයි. එය අසීරුයි. වරද මගේ නම් වෙනස මා ළග නිසා වෙනස කළ හැකියි. මේ සිද්ධිය වරදක් එහිදී අප කළ වරද කුමක් ද? එය හදුනා ගත් විට නිවැරදි වීම පහසුයි.
මෙයාලත් කර ඇරගෙන හිටියේ හිටපු ජනාදිපති ඡන්දය දෙන්න ආවෙ නැති වුනාම උඩ පැන පැන මඩ ගහන්න. අන්තිමට ඇවිත් ඡන්දය දුන්නම දැන් කියනවා කතා කලේ නෑලු. කතා කලානම් කියාවි ඕනි හේතුව කිව්වේ නෑ කියල. අපි දන්නවා ඔබතුමාලත් අනිත් අයගේ රංගනවලට දෙවෙනි නෑ කියල.
සනත්, හීනෙන් නැගිටින වෙලාව ඇවීත්
ඔබගේ කාලයේ තුල වැඩියෙන්ම විවේචනය කලේ මහින්දව මිසක් රනිල්ව නොවෙයි.
මේ විශ්වාස භංගයේදී ඇත්තටම වාසි ගත්තෙ මහින්ද. මොකද මහින්ද දැනගෙන හිටියා රනිල්ට පක්ෂව සුලු පක්ෂ මන්ත්‍රි වරු සහාය දෙනවා කියල. ඒ නිසා මහින්දට ඕනේ වුනේ ශ්‍රිලනිපෙ පහුගිය ඡන්දේදී ලබා ගත් 12% ඔහුගේ පක්ෂයට ගන්න. ඒක විශ්වාස භංගයේදී කෙරුනා. ශ්‍රිලනිපය දෙකට බෙදුනා. එම නිසා මින් ඉදිරියට තියෙන ඡන්ද සියල්ල 53% වඩා මහින්දගෙ පෙරමුන ගන්නවා.