ආරියරත්න රණබාහු,සහ සුජිත් හේවාජුලිගේ
පාසල් පැවැත්වෙන සතියේ දිනවල උදේ 7.30ත් සවස 1.30ත් අතර කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරිමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
මේ සඳහා කැබිනට් මණෟඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉතාම ඉක්මණින් ඉදිරිපත් කරන බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් බලෙන් කිසිවක් පැටවීමෙන් කිසිදු පලක් නොවන බව ඔබ තුමා කවදා තේරුම් ගනීවිද? ඉස්කෝලේ මග හැරලා පාසල් දරුවෙක් අමතර පන්තියකට යනවානම් එය ඔබතුමන්ටම ලැජ්ජාවට කරුණක් නිසා එය වහගන්න හදනවා කියලයි මට නම් හිතෙන්නේ. ඉස්කෝලේ හරියට උගන්නවානවානම් දරුවෙක් අමතර පන්තියකට වියදම් කරගෙන යාවිද ඇමති තුමා. ටිකක් හිතල බලන්න.
ගරු ඇමතිතුමනි, මෙය ඉතා විශිෂ්ට දෙයක්. ඒ වගේම පාසල්වලට ගුරුවරු සහ අනෙකුත් අවශ්‍යතා සපුරලා පාසල්වල තත්වය උසස් කරන්න. ඉරිදා දිනයන්හි ටියුෂන් නතර කරලා දරුවන්ගේ අධ්‍යාත්මික වර්ධනය සඳහා කටයතු කරන්න. දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට දෙන්න වටපිටාව සකස් කර දෙන්න. ඔබ කළ විශිෂ්ඨ කාර්යක් වන දරුවන් අපොස සාපෙළ අසමත්වුනත් අවුරුදු 12 ක් පාසලේ තියාගෙන තාක්ෂණික විෂයන් ඉගැන්වීමත් ඉතාමත් හොඳ දෙයක්. විභාගේ අසමත් දරුවන් අයාලේ යන එක අඩුවේවි. රටට වැඩදායි වැඩි පිරිසක් බිහිවේවි.
හොද දේට හොදයි කියන්න ඕනිනේ. හැබැයි ළමයි පාසල් යන්නේ නැතුව අමතර පන්ති වලට යන්නේ ඇයි කියන එකටත් පිළිතුරක් දෙන්න. පාසලෙන් ලැබෙන අධ්‍යාපනය (විශේෂයෙන්ම උසස්පෙළ) යාවත්කාලීන නෑ කියන එක තමයි අදහස.
ගරු අධ්‍යාපන ඇමැතිතුමනි ඔබතුමාට අධ්‍යාපන ක්ෂේත්රය ගැන මෙසේ කීමට සිදුවීම ගැන කණගාටු වන්නෙමි. මන්ද අපරටේ තිබෙන නිදහස් අධ්‍යාපනයේ පහන් ටැඹ වන්වූ රජයේ පාසල් ක්ෂේත්රය දැනට වසර 20 හෝ 25 කට වඩා ඉහතදී පැවතුන පැවතුම් හා ක්‍රියාකලාපයන් අද සහමුලින්ම කණපිට හැරී අවසානය. එදා ගුරු මාතාවක් හෝ ගුරු පියතුමෙක් තම පාසලේ දරුවන් ගැන සිතු පැතු ආකාරයට අද සිතන්නේ මේ ක්ෂේත්රය සිටින අයගෙන් අතලොස්සක් පමණි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, මෙන්ම ශිෂ්‍යත්වයද ගත් කල බොහෝ පාසල් තම පාසල් දරුවන්ගේ විශිෂ්ට තාවයන් ගැන උදම් අන්නනුයේ දිවිහිමියෙන් ඒ අයගේ අනාගතය වෙනුවෙන් කැප වුන ලෙසිනි. එසේ කැප කරන ගුරු මාතාවන් පියවරුන් නැතුවාම නොවේ. නමුත් අතලොස්සකි. මේ විශිෂ්ටත්වය හෘද ශාක්ෂියට අනුව සොයා බැලුවොත් මේ දරුවන්ගේ ඒ ලබාගත් විශිෂ්ටත්වයේ ප්‍රණාමය අමතර පන්ති පවත්වන ගුරු මාතාවන් හා පියවරුන්ට සමසේ බෙදී යා යුතුය. ඒ විශිෂ්ටත්ව ලබා ගැනීමට දැරූ දහසකුත් කැප කිරීම් හා වියදම් ඒ දරුවන්ගේ දෙමාපියන් ඒ බව හොදින් දනී. නමුත් පාසලේ නම්බුව හා උසස් බව වෙනුවෙන් ඔවුන් නිහඩ වෙති. මන්ද රටේ පිළිගැනීම ලැබෙන්නේ රජයේ පාසැල නිසාවෙනි .
ඔබතුමා නොදන්නවා ඇති පාසල්වල නියමිත් වාරයට අදාල පාඩම් හරියාකාරව නිම නොකර පාසල් හා දරුවන්ගේ මනසට අවබෝධ කරගත හැකිවන ලෙස අධ්‍යාන කටයුතු කරලීමට හැකි අයවලුන් අද ඇත්තේ සුළු වශයෙනි. මෙය හේතුවක් ඇත. එනම් ක්ෂේත්රයේ සිටින ගුරුභවතුන්ට අතීතයේ ලැබුණා වූ ගුරු පුහුණු වැඩ මාලා අද එලෙස සිදු නොවීමයි. එසේම පාසල් අධ්‍යාපන පරීක්ෂකවරුන්ගේ සේවය නොමැති හෝ නිසි ලෙස ක්රියාවේ නොදීමයි. වාර අවසානයේ විභාගයට ලැබෙන සමහර ප්‍රශ්න වලට අදාල පාඩම් ඒ වනවිටත් දරුවන් හදාරා නොතිබීම ඛේදජනකය. නමුත් පුද්ගලික පන්තිවල මේවා නිම කර තිබීම තුලින් බෝහෝ දරුවන් ඒ අසරණ බවෙන් මිදෙනු ඇත. පාසල් වාර අවසානයේ නියමිත පාඩම් නිමකර ඇති දැයි සොයන්නෙක් නැති අතර විභාග ප්‍රශ්න පත්‍ර සාදන අයට එය කිසිම ගැටළුවක් ඇත්තේ නැත. එය කෙසේද බසයේ කොන්දොස්තර ටිකට් කැඩුවත් නැතත් රියදුරු ගමන නිම කරනා ලෙසිනි. මෙහිදී පීඩනයට පත්වන්නේ අසරණ දරුවන්ය. මේ තුලින් මා කියන්නට යන්නේ පාසල් කාලය තුල පුද්ගලික පන්ති පැවැත්විය යුතුය යන්න නොවේ. අප කල යුත්තේ රටේ අනාගතය බාර ගැනීමට පෙළ ගස්වන දරුවන්ට ගුණාත්මක හා විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීමට හැකි ගුරුවරුන් අධ්‍යාන ක්ෂේත්රයේ බිහිකළ යුතුය යන්නයි.
මේක හොඳ වැඩක් , සමහර ගුරාලා ඉස්කෝලේ කට් කරලා ටියුෂන් පන්ති දානව , ඩුබායි වල පෞද්ගලික පන්ති යෑම සපුරා තහනම්
පාසැල් වල අධ්‍යාපන කටයුතු නිසි පරිදි කෙරෙන බවට නිසි නියාමනයක් තියෙන්න ඕනෙ. එහෙම නැතිව මේ වගේ නීති දාලා වැඩක් නෑ. ගුරුවරු පාසැල් කාලේ නිසි පරිදි ඉගැන්වීම් නොකර ටියුෂන් පංතියට ළමයි ගෙන්න ගන්නවා. ටියුෂන් ගිය නැති ළමයා සදා අනාථයි. අනිත් පැත්තෙන් පාසැලේ පංති භාර ගුරුතුමියගේ පෞද්ගලික පංතියට නොයෙන ළමයාව ඉස්කොලෙදි කොන් කරලා දානවා. ඔකයි අද ලංකාවේ අධ්‍යාපන ක්රමයේ පවතින තත්ත්වේ.
පොඩි අත්හදා බැලීමක් කරන්න. එක පාසලක දරුවන්ට විභාගයට වසරකට පෙර පාසල් යාම නොකර ඉන්න දෙන්න. ඒ අයගේ ප්‍රතිඵල අනෙක් අයගේ ප්‍රතිඵල එක්ක සංසන්දනය කරන්න. අපි දැකලා තියෙනවා විභාගයට පෙර පාසලක ගුරුවරයෙක් හදිසි අනතුරක් රෝගයක් නිසා පාසලට දීර්ඝ කාලයක් නොපැමිණියොත් ඒ පාසලේ ඒ විෂයේ ප්‍රතිඵල අඩු වෙනවා. ළමයි ටියුෂන් යන්නේ ඇයි කියන එක පාසලේ අසාර්ථකත්වය නොවේ. ඕනෑ තරම් ටියුෂන් නොයන දරුවෝ ඉන්නවා පාසලේ පංතිවල ඉදිරියෙන්ම. මම එහෙම කියන්නේ මගේ පුතත් එහෙම නිසා.
මේක හොඳ වැඩක්, නමුත් පාසල් වල ගුණාත්මක අධ්‍යාපනයක් අවශ්‍යයි.
මේක හොඳ දෙයක්. පුළුවන් නම් පෞද්ගලික පන්ති සහමුලින්ම නවත්තන්න. පාසල් වලට කලාප මට්ටමින් වාර විභාග තියන්න. එතකොට උගන්නන්නේ නැති, ඉගෙනගන්නේ නැති පාසල් හොයාගන්න පුළුවන් ලබාගන්න ප්‍රතිපල වලින්. ඒවාට නියාමනයක් දාන්න ප්‍රතිපල වල අවමයක් දාල. මේක කරන්න පුළුවන්. හැම රටකම ටියුෂන් නෑ. ළමයින්ට ලොකු සහනයක් වෙයි මානසිකව වගේම කායිකවත්. ඒ අයට ළමා ලෝකේ ඉන්න දෙන්න පුළුවන්. දෙමවුපියන්ටත් ලොකු පීඩනයක් නැති වෙනවා වගේම ආර්ථික අතිනුත් වාසියි.