“අපි ඒ කාලේ රනිල්ට බැහැ කියල පෝස්ටර් එකක් ගැහුවා. රනිල්ට පුළුවන් නිසා තමයි එහෙම පෝස්ටර් ගැහුවේ. ඒකට අදට අවුරුදු 20යි. චන්ද්‍රිකා මැතිනියට තිබුණු ප්‍රධාන අභියෝගය නිසයි එහෙම පෝස්ටර් ගැහුවේ. අදත් තියෙන ප්‍රධාන දේශපාලන අභියෝගය රනිල් අගමැතිතුමයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන්න තියෙන ප්‍රධාන බාධකය රනිල් අගමැතිුමා නිසා පළමුව අගමැති යවන්න හදනවා. මේක දේශපාලන කුමන්ත්‍රණයක්. නමුත් මේ විශ්වාසභංගය රටේ වාසනාවට ගෙනා අයගේ අවාසනාවට දැනටමත් මේ යෝජනාව පරාජය වෙලා ඉවරයි. ශ්‍රීලනිපය 1982 දීත් 89 දීත් ජනාධිපතිවරණවල පොදු අපේක්‍ෂකකම දීමට ඒ පක්‍ෂයේ නායකයෝ කැමැති වුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 2015 දී මුළු පක්‍ෂයම පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් කැප කළා. එතුමා ඒ ගැන දෙපාරක් හිතුවේ නැහැ.
අපි හොරකම් කරන්න ආපු ආණ්ඩුවක් නම් ජවිපෙට කෝප් කමිටුවේ සභාපතිකම දෙනව ද? බොන්ඞ් වංචාව කිව්වට ඒ මුදල් දැන් සියල්ල තියෙනවා. එහි ශතයක්වත් රටට අහිමි වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේක රටේ ජනතාව නොමඟ යැවීමේ අසාර්ථක යෝජනාවක්.”
2025 දෙසැම්බර් මස 18
343
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේක දේශපාලන කුමන්ත්‍රණයක්