විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙගේ තරග ආරම්භ කරමින් අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනුෂා හංසනී ගෝමස් සමත් වූවාය.
ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 70 ක් එසවූ හංසනී, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 85 ක් එසවූවාය. ඇය විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 155 කි.
මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ චානු සයිකොම් (කිලෝ ග්‍රෑම් 196) විසින් දිනාගන්නා ලද අතර රිදී පදක්කම මුරුසියේ රෝලියා රනයිවසෝවා (කිලෝ ග්‍රෑම් 170) විසින් දිනා ගන්නා ලදී.
(036)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියණියනි ඔබට ජය හා තෙරුවන් සරණ පතමි. ඔබට මතු දිනයකදී රන්පදක්කමක් රට ලබා දීමට දිරිය ශක්තිය ලැබේවායි මා ප්‍රර්ථනා කරමි
ඔබ ගැන සන්තෝසයි. ඔබට සුභ පතමි.
දියණිය ඔබ රටට සම්පතක්. ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම්.
දැනට පදක්කම් දෙකක්ම දිනා ගත් දෙදෙනාටත් කණ්ඩායමේ සියලුම දරුවන්ට උණුසුම් සුභ පැතුම්. ජයවේවා.
සුබ පැතුම් ඔබට. ලංකාවේ තියෙන ජීවන බර අනුව ඔබලා ජය ගන්නව සිකුරුයි.
පුතේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!!!!
දුවේ ඔබ ගැන ආඩම්බරයි. තෙරුවන් සරණයි!
ප්‍රීතියි! ප්‍රීතියි. මේ දියණියගේ ජයග්‍රහනයෙන්ම ඔප්පු වෙනවා අපේ රටේ මිනිස්සු බර ඉසිලීමට උපන් හපන්නු බව! ඇයි, හත් වලාමේ, රටේ සයිස් එකේ හැටියට මදිද අපි උහුලන දේශපාලුවන්ගේ බර?