අංජුල මහීක වීරරත්න
විශ්වාස භංගය පරාජය කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.
ගංගාරාමාධිපති කොළඹ නව කොරළේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥාණිස්සර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කිරීමසඳහා සෙත් පිරිත් සජ්ඣායනා කළහ.
අනතුරුව අගමැතිවරයාට ආශිර්වාද කරමින් ගල්බොඩ ඥාණිස්සර නාහිමියන් පැවසුවේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසසංසා දුක සැප යන අටලෝ දහමින් කම්පා නොවන වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයට ඉදිරියේදී සත් පුරුෂ සත්‍ය ලැබෙනු ඇති බවයි.
මෙම පිංකමට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, මැති ඇමැතිවරු ද එක්ව සිටියහ.
ඡායාරූප - ශාන්ත රත්නායක සහ ළහිරු හර්ෂණ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීලගට මොකද කරන්නේ
අගමැතිතුමාට සුබ පැතුම්. රටට සහ ජනතාවට සුදුසු පාලනයක් ඇතිකරන්න.
අගමැතිතුමාට සුබ පැතුම්
ඉතිරිවෙලා තියන බැංකු ටිකත් කොල්ල කන්න වාසනාව ලැබේවා.
හරියට ජනාධිපතිවරණෙ දිනල වගේ.... පිට පිට මහජන චන්දෙන් පැරදිලා .... රජවෙලා වගේ... හිතන් ඉන්නේ..
රටේ සල්ලි තමයි මේගොල්ලෝ ඔක්කොම නාස්ති කරන්නේ. දැන්වත් රට දියුණු කලොත් නේද හොද
කවද්ද රට හදන්නේ ?.....
කව්රු මොනවා කෙසේ කිවත් උගත් බුද්ධිමත් නායකයකු වන රනිල්ගේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයට හා සමානව මුළු ලංකාවටම අතිශයින්ම වැදගත්ය. විශ්වාස භංගය දිනීමෙන් පසු දැන් පැමිණ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ රනිල්ගේ නායකත්වය ශක්තිමත් කිරීම ඉතාම වැදගත්ය. රනිල්ගේ දුරදක්නා නුවන සහ දේශපාලන අත්දැකීම් වලින් රටට වැඩක් කර යුතුව ඇත. නුතන ලංකාවේ තිබෙන කිසිම දේසපාලන පක්ෂයට නොමැති උගත් බුද්දිමත් වටිනා නායකයකු එක්සත් ජාතික පක්ෂයට සිටින්නේය. ඔහු ආරක්ෂා කර ගැනීම සියලු එක්සත් ජාතික පාක්‍ෂිකයාගේ මෙන්ම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමකි. ඔහුට බනින්නේ සහ නායකත්වයෙන් එළවීමට උත්සහ කරන සියලුදෙනා දැන හෝ නොදැන කරනු ලබන මේ මෝඩ ක්‍රියාව වහා නවතා දැමිය යුතුය. එතුමාට සමාන කළහැකි උගතකු, බුද්දීමතකු එක්සත් ජාතික පක්ෂයේ තබා රටේවත් නොමැත. එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු සියලු දෙනාම එක්සත් යන නමට මුල්තැනදී කටයුතු කිරීම මින් ඉදිරිට කල යුතුය. කතා කලයුතුදේ ඇතුලේ කතා කරනවා මිස එලියට පැමිණ කිව යුතු නැත. ලංකාව ලොව ප්‍රබල දියුණු රටක් කිරීමට එතුමා දරන උත්සාහයට ශක්තියක් සහ අත්වැලක් වීම ඔබගේ යුතුකමකි, වගකීමකි.
උතුරු, නැගෙනහිර බෞද්ධ නටඹුන් මේ නායකයින් බලා සිටිද්දීම අන්‍ය ජාතිකයින් විනාශ කරනවා. මේ අය ඒවා දැක දැක ඔහේ බලන් ඉන්නවා. අනිත් අතට රට වලපල්ලට යනවා. පන්සල්වට එන්නේ හොඳ මිනිස්සු නෙමෙයිනේ...
උතුරු නැගෙනහිර බෞද්ධ නටබුන් මේ නායකයෝ බලා සිටිද්දීම අන්‍ය ජාතිකයෝ විනාශ කරනවා. මේ අය ඒවා දැක දැක ඔහේ බලන් ඉන්නවා. අනිත් අතට රට වලපල්ලට යනවා. පන්සල් වලට වද්දගන්න හොඳ අය නෙමෙයි.
අපේ රටේ පන්සල් වල තියන බුදු පිළිම ඉවත් කරලා දේශපාලකයින්ගේ පිළිම තිබ්බා නම් තමයි නියමෙටම ගැලපෙන්නේ. බුදුන් වහන්සේගේ දර්ශනය වෙනුවට, දේශපාලකයින්ගේ දර්ශනයටනේ පන්සලේ තැනක් තිබෙන්නේ. පිණ්ඩපාතේ වඩිනවා වෙනුවට දේශපාලකයින්ගේ පස්සෙන් යන්න තරම් මේ චීවරධාරියෝ අරාජික වීම ගැන අපට නම් ඇත්තේ පිළිකුලක්. මෙහෙම ගියොත් පණ පිටින් අපාගත වෙනවා!!!