“මගේ පාර්ලිමේන්තු දිවියේ 24 වසරක කාලය තුළ විශ්වාසභංග යෝජනා දැකලා තියෙනවා. නමුත් මේක පටන් ගන්නකොටම හුළං බැහැපු විශ්වාසභංග යෝජනාවක්. මේකෙන් හොඳ දෙයක් වුණා. ඒ තමයි එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබී තිබෙනවා. ඒක හොඳ දෙයක්.
බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අගමැතිතුමාට විරුද්ධව කිසිදු දෙයක් නැහැ. මේක රජය ඉලක්ක කරගෙන ආපු විශ්වාසභංගයක්. අගමැතිුමා එහි ඉලක්කයක් පමණයි. හිටපු නාධිපතිතුමා මේකට අත්සන් නොකිරීම ගැන ආතල් එකක් ගන්න කියල විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියල තිබුණා. නමුත් මම නම් හිතන්නේ ඒ ආතල් එකට වැඩිය දෙයක් තියෙනවා.
මේ විශ්වාසභංගයට ආණ්ඩුවේ මන්ත්‍රීවරු බිලිබා ගන්න ගත්තු උත්සාහයෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා. මේ සඳහා මහනුවර සිද්ධියත් ඇදගෙන මුස්ලිම් මන්ත්‍රීවරු බිලිබා ගන්න ගත්තු උත්සාහය මම තරයේ හෙළා දකිනවා. ඒ ගැන මගේ කනගාටුව පළ කරනවා. මේ ආණ්ඩුව රැක ගැනීම සඳහා අප කටයුතු කළ යුතුයි.
අප කොමිෂන් සභා ඇති කළා. ඒවා ස්වාධීනව කටයුතු කළා. ඒ ස්වාධීන බව පොලිසියේත් තිබිය යුතුයි. පක්‍ෂයේ අයට එහි නායකත්වය පිළිබඳ ඕනෑම තීරණයක් ගත හැකියි. එයට පරිබාහිර අය අත ගහන්න ඕන නැහැ.”
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මේක පටන් ගන්නකොටම හුළං බැහැලා