(දීපාල් සිල්වා)
කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ හොටලයක් ඉදිරිපිට දි මෝටර් රථයකට වෙඩි තැබිමකින් රථය තුළ සිටි ජර්මන් ජාතිකයකුට වෙඩි වැදිමෙන් බරපතල තුවාල සිදුවී කළුතර නාගොඩ රොහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කොස්ගොඩ පොලීසිය කියයි.
ඊයේ(4) රාත්‍රි 9ට පමණ වෙඩි තැබිම සිදුකර ඇත. ඉදුරුවේ පදිංචි පුදුගලයකු තමාගේ හවුල් ව්‍යපාරික ජර්මන් ජාතිකයා සමඟ හෝටලයකින් රාත්‍රි ආහර ගෙන තමාගේ ඉදිකරනු ලබන හෝටලය වෙත ගමන්කර මෝටර් රථය නවත්තනවාත් සමඟ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බව විමර්ශන සිදු කරන කොස්ගොඩ පොලීසිය පැවසිය.හෝටල් හිමියාටද සුළු තුවාල සිදුව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවුල් ව්‍යාපාරිකයාව හවුල් කරු මරා දැම්මද ?
දකුණේ පාතාලය ඉතා නරක විදියට හිස ඔසවා තියෙනවා. මේ තත්වයට පොලිසිය වග කියන්න ඕනේ. කෝ මේ පොලිස්පතිතුමා...? ආගිය අතක් නැනේ.