රංජන් කස්තුරි
යහපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විශ්වාස භංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තු සංකීරණයේ දී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා එලෙස කීවේය.
‘විශ්වාස භංගය පරාජයට පත් වුණා. අපෙන් කට්ටියක් ගැලවුණා. යහපාලන අරමුණු ඉටු කර ගැනීමට ආණ්ඩුව ඉදිරියටම යනවා. සිකුරාදා ජනපති හමුවෙනවා.
විශ්වාස භංගයට ඡන්දය දුන් නුදුන් සැමට ස්තුතියි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ රටට දැන් උවමනා වෙන්නේ ඉතාම විනයක් සහිත දැඩි ඒකාඩිපති පාලනයක්... මෙවැනි දෙයක් මේ ඡන්ද ක්‍රමය තුල බලාපොරොත්තු වෙන්න බෑ. ඡන්දේ බලාගෙන අරයගෙ මෙයාගේ ඉල්ලීම්වලට යටවෙලා කරන්නත් බෑ. පාකිස්තානයේ, තායිලන්තයේ, බුරුමයේ කලා වගේ මේ රටටත් දැන් හමුදාවෙන් නායකත්වයක් අවශ්‍යයයි. දිගු කාලයකට වෙනස් නොවන පාලනයක් අවශයයි. නෑත්නම් රටේ අනාගතය ඉතා අදුරුයි.
කැබිනට් ඇමතිකමක් නැතිවූ කෙනෙක් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ටිකක් සැක උපදවන දෙයක්. මේක සමහරවිට ඡන්දය දුන්නොත් ආපහු කැබිනට් එකට රිංගවා ගන්න ඉඩක් පෑදෙයි කියන බලාපොරොත්තුවෙන් ඒකාබද්ධය විසින් සැලසුම් කල උපායක් වෙන්නත් පුළුවන්. මහ දවල් ඇස් කන් නාස ඇරගෙනම හතර පස් වතාවක් ඇදවැටුණ වලේ ආයෙත් නම් වැටෙන්න උත්සාහ කරන්න එපා.
මේ වෙනකම් යහපාලනය කළේ හොරු ආරක්ෂා කිරීමය. ඉදිරියටත් ඒ අරමුණ කරා දිගටම යන බවට නම් සැක නැත. මුල් බැසගත් මේ දේශපාලන ක්‍රමයෙන් අපි කවදා ඉවත් වෙමුද? රටේම ජනතාවගේ ශ්‍රමය, කාලය සහ ධනය කැපවෙන්නේ මේ දේශපාලන නාඩගම වෙනුවෙනි.
විශ්වාස භංගේ නිකම්ම භංග වෙන බව මම කලින්මත් කීවනේ. ඒ කොහොම වුනත්, හොරුන්ට අපරාධකාරයන්ට නිසි දඬුවම් ලබා නොදුන්නොත් අගමැතිතුමනි, ඔබට මහජනතාවගෙන් දඬුවම් විඳින්න වනු ඇති බව අමතක කරන්න එපා!
අගමැතිතුමනි, ඔය පරණ තැටිය ආයෙමත් දමන්න එපා. යහපාලනය කියන කොට විතරක් නොවෙයි ඇහෙන කොටත් තරහ යනවා. දැන් යුඑන්පී ප්‍රතිපත්ති සහිත පිරිසිදු එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටුවන්න, පොරොන්දු වූ පරිදි හොරුන්ට දඬුවම් දීමට කටයුතු කරන්න. 20 වසරක් පූරා අනෙක විධ බලාපොරොත්තු සුන්වූ එක්සත් ජාතික පාක්ෂිකයින් පිළබඳව වැඩි අවධානය යොමු කරන්න. ඔබතුමාට විරුද්ධවුවන් ඇමති මණ්ඩලයෙන් එළවා දමන්න.
අපට කනක් ඇහිලා ඉන්න වත් ඔය විමල් උන්නැහේ වගේ ගෝෂා කාරයින්ට කොන්ත්‍රාත් ක්‍රමයට වත් ඇමතිකම් දුන්නොත් හොඳයි!
අගමැතිතුමනි ,පිට ඉන්න සතුරාට වඩා ආණ්ඩුව ඇතුලෙම ඉදන් වින කරන අයගේ උගුල් වලට හසු නොවන්න.
ඕනේ තරම් මිනීමරුවෝ , හොරු , ස්ථ්රිඑ දුෂකයෝ උසාවියෙන් බේරෙනවා සාක්කි නොමැතිකම නිසා හෝ බොරු සාක්කි දීම නිසා. මෙතනත් උනේ එහම දෙයක්. මොකද අගමැතිට තිබුණු චෝදනා බොරු ඒවා නෙමෙයි. අර්ජුන්මහෙන්ද්රන් ගැනත් මේ තනතුරට පත් කෙළේ අගමැති විසින්. එයට විරෝදය දක්වපු උදවියට ඔහු කිවුවේ " මම වගකීම ගන්නවා " කියලා . ඒ වගේම අර්ජුන් කොමිසමේදී කිවුව මේ ගනුදෙනුව කලේ අගමැතිගේ උපදෙස් අනුව කියල. එහෙම හොරකමකට උපදෙස් දීපු අගමැතිකෙනෙකුගෙන් මොකක්ද අපි තවදුරටත් බලාපොරොත්තුවෙන යහපාලනය ? රට දවසෙන් දවස ආගාදයට යනවා. මෑතකදී පවත්වපු චන්දයෙන් පැහැදිලි වුනා රටේ ජනතාව මොහුගන මොනතරම් කලකිරීමෙන් ඉන්නවද කියල. හරි කෙනෙක් නම් ඉල්ලා අස්වෙලා ගෙදරම යන්න ඕනේ. පක්ෂයත් කනවා , රටත් කනවා.
මෙච්චරකල් ගෙන ගිය යහපාලනය ගෙන යනවා කියන්නෙ රටට දෙය්යන්ගෙම පිහිටයි කියල තමයි...මේකෙ රනිල්ට සහයෝගෙට කමෙන්ට් දාන මිනිස්සු දන්නෙ නැහැ අද ඔවුන් ගෙවන වැඩි බැංකු පොළිය, ඉහල ජීවන වියදම, අධික උද්ධමනය මේ සේරටම මූලික වුනේ රනිල්, මහේන්ද්‍ර ඇතුලු රෝයල් කල්ලිය සම්බන්ධ වෙලා කරපු බැඳුම්කර වංචාව කියල, පව් ඉතින්..!
අනේ අපටත් රටේ කාලක් ඉතුරු කොරන්න. අපි කොහේ යන්නද 62 කරපු ගොන්කමට
යහපාලනයේ අරමුණ මිනීමරුවන්, රාජ්‍ය දේපල ,මහජන දේපල, මංකොල්ල කාපු උන් ආරක්ෂා කිරීම හා ඔඋන්ට කඩේ යාම නොවන බව රනිල් හොදින් මතක තබා ගත යුතුය
මේ රටට ඕන යහ පාලනයක් නෙවෙයි. යම පාලනයක්. මොකද මේ රටේ මිනිස්සු හදන්න යහ පාලනයකින් බැරි නිසා. සිංගප්පූරුව හැදුවෙත් එහෙම තමයි.
හැබැයි 2015 සිට විශ්වාස භංගය දක්වා කාලේ ඇතුලත ගිය හැටියට නොවේ.