(දයාරත්න ඇඹෝගම)
වැල්ලවාය වෙහෙරගල සිට අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි සිසු සිසුවියන් 63 දෙනෙකු රාත්‍රී ගත් ආහාර අජිර්ණයක් හේතුවෙන් අද (5) අලුයම තුනට පමණ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ වැල්ලවාය වෙහෙරගල මහවිදුහලේ සිසු සිසුවියන් පිරිසකි.
වැල්ලවාය සිට අනුරාධපුර පුජාභුමිය නැරඹිම සඳහා මෙම සිසුන් සිය පාසල් ගුරුවරුන් සහ දෙමාපියන් කිහිප දෙනෙකු සමඟ ඊයේ (4) අනුරාධපුරයට පැමිණ සාරානන්ද පිරිවෙනේ නවාතැන් ගෙන තිබුණි.
පසුව එදින රාත්‍රි දෙමාපියන් සහ ගුරුවරුන් එක්ව රාත්‍රී ආහාරය පිළියෙළ කර අනුභව කර ඇතැයිද පොලිසිය කියයි.
මෙසේ රාත්‍රී ආහාර ගත් සිසු සිසුවියන් 63 දෙනෙකු බඩ රිදිමත් ක්ලාන්ත ගතියක් ඇතිවිමෙන් පසුව සියලු දෙනා රෝහල් ගත කර තිබේ.
රාත්‍රි ලබාගත් ආහාරය අජිර්ණයක් හේතුවෙන් මෙම සිසුන් අසනිපවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවස්ථාවල ආහාර පිළියෙළ කරදීම සද්භාවයෙන් කලත්, බොහෝ පරෙස්සම් විය යුතු කටයුත්තක්. අන්තිමේ හිරේ යන්නත් සිද්ධ වෙන්න පුළුවන්.