සිරාජ් හසීම්
වෛරී දේශපාලනයක් ලංකා කම්කරු කොංග්‍රසය කිසිවිටක අනුමත නොකරන බවත් මේ හේතුව මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීමට සහභාගී නොවූ බවත් එම කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා සඳහන් කළේය.
අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදය හා ඡන්ද විමසුමට සහභාගී නොවීම සම්බන්ධයෙන් කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් තොන්ඩමන් මහතා මේ බව කියා සිටියේය.
අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිවද මේ අකාරයේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේදී ද ලංකා කම්කරු කොංග්‍රසය පසුවූයේ මෙම ස්ථාවරයේ බවත් පළිගැනීමේ දේශපාලන ක්‍රියා කලාපයක් කිසිවිටක අනුමත නොකරන බවත් හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි නේ. අපි දන්නවා එයාල එදා ඉඳලම "වාසි පිලට හෝයියා" කියල.
වෛරී දේශපාලනයක් නැත්නම්, ඇයි වතුකරේ දකින දකින තැනදී දිගම්බරම් එක්ක ඡන්ද වලට මරා ගන්නේ.
මට නම් මේ වගේ කතා වලට හිනා යනවා
නමුත් අපේ වෛරය ප්‍රතික්ෂේප වන්නේ නැත.