ශ්‍රී ලංකන් ගුවන් සමාගම අලාභය අවම කරගත යුතුයි - නියෝජ්‍ය ඇමති
ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු , ඉන්ධන සහ සේවා සැපයීම් අංශ වලින් ලබන අලාභය අවම කරගනිමින් කළමනාකාරිත්වය සමග සාකච්ඡා කර යළි සැලසුම් ගොඩනැගිය යුතු බවත් මෙම ක්‍රියාමාර්ගය ආයතනය විකුණනවා යන වැරදි මතය නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.