( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
පොදු දේපළ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය අද (06) ප්‍රතික්ෂේප කළේය.
දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව විමර්ශනයකින් අනතුරුව ප්‍රමාණවත් කරුණු ඇත්නම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය පවතින බවද අභියාචනාධිකරණය විසින් ප්‍රකාශිත නියෝගයේ සඳහන් වේ.
මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසිනි.නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් අභියාචනාධිකරණය මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලදී.
පසුගිය රජය සමයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කැරම් සහ දාම් ආම්පන්න මිළඳී ගැනීමේදී රුපියල් කෝටි පහකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බැවින් එය වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ඇතුළු පස් දෙනෙක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටි අතර නීතීපති වෙනුවෙන් රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව, පක්ෂග්රාහී වැරදි වශයෙන් දකින මෙවැනි නියෝග හා ආඥා පැනවූ අධිකරණ බලධාරීන් දෙස බලන්නේ පැහැදුණු , ප්‍රසන්න සිතින් නොවන බව පෙනේ. මේවා 2015 ජනවාරි 08 විප්ලවය වක්‍ර කරවීම් ලෙස පැහැදිලිව පෙනේ. මෙවන් ඉල්ලීම් සඳහා අධිකරණය හිස නමන්නේ ඇයි ද යන්නත්, එලෙස නීතිය නැමිය යුතු ද යන්නත්, පෙන්වන බලවේග සහ බලපුළුවන්කාර කම් ඉදිරියේ විනිසුරුවන් අසරණ ද යන්නත් මහජනතාව වික්ෂිප්තව බලා සිටිති.
පුදුම විනිසුරුවෝ! ගෝඨාට එක විදියක්, අලුත්ගමගේට එක විදියක්. ඉතින් කොහෙද රට හැදෙන්නේ....
මෙවැනි හොරුන් වෙනුවෙන් ඉන්න ගොඩ පෙරකදෝරුවන්ට ගහලා එලවන්න ඕනෑ. මේ අය රටේ සල්ලි හොරකම් කරලා, දඬුවම් දෙන්න හදනකොට ඒකටත් එපා කියල නඩු දානවා. මේ වගේ වැඩ තියෙන එකම රට ලංකාව වෙන්න ඇති. දැක්කනේ ගෝඨා ගේ නඩු අහන හැටි. මම නම් කැමති පිටරටින් නඩුකාරයෝ ගේනවා නම්... අපේ අය එක්ක ස්වාධීන අධිකරණ කතා බොරු.
තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ මහතා රිට් පෙත්සම ඉදිරිපත් කරන කොට අපිට තියෙන්න මහජන දේපොළ අම්මගේ අප්පාගේ බුදලේ වගේ මේ හොර නඩය අතර බෙදා ගැනීම වළකාලමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අදිකරණයෙන් ඉල්ලා සිටිමයී!
පිට රටින් ඉංජිනේරුවන්, නොයෙක් විසේසඥයන් පමණක් නොව කම්කරුවන් පවා ගෙන්වනවා නම් නඩුකාරයන් ගෙන්වීමේ ඇති දෝසෙ මොකද්ද?