(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා රජයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් විශ්වාසභංගයක් ගෙන ආවොත් එහිදී පක්ෂයේ මැති ඇමතිවරුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින බව ශ්‍රී.ල.නි.ප මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (6) පැවති මාධ්‍ය හමුවකදීය.
ආණ්ඩුව නියෝජනය කරන්නන් ලෙස ආණ්ඩුව රැකගැනීමට කොන්දක් තිබූ අයට පක්ෂයක් ලෙස පක්ෂයේ අය රැකගැනීමටත් කොන්දක් තිබෙන බව මහ ලේකම්වරයා මෙහිදි සඳහන් කළේය. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් අය සමඟ එක්ව කටයුතු කිරීමේ ගැටලුවක් ශ්‍රී.ල.නි.පයට නැතැයිද ඇමතිවරයා කීවේය.
පක්ෂයක් ලෙස බහුතර මතයට මෙන්ම සුළුතර මතයටද ගරු කරන බව කී අමාත්‍යවරයා සුළුතරය නියෝජනය කළ පිරිස සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගත යුතු නැතැයිද කීවේය.
පසුගිය පළාත් පාලන මැතිවරණය හෝ විශ්වාසභංගය සමඟ ශ්‍රී.ල.නි.පය කැඩී යා යුතු නැතැයි කී දුමින්ද දිසානායක මහතා පක්ෂය කැඩීම කළේ විශ්වාසභංගය නොව පළාත් පාලන මැතිවරණයේදී අපේ කණ්ඩායමක් සමඟ වෙනත් වේදිකාවකට ගොඩවූ හිටපු ජනාධිපතිවරයා බවද ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය බෙදා පොහොට්ටුවක් සැදුවාක් මෙන් ශ්‍රී.ල.නි.පය බෙදාගැනීමට අපි සූදානම් නැතැයි ද ඔහු කීවේය.
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ අදහසක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් දුමින්ද දිසානායක මහතා පැවසුවේ තමන්ට ශ්‍රී.ල.නි.පය අත්හැරීමේ කිසිඳු අවශයතාවයක් නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම විනයක් නැති පක්ෂයක් බවට ශ්රීලනිපය පත්වීම රටේ අවාසනාවකි
නිකන් පුස් වීරයෙක් වෙන්න හදන්නේ නැතුව ඉන්න. ආණ්ඩුවට කැමති නැත්නම් අයින් වෙන එකනේ තියෙන්නේ... කොහොමද ඇමතිකම් කරන්නේ?
පදනමක් නැති මෝඩ කතා. බහුතර මතයට මෙන්ම සුළුතර මතයටත් ගරු කරනවාලු
යන්න හලෝ යන්න... ඕනෑම කතරගමක යන්න. අනිත් මිනිස්සුන්ට ආණ්ඩුවයි, රටයි කරගන්න ඇරලා යන්න.
දුමින්ද තමයි පක්ෂය වනසන්නේ....
මේක මහ මෝඩ තර්කයක්.
මෙතුමා ශ්‍රී ලංනිපයෙන් අයින් වුනොත් පක්ෂය නැවත හදන්න පුළුවන්.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ය . පොහොර සහනාධාරය නැති කලා. අනවශ්‍ය ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලකට කෝටි ගණන් ගෙව්වා. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය නැතිකළා. වී මිලදී ගැනීම ක්‍රමවත් කලේ නැහැ. වියළි කලාපයේ වැඩි ප්‍රාදේශිය සභා පොහොට්ටුව ජය ගත්තේ ගොවි ජනතාවට සහන නුදුන් නිසාය. ඔබ ගත් පඩියට වරදානවලට ජනතාවට සේවයක් කළාද?
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීපු ඇමතිවරුන් එක්ක වැඩ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළුවක් නොමැති වුනාට යූ.එන්.පී එකට ප්‍රශ්නයක් නොවෙයිද? අඟේ ඉඳන් කන කනවට වඩා නරකද පැත්තකට වෙලා තමන්ගේම වලිගෙ විකා ගන්න එක...
සියලු දෙනා පක්ශයට පෙර රට ගැන සිතිය යුතුයි. ඇමති පඩියත් අරගෙන ආණ්ඩුවේ කකුලෙන් අදින අය මොන පක්ශෙ වුනත් එලවන්න ඕනෑ. උන් සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි එක්කයි.
මේගොල්ලන් ගැන සත පහකට විස්වාස තියන්න එපා...
මෙවැන්නන් මහා ලේකම් වුණාම පක්ෂයක විනයක් තියේද?
ඕක දැන් විසි කරන්න කියල තියෙන්නේ අගමැති තුමා. අද පටන් එතුමා ඔය එක එකාට ඕන විදිහට තවත් නටන්න ඉඩ දෙන්නෙ නෑ. එහෙම තමා ඉන්න ඕන.