(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ තනතුරු වෙනස් කරමින් පුර්ණ ප්‍රතිසංවිධානය සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී මණ්ඩලය අද (07) පිට කෝට්ටේ සිරිකොත මූලස්ථානයට රැස් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් පැය 48ක් අඛණ්ඩව රැස් වී සාකච්ජාකොට පක්ෂයේ තනතුරු වෙනස් කිරීම පිලිබඳ තීරණයකට එළඹීමට නියමිතව ඇත.
පක්ෂ ප්‍රති සංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණු කමිටු තුනේ නිර්දේශ සලකා බලමින් අවසන් තීරණය ගන්නා බව සිරිකොත ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළ ඇවරිය ඉතුරුකර පහළින් වෙනස්කම් කළාට වැඩක් වෙන්නේ නැත. 2015 ජනවාරි 8 ජනතා බලාපොරොත්තු ඉටුනොකරන තාක්කල් 2020දී ජය දැන් "චීනයේ දේශපාලන විද්‍යාව සහ ආර්ථික කළමනාකරණය" ඉගෙන ගන්න කෙනාට අත් වෙන එක නවත්වන්න ලැබෙන එකක් නැහැ. හිරේ යවලා ඒ ගොල්ලෝ නවත්වන්න බැරි බව "නාගයෙක් බැරිනං මාපිලෙක් හරි දාල දිනවල පස්සේ මහින්ද බලයට ගන්න" බවට කල ප්රකාශයෙන්ම පැහැදිලි වෙයි. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් කට්ටිය ඉවත්කරන්න පක්ෂයේ කණ්ඩායමක් බාර දුන් විශ්වාසභංග යෝජනා ඉවත්කර ගන්නා ලෙස අගමැතිවරයා නියෝග කර ඇතිබව වාර්තාවෙයි. දැන් ආණ්ඩුවේ එජාප කණ්ඩායමට තර්ජනය කෙරෙන්නේ " යනවා නම් යන්නේ සියල්ල ගිනි තියාගෙන" කියායි. ජනතා බලවේග ගැන විශ්වාස නොකරන කණ්ඩායමක් සමග තවදුරටත් පරදාර සම්මුති දීගය කෑමට ගොස් පසුගියදා කෑ පරිප්පුවේ දෙවන කොටස කන්නට යන බව නම් ඉන්තේරුවෙන්ම කිව හැකිය. ආණ්ඩුවේ පංගුකාරයින් තනියම පරිප්පු කනවා නම් කාටවත් ප්‍රශ්නයක් නැත. නමුත් මෙවර පරිප්පුව කන්න වෙන්නේ ඔවුන් විශ්වාස කළ මුළු මහත් ශිෂ්ඨාචාරගත ජනතා බලවේග සියල්ලටමය.
නායකයා වෙනස් නොකර මොනවා කරත් වැඩක් නෑ...ඔය ගහන පැලැස්තර වල ප්‍රතිපල ලබන චන්දෙන් බල ගන්න පුළුවන්
නොකෙරෙන වෙදකමට මෙදා කොදුරුතෙල් හොයා යනෝ
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධානයේදී මතක ඇතුව ආසන සංවිධයකයිනවත් මාරු කරන්න ඕනේ. සමහර සංවිධායකයින් පහල ස්ථරයේ ජනතාව වෙත ලංවෙන්න කැමති නැහැ. ආසනයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන සලකන්නේ නැහැ. ඔවුන්ගේ වටේ ඉන්න ඇම්බැට්ටයන් තමයි එතන පාලනය කරන්නේ. මන්ත්රීතුමව හම්බවෙන්නත් ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. ආසනයේ ශාඛා සමිති පහිටුවන්නේ නැහැ. පාක්ෂික ජනතාව පක්ෂයට චන්දෙ දෙනවා පුරුද්දට සහ ඇඟේ අමාරුවට.