සිරංගිකා ලොකුකරවිට
තායිලන්ත රාජකීය නාවික හමුදාවේ ''බන්පාකොන්", "මකුත්‍රාජකුමාන්" සහ ''පට්ටනී" නමැති යුද නෞකා තුනක් පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
තායිලන්ත රාජකීය නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරී පුහුණු ඒකකයේ ආඥාපති රියර් අද්මිරාල් සොම්පොන් පූවිආන්ග් මහතා ඇතුළු නිලධාරීන් බටහිර නාවික විධාන මූලස්ථානයේ දී විධාන ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවී සුහඳ කතාබහක නිරතව සමරු තිළිණ හුවමාරු කරගන්නා ලදී.
ඉන් අනතුරුව ඔවුන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවී ද්විපාර්ශවීය වශයෙන් වැදගත්වන්නා වූ කරුණු කිහිපයක් සාකච්ඡා කළ බව ද නාවික හමුදාව පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට තායිලන්ත යුද නැව්වලින් පැමිණි නිලධාරීන් සහ ශිෂ්‍යභටයන් සහභාගී වීමට නියමිතය.
මෙම නෞකා ත්‍රිත්වය අප්‍රේල් මස 09 වැනි දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බව ද නාවික හමුදාව පවසයි.



2025 දෙසැම්බර් මස 18
138
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්ත යුද නැව් තුනක් ශ්‍රී ලංකාවේ