සිරංගිකා ලොකුකරවිට
මුවැන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ මැණිකේ චරිතයට සිය හඬ දායකත්වය දුන් රත්නාවලී කැකුණවල මහත්මිය අද සිය දිවිගමන නිමා කළාය.
මියයනවිට 87 වැනි වියේ පසු වූ ඇය ගුවන්විදුලි නාට්‍යය, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව යන සියළු කලා ක්ෂේත්රයන්හි සිය රංගන දායකත්වය ලබා දෙමින් ඉමහත් ජනාදරයට පත්ව සිටියාය.
සත්සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය දියමන්ති, කරුමක්කාරයෝ, ආරාධනා, දඩයම, බට්ටි, වදුල වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇත. වසර 50ට වැඩි කාලයක් කලා කාරිනියක ලෙස කටයුතු කළ ඇය සරසවි සම්මානය, ජනාධිති සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත්වූවාය.
මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යමාලාව ටෙලි නාට්‍යයක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒම සඳහා රන්මිණිතැන්නේ කරන ලද පටිගත කිරීමක් අතරතුර රෝගී වූ පසු කිසිදු නිර්මාණයකට සිය දායකත්වය නොදුන් බව ඇය පසුගිය දිනක සිය හිතවත් පුවත්පත් කලාවේදීන්ට පවසා තිබිණි.
පොලිසියේ සංඥා අංශයේ නිලධාරියකු සමග විවාහ වී සිටි රත්නාවලී කැකුණවෙල මහත්මිය පුතුන් හතර දෙනකුගේ හා දියණියන් දෙදෙනකුගේ මවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ අඩුව අපට දැනේවි. ඔබට නිවන් සුව !!!
ඔබට නිවන් සුව ලැබේවා!!
මම හුඟාක් ප්‍රිය කල චරිතයක්.. ඔබතුමියට අජරාමර නිවන් සුවය හිමිවේවා..!!!
අපගේ බලවත් ශෝකය... ඔබතුමියට නිවන් සුව...!!!
රූපවාහිනී නොතිබුණු කාලයේ මුවන්පැලැස්ස අහන්න මිනිස්සු රේඩියෝ එක ළඟට එක් වුණා. කැලේ ගමක ආරච්චිගෙදර අපි ඉදිරියේ ඔබ ජීවිත ගමන නිමා කළත්... මැණිකේ... හඬ බොහෝකල් අපේ මතකයේ තියේවි.. ඔබට නිවන් සුව!!!
ඔබට නිවන් සුව පතමි අප සැවොම !!!
දක්ෂ කලාකාරිනියක්. ඔබට නිවන් සුව ලැබේවා!
රාත්‍රියට වැඩිපුර සද්ද බද්ද නොතිබුණු ඒ කාලේ නිහඬ ගම සිසාරා මුවන්පැලැස්ස මැණිකේගේ තේජස් හඬ ඇසුණා අපිට තවම මතකයි. තවමත් ඒ හඬ අපට ඇහෙනවා මැණිකේ.
ඔබතුමියට නිවන් සුව පතන්නෙමු !!!
ඔබ මුළුමහත් ජනසමාජයකට ආදර්ශවත් මවක් වගෙයි අපිට හැමදාම හිතෙන්නේ. ඔබතුමිය කළ කී හැමදේම ශ්‍රේෂ්ටයි.
ඔබට නිවන් සුව ලැබේවා !
ඔබට නිවන් සුව ලැබේවා!
නමසිය හැට ගණන්වලදී අපි කොල්ලෝ කුරුට්ටෝ කාලේ මුවන්පැලැස්ස පටන්ගන්න සංගීත වාදනය දානකොට අපේ ගෙදර හැමෝමයි අහලපහල කට්ටියයි තිහක් හතළිහක් එකතුවෙලා රේඩියෝ එක වටේට ඉඳගෙන තලුමරමර කතාව අහනවා. අපි කොහොමටත් කෝරලේ මහත්තයට වඩා මැණිකේට බයයි.
රුපවාහිනිය නැති කාලයේ , හඬ පමණක් උපයෝගී කරගෙන රසිකයන් පිනවූ මෙතුමිය වැනි කලා කාරියන් අද දුලබයි . කලාවත් පවුල් ජීවිතයත් යන දෙකම ගවුරවයෙන් රැකගත් පිනම ඇති. දැන් සිටින්නේ නිලියන් කියමින් විසුක දස්සන පෙන්වන නිරුපිකාවන් , හඬ පවුරුශයක් නැති නිවේදිකා ගිරවියන් , දරුවන් ලබා වයස්ගත වූ පසුවවත් බාලිකා චරිත රඟපාන මවු වරුන් සහ කලාවට මුවාවී පවුල් කඩා කප්පල් කරන අනුන්ගේ සැමියන් සොරකම් කරන කොටාශයක් පමණි. ඔබතුමියට නිවන් සැප ලැබේවා.
ඔබ තුමියගේ පෙනුම ,කටහඬ,රංගන කුසලතාවය,ගුවන් විදුලිය,රුපවාහිනිය පුරා දෝංකාරය දුන්න.ඔබ තුමිය ඒසඳහා කල සේවය කියා හෝ ලිය නිමකරන්නට නොහෙක.තවකෙකුට එම අඩුව පිරවිය ද නොහෙක.ඔබ තුමියට නිවන් සුව පතමි.
මෙතුමියට නිවන් සුව ලැබේවා!! දෙබස් හැසිරවීමෙහි හා තාත්වික රංගනයෙන් මැය කිසිවෙකුට කිසිදා දෙවෙනි නොවනු ඇත.
මෙතුමියට නිවන් සැප ලැබේවා. දැන් කාලයේ නිළියන්ගේ විප්‍රකාර දැකලාම අපිට ඇති වෙලා. පුද්ගලික ජීවිතේ සහ කලා ජීවිතේ දෙකම නම්බුකාර විදියට ගෙවන කලාකාරියන් බොහොම දුර්ලභයි.
නිවන් සුව ලැබේවා !...
කුඩා කල ඉතාම අසාවෙන් අහපු මුවන්පැලැස්සේ මැණිකේට සදා නිවන් සුව ලැබේවා !!!
ඔබට නිවන්සුව....!!!