IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 400ක ව්‍යාපෘතියක්

බොරැල්ල  එලියට්  ප්‍රදේශයේ ඉදිකිරීමට  නියමිත  නිවාස  ඒකක  400 කින්  සමන්විත  මහල්  නිවාස  සංකීර්ණයේ  ඉදිකිරීම්  කටයුතු  ආරම්භ  කිරීම  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (06) සිදුකෙරිණි.

රුපියල් මිලියන  8,000ක වියදමකින් ඉදිවෙන මෙම නිවාස ව්‍යාපෘතිය මහානගර  හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින්  ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  පාඨලී චමිපික රණවක  මහතා සහ ඉදිකිරීම්  කටයුතු කරණු  ලබන චීනයේ  යැන් ජින් ගෘප් හි නිලධාරින් ඇතුළු පරිසක් එක්ව සිටියහ. 

ඡායාරූප   චතුර එස් .කොඩිකාර



අදහස් (10)

කොළඹ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 400ක ව්‍යාපෘතියක්

කරුණාපාල Friday, 06 April 2018 03:36 PM

රනිල් මහත්තයත්, නිවාස ගිනි තියන්න පළපුරුද්දක් තියන අයට නිවාස හදන ව්‍යාපෘති භාර දෙනවා. එ්කත් ඉතින් නරකම නැහැ.

:       11       10

චන්දදාස Friday, 06 April 2018 04:54 PM

මිලියන 8000 ගෙවල් 400 යි. එක ගෙයක් මිලියන 20 ක පිරිවැයක් ,කොළඹ 7 ද හදන්නේ?. මේවා කියන්න කොන්ඩේ බැදපු චීන්නුන්ට.

:       87       117

vidya Friday, 06 April 2018 08:13 PM

මට පෙන්නේ මේවා හදන්ඩ ඇවිල්ල ඉන්නේ කොන්ඩෙ කපපු චීන්නු වගේ... අගේට ඉඳගෙන ඉන්නේ.

:       1       4

ase Saturday, 07 April 2018 06:05 AM

මේවා ඔක්කොම අනර්ඝ වැඩ... නමුත් කොළඹට කිරි අපිට කැකිරි වුනොත් නැවත වරක් අපේ ඡන්දය බලාපොරොත්තු වෙන්න එපා. අපි විශාල දෙයක් නොවේ ඉල්ලන්නේ... බීමට සුදුසු පෙරපු ජලය...

:       0       6

rehan Saturday, 07 April 2018 07:55 AM

පර්චස් 2ක් (ව.අ.544) සාමාන්‍ය නිවසක් සෑදීමට එක ව. අඩියකට රු.2,000/= ක්වත් වැය නොවේ. එසේනම් එක නිවසකට රු.1,088,000 බැගින් නිවාස 400 ට වැයවන්නේ රු.435,200,000/= (රු.මි. 435). ඉතුරු මිලියන 7,565න් ඔය ඉඩමේ හිටපු මුල් පදිංචිකරුවන්ට මුදල් වශයෙන් කීයක් දෙන්න ඇතිද? ඉතුරු ඔක්කොම කාගේ සාක්කුවලටද? ඒ කියන්නේ මේ හදන්න යන්නේ අති සුඛෝපබෝගී නිවාසද? අනේ අපිවත් කොන්ඩේ බැදපු චීන්නන්ට ගත්තනේ. අම්මප මේව යාදෙනවා....

:       7       4

athula Saturday, 07 April 2018 09:25 AM

බුද්ධාගමේ හැටියට කිසිම මනුස්සයෙකුට පන්තියක් නැහැ. ඔය දැන්වත් අරවා, මේවා ඔක්කොම බෙදන්නේ අපේම සල්ලි හොරකම් කරලා.. තවත් අපිව හිඟමනට දාල දැන් මිනිසුන්ව බෙදනවා.

:       0       0

tuan Saturday, 07 April 2018 10:52 AM

හොරු ටික හෙළුවෙන් පුතේ...

:       2       0

PRIYANTHA Saturday, 07 April 2018 03:34 PM

ගෙයක් හදන්න මිලියනය බැගින් ගෙවල් නැති හෝ අසරණ අයට ගෙවල් 8000 හදන්න තිබුණා. රට උගසට තියලා ණය අරගෙන, බදු වැඩි කරලා හෝ වෙනත් ක්‍රමයකට ලබාගන්න මුදල්වල ප්‍රතිඵලය බහුතර මහජනතාවට නොදී කරන මෙවැනි දේවල් අනුමත කළ නොහැකිය.

:       0       0

nishantha Sunday, 08 April 2018 03:03 AM

රෙහාන් මේ ගෙවල් හදන්නේ මධ්‍යම පන්තිකයින්ට බව දන්නේ නැද්ද ? ඔබ ගණන් හදා පෙන්නලා උගතෙක් කියල පෙන්නන්න දැඟලුවට මාතෘකාවවත් කියවගෙන වටහාගන්න බැරි කොන්දේ බැඳපු චීනෙක් නේද ? මේ රටේ මධ්‍යම පාන්තිකයා මුඩුක්කුවේද ඉන්නේ ?

:       11       1

abaran Sunday, 08 April 2018 11:08 AM

අපොයි ...අපොයි... මෙහෙම චූටි ව්‍යාපෘතියක් කරන්නට තරම් හැකියාවක් ඇති ලංකාවේ ඉංජිනේරුවෝ නැද්ද? ඔක්කොම රටින් තමයි ගෙන්වන්නේ.. ලැජ්ජාවේ පණ යනවා... ඒ වුනාට කියන්නේ නම් හොඳම උගත්තු ලංකාවේ කියලයි... අපේ අයියලාගේ පොතේ වැඩ... කටින් බතල තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 375 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site