(ඩයනා උදයංගනී)
විශ්වාසභංග ජයෙන් උදම් නොවී රට තුළ හා පක්‍ෂය තුළ වියයුතු ප්‍රතිසංස්කරණය කඩිනම් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ක්‍රියා කළ යුතු යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පක්ෂය තුළ මෙන්ම මධ්‍යම ආණ්ඩුව තුළ තරුණ නායකත්වයට බලතල ලබාදිය යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ජයග්‍රහණයට වඩා වැදගත් වන්නේ ජනතාවගේ ජයග්‍රහණ බව කී අමාත්‍යවරයා ඒ බව නොසිතා කටයුතු කළහොත් එක්සත් ජාතික පෙරමුණට ඇති ඡන්ද ප්‍රමාණය තවත් අඩුවී සුළු පක්ෂයක් බවට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇතැයි ද කීවේය.
අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර සිද්ධියට වගකිව යුතු නිසාත්, මහනුවර ඇති වූ ගැටුම්වලට මැදිහත් වී කටයුතු නොකිරීම නිසාත් ඔහු කෙරෙහි විශ්වාසය භංග වී ඇති කීවත් බැඳුම්කරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි කී අමාත්‍යවරයා මහනුවර සිද්ධියට පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් සම්බන්ධ බව හෙළිවී ඇතැයි ද කියා සිටියේය.
විශ්වාසභංගය ගෙන ආ කල්ලියේ සැබෑ අරමුණ වූයේ ආණ්ඩුවක් පිහිටුවීම නොව මැති ඇමතිකම් ගෙන තමන්ගේ කුට්ටිය නැවත සරි කරගැනීම හා තමන්ට එරෙහිව ඇති නඩු හබ ටික යටගසා ගැනීම බව ද ප්‍රකාශ කළේය.
නමුත් අවසානයේ සිදු වූයේ අග්‍රාමාත්‍යවරයාට නව ජීවනයක් ලබාදීම බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පෙර අප සිතුවේ මෙතුමා මේ රටට ඉතා ආදරවන්ත කෙනෙක් කියලා. දැන් තමයි අපට තේරුනේ නියම සත්‍යය...
ඉදිරි වසර දෙක සඳහා රටේ සංවර්ධන සැලැස්ම ඔබතුමා හැදුවා කියල ගිය සතියේ කියවුණා. දැන් එළි දක්වන්න.
මෙයාද දැන් එතකොට එජාපයේ උපදේශක?
මේ වගේ උගත් තරුණ නායකයෙක් ඉදිරියට ඒම රටට මහා භාග්‍යයක්. මොකද පරණ නාකි හොර දේශපාලකයෝ මේ රට උගස්තියලා දැන් ඉවරයි. ඊටපස්සේ මේ සෙට් එකේ පුත්තු ටික වැඩේට බැහැලා රට ඉතුරු කරන්නේ නැහැ. චම්පික තුමෝ ඊළඟ ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙන්න දැන්ම ඉඳන් වැඩ පිළිවෙල හදාගන්න. විශාල රටේ ඉල්ලුමක් තියෙන්නේ තරුණ නායකයෙකුට. මේ පරණ නාකි හොරු රට කාලා ඉවරයි.
ආගම විකුණගෙන කාපු අයත් ඉන්නවනේ...