(මනෝප්රිය ගුණසේකර)
රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැවැත්වෙන විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමෙන්තුව තීරණය කොට ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැවැත්වෙන විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට සුදානම් කොට ඇති බව පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ ලබන මැයි මස සිට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.
විභාග අක්‍රමිකතා වැළැක්වීම සහ කඩිනමින් විභාග ප්රථීපල නිකුත් කිරීමේ අරමුණින් හඳුන්වා දෙන මෙම නව වැඩපිළිවෙළ යටතේ අයැදුම්කරුවන් 150කට පමණ එකවර විභාගයට පෙනී සිටිය හැකි වන බව පවසන ජගත් චන්ද්‍රසිරි මහතා මුල් අදියරේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ වේරහැර කාර්යාලයේදී මෙම ක්‍රමය ආරම්භ කරන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන විභාගය ඩිජිටල් ක්‍රමයට ඔන්ලයින් කරන්න පුළුවන් විදියට සකස් කළා නම් හොඳයිනේ.. එහෙම නැති මුළු ලංකාවේ ඉන්න හැමෝටම වේරහැර එන්න වෙනවනේ ඕක ලියන්න එක මොනතරම් අසාධාරණද මේ ඩිජිටල් ලෝකේ..?
මේක තරග විභාගයක් නොව ලිඛිත පරීක්ෂණයකි.
හේමා ඔය කියන ක්‍රමය හරියන්නේ නැහැ. මේ වගේ විභාගයක් මාර්ගගත ක්‍රමයට තියන්නේ කොහොමද. එතකොට ඕනේ කෙනෙකුට තව අයගෙන් උදව් අරන් ලියන්න පුළුවන්නේ. මේක තමා ලෝකේ සම්මත ක්‍රමය. හැමදේම මාර්ගගත ක්‍රමයට කරන්න බැ.
බොහොම හොඳයි. හොඳ ක්‍රමයක්. ලෝකේ බොහෝ දියුණු රටවල පාවිච්චි වෙන්නෙත් කම්පියුටර් බේස්ඩ් ටෙස්ටින් සිස්ටම් එක. ඊට පස්සේ ප්‍රායෝගික ටෙස්ට් එක....
පොඩියට හරි ඩිජිටල් පැත්තට යන එක හොඳයි. මේ වගේම දඩ ගෙවන එක වගේ ඒවත් අන්තර්ජාලය හරහා කරන්න පුළුවන් විදිහට සකස් කරන්න.