(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පිටුපස ඉදිකරමින් තිබූ පුද්ගලික ව්‍යාපාර ස්ථානයක තෙමහල් ගොඩනැගිල්ලක් තෙවැනි මහලේ කොන්ක්‍රීට් දමමින් තිබියදී එහි කොටසක් 07 දින පස්වරුවේ කඩාවැටී එහි සේවය කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම තෙමහල් ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් ඇතිරීම යන්ත්‍රානුසාරයෙන් සිදු කරමින් තිබී ඇත. ඒ අනුව එකවරම විශාල ශබ්දයක් සමග කොන්ක්‍රීට් යොදමින් තිබූ තෙවැනි මහලේ කොටසක් දෙවැනි මහලට කඩා වැටී ඇති අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
එහි ඉංජිනේරුවෝ සහ සේවකයෝ සිදු වූ දේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට හෝ ඉදිරිපත් නොවීම එම ස්ථානයේ දැක ගැනීමට හැකි වූ සුවිශේෂී වූ කරුණකි.
කඩා වැටුණු ස්ථානය නිරීක්ෂණය කළ දඹුල්ල පොලිසිය නිලධාරියකු කියා සිටියේ කුරුලු කූඩු තනන්නාසේ ගොඩනැගිලි තැනීම සිදු නොකළ යුතු බවය. කොන්ක්‍රීට් යෙදීම සඳහා යොදවා ඇති ලී කණු සහ යොදා ඇති කම්බි ආදී පිළිබඳව ද එහිදී පොලිසිය අවධානය යොමුකළහ .
මෙවැනි සිද්ධි මීට වඩා ඉංජිනේරුමය ඥානය උපයෝගී කරගත යුතු බවත් එසේ නොවන්නේ නම් සේවය කරන අහිංසක ජනතාවක් ගොඩනැගිල්ල ඉදි කිරීමෙන් පසු එහි රැඳී සිටින ජනතාවත් විශාල අනතුරකට පත් විය හැකි බව ප්‍රදේශවාසීහු කියති.
මේ දිනවල ලහි ලහියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ඉඩම් මිලදී ගෙන මේ ආකාරයෙන් ගොඩනැගිලි සහ ගබඩා ඉදිකිරීම් බහුලව ක්‍රියාත්මක වෙමින් පවතින අතර කොන්ක්‍රීට් දැමීමේදී වහළ කඩා වැටුණු අවස්ථා කිහිපයක්ම මේ දිනවල වාර්තා වීම ද විශේෂත්වයකි. දඹුල්ල මහ නගර සභාවට අයත් මෙම ප්‍රදේශවල ඉදිකිරීම් පිළිබඳව පෞද්ගලික හා නගර සභාවේ ද අවධානය යොමු කළ යුතු බව ප්‍රදේශවාසීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේදී අප රටේ ගොඩනැගිලි කඩා වැටීම ගැන නිතර දෙවේලේ අසන්නට ලැබේ. සමහර කොන්ත්‍රාත්කරුවන් වැඩි ලාබ ලැබීමේ අරමුණෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි ප්‍රමිතියට නොයොදයි. එවිට සවි ශක්තියෙන් අඩු කොන්ක්‍රීට් හෝ බිත්ති කඩා නොවැටුනොත් එය මහා පුදුමයකි. නිසි ක්‍රම වේදයක් රටේ නොමැතිවීම නිසා ගොඩනැගිලි කඩා වැටීම් අනාගතයේදී බහුල වෙනු ඇත. ඉංජිනේරු උපදෙස් ගැනීම තරම් මේසන් බාස් කෙනෙකු අකමැති වෙනත් දෙයක් තවත් නැත. අත්වැඩ දීමෙන් ඇරැඹි රැකියාව මේසන් හැන්ද ගැනීමත් සමග සියල්ල දත් මට්ටමට පත්වෙයි. එවිට ඉංජිනේරුවෝ වැඩ පරීක්ෂකයෝ කව්ද? බ්ලොක් ගල් කර්මාන්තයේද ඇත්තේ ශෝචනීය තත්වයකි. සිමෙන්ති ඉතාමත්ම අල්පය. වැලි අල්පය. කළුගල් කුඩු බොහෝය. නිෂ්පාදනයෙන් පසු, ගල වටේට සිමෙන්ති ගෑම සිදුවෙනුයේ රට රැවටීමටය. එසේ හෙයින් මෙරටේ බොහෝ ගොඩනැගිලි වල ශක්තිය නොමැත්තේය. කඩා වැටීමම අරමුණු කොට ඇත්තේය. කීමට තවත් දේ ඇත්තේය. එහෙත් කාලය නැත්තේය.
ජරාවටයි, දේශපාලකයාටයි බිලිවෙච්ච ලංකාවේ ප්‍රමිතිය!!!
මෙම ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මැදිහත් වීමෙන් විධිමත් පරීක්ෂණයක් කල යුතුයි. එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. ගොඩනැගිලි ඉදිකිරීමේදී තිබිය යුතු ප්රමිතීන් ගැන ප්‍රතිපත්ති ප්රකාශනයක් සහ නීති රීති මාලාවක් තිබිය යුතුයි. බොහෝ ගැටළු මතුවී ඇත්තේ නිසි ජාත්‍යන්තර ප්‍රමිතියකින් තොර නැවත ප්‍රතිචක්‍රීය කර දේශීයව නිපදවන ලද යකඩ කම්බි භාවිතා කර කරන ලද ඉදි කිරීම් නිසාවෙනි.