(ළහිරු හර්ෂණ)
මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම අද (06) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සිදුකෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම මූල්‍ය ප්‍රධාන සිදුකරනු ලැබීය.
ඒ අනූව අදාළ ප්‍රදේශයේ හානියට පත් බවට හදුනාගත් ආගමික සිද්ධස්ථාන 19ක් සඳහා රුපියල් ලක්ෂ 19ක මූල්‍ය පරිත්‍යාග එහිදී සිදුකෙරිණි.
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් , මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එකව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම මැරුණේ කුමාරසිරි. දරු පවුලක් අනාතයි. ලෙඩින් වැටිලා හිටිය දෙමව්පියෝත් අනාථයි. ඒ ගොල්ලන්ට මොනවද රජයෙන් දුන්නේ? ඒ කට්ටියව දැන් මතක නැහැ. බෙදාපල්ලා තමන් කැමති අයට විතරක්...
කුමාරසිරිගේ දරු පවුල වෙනුවෙන් මොනවද කලේ? ඒ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් මේ අයගේ ඇස් ඇරෙන්නේ නැද්ද?
කුමාරසිරි මැරුණේ කොහොමද? කියන එකත් දැන් සැකයක්...මොකද ඒ පුද්ගලයා හුඟාක් ඒ ගමේ මුස්ලිම් මිනිස්සු එක්ක හිතවත්. අනික බීපු මිනිස්සු ගහලා කොහේ හරි අහල තියෙනවද? මැරෙනවා කියලා. සත්‍යය කවදා හරි පැමිණේ.
ඔය දෙගොල්ලන්ටම යුධ අවිආයුධ ටිකක් ප්‍රදානය කළා නම් නේද වඩා ප්‍රයෝජනවත් වන්නේ? අනික මෙතන නැති වීරවරයින් කොච්චර තව පිට ඉන්නවද?