19 වැනි ව්‍යවස්ථාව කියවන්නැයි මහින්දගෙන් ඉල්ලයි 19 වැනි ව්‍යවස්ථාව කියවන ලෙස තමන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලන බව ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. “හොරකම් අතටම අහුවුණාට පස්සේ මහින්ද රාජපක්ෂලා ලලිත් වීරතුංග ව්‍යවස්ථානුකූලව රාජ්‍ය නිලධාරියෙක්ද යන සාකච්ඡාවක් පටන් අරන්.දැන් කතාකළ යුත්තේ ඔහු ව්යාවස්ථානු කුල හොරෙක්ද නැද්ද යන්න නෙවෙයි, සාමාන්‍ය පුරවැසියෙකුට වුවත් ජනතා දේපළ ජනතා මුදල් අවභාවිතය ලක්කළ හැකිද යන්න ගැන “ 12 September 2017
ජගත් නිර්දේශ ක්‍රියාත්මක කරනවා -විදේශ අමාත්‍යංශය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැප වී කටයුතු කරන බව නැවත වරක් සිහිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 12 September 2017
ඇලෝසියස් රට ගියායැයි තහවුරු නොකළ ආරංචියක් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා විදේශ ගතවී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් තමන්ට දැනගැනීමට ලැබුණු බව වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (12) කොමිසමට දැනුම් දුන්නේය. 12 September 2017
සයිටම් වර්ජනය හෙටත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් හෙටත් (13) දිස්ත්‍රික්ක හයක වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 12 September 2017
රියදුරන් 20 කට දඩ ගම්පහ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ දී බීමත්ව වැරදි කළ රියදුරන් 20 කට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා රුපියල් දෙලක්ෂ දහ අටදහසක දඩයක් නියම කළේය. 12 September 2017
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකිනවා : විදේශ අමාත්‍යාංශය උතුරු කොරියාව ඉකුත් 3 වැනිදා කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළාදකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 12 September 2017
‘ධීවර වරායන් ඔක්කොම කෝටි 169කට බදු දෙන්න සූදානමක්‘ රටේ සියලුම ධීවර වරායන් අවුරුදු 30ක කාලයක් සඳහා රුපියල් කෝටි 169කට බදුදීමට ආණ්ඩුව සියළු පිඹුරුපත් සකසා අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 12 September 2017
කොටි සාමාජිකයාගෙන් ඇපෑලක් කොටි සංවිධානයේ සාමාජිකයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබා දී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචානාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කෙරිණ. 12 September 2017
ගංගාරාමාධිපතිට සෙත් පතා දානයක් කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝ නායක හා හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට නීරෝගී සුවය පතා පැවැත්වූ සංඝගත දක්ෂිණාවක් අද(12) දහවල් ගංගාරාම විහාරයේ දී පැවැත්විණි. 12 September 2017
බැඳුම්කර කොමිසම ඇලෝසියස් සොයා නිවසට යයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට ගිය බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන් සිය බැංකු ගිණුම් වාර්තාද රැගෙන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුගේ බිරිඳට දැනුම්දී ඇතැයි වාර්තා වේ. 12 September 2017
ඩුබායි හි ලාකිකයෝ තිදෙනෙක් සමාගමක මුදල් අරන් පනිති ඩුබායි හි මූල්‍ය සමාගමක සේවයේ නියුතුව සිටි ලාංකික ශ්‍රමිකයින් තිදෙනෙක් ඩිරාම් මිලියන දෙකකට ආසන්න මුදලක් සොරකම් කිරීමේ වරදකට අත්අඩංගුවට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 12 September 2017
’ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා’ - අරුන්දික තමා නියෝජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්කිරීම පිළිගන්නා අතර තවදුරටත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව හිටපු සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 12 September 2017
මධ්‍යම අධිවේගියේ වැඩ නවතයි මධ්‍යම අධිවේගය නිසා ඉඩම් සහ නිවාස අහිමි වූවන්ට නියමිත වන්දි ගෙවීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡාවක් පවත්වන තුරු අධිවේගයේ ඉදිකිරීම් නවතා දමන බව කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් මහින්ද ඒකනායක මහතා පවසයි. 12 September 2017
ඊජිප්තුවේ අයි එස් ප්‍රහාරයකින් පොලිසියේ 18ක් මරුට ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ ආරක්ෂක අංශ ගමන්ගත් ලොරි රථ පෙළකට අයි එස් ත්රස්තවාදීන් විසින් කරන ලද පහරදීමකදී පොලිස් භටයින් 18 දෙනකු පමණ මියගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 12 September 2017
කොන්ත්‍රාත් අත්හිටුවන්නැයි ජාතික ඉදිකිරීම් සංගමයෙන් ඉල්ලීමක් අධිකරණ නියෝග කඩ කරමින් රජයේ ප්‍රසම්පාදන නියමයන් ද උල්ලංගණය කරමින් නීති විරෝධීව ලබාදී ඇති රුපියල් ලක්ෂ එක් දහස් හත්සියක් වටිනා කොන්ත්‍රාත් වහාම අත් හිටුවන ලෙස ශ්‍රි ලංකා ජාතික ඉදිකිරීමි සංගමයේ උතුරු මැද පළාත් ශාඛාව උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත. 12 September 2017
අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ ඇත. 12 September 2017
විස්ස සබරගමුවෙත් සම්මතයි 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සබරගමුව පළාත් සභාවේදි වැඩි ඡන්ද 21කින් අද (12) සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 29ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 08ක් පමණි. 12 September 2017
අරලියගහ මැදුරේදී පිළුණු ආහාර දීම ගැන පරීක්ෂණයක් අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයක දී ඊට සහභාගි වූ අයට පිළුණු වූ ආහාර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස මහතාගේ නියෝග මත විමර්ශනයක් අරඹා ඇත. 12 September 2017
සයිටම් විරෝධී වෛද්‍ය වර්ජන රටපුරා මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය අද (12) දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙයි. 12 September 2017
අපුර සෙල්ලිපිය ගැන පරීක්ෂණයක් අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා දමා කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 11 September 2017
මානව හිමිකම් නිර්දේශ ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක කිරීමට කාල රාමුවක් ඕනෑලු ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා අද(11) ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී පැවැසීය. 11 September 2017
අම්බුළුවාවේ නාය යෑමක් නිසා පවුල් තුනක් ඉවතට මාවනැල්ල, අම්බුළුවාව පහත අම්බලාව අක්කර 100 ගම්මානයේ අද ( 11) නාය යෑමක් නිසා මෙ වන විට අවදානම් කලාපයේ පවුල් තුනක් ඉවත් කිරිමට කටයුතු කර ඇත. 11 September 2017
උතුරු මැද මහ ඇමැතිට එරෙහිව පැමිණිලි තුනක් උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් කුඨ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් සුළු සේවකයන් 69 දෙනකුට රැකියා ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් පළාත් සභාවේ විපක්ෂනායක අනිල් රත්නායක මහතා ඇතුළු එජාප මන්ත්‍රිවරු අද(11) ලිඛිත පැමිණිලි තුනක් භාර දුන්හ. 11 September 2017
සීනි - ලුණු හා තෙල් පාලනයට බදු බෝ නොවන රෝග පාලනය කිරීමේ පියවරක් ලෙස සීනි, ලුණු සහ තෙල්වලට බදු පනවන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි. 11 September 2017
ලංවිම අධිකාරීවරු වර්ජනයට නොඑති අනිද්දා(13දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල සේවක වැඩවර්ජනයට එක් නොවන බව ලංවිම විදුලි අධිකාරිවරුන්ගේ සංගමය සඳහන් කළේය. 11 September 2017
බස්නාහිරදීත් විස්ස සම්මත වෙයි 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේදී අද(11) වැඩි ඡන්ද 17කින් සම්මත විය. 11 September 2017
විස්ස නැගෙනහිරදී සම්මත වෙයි 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නැගෙනහිර පළාත් සභාවේදි වැඩි ඡන්ද 17කින් සම්මත විය. 11 September 2017
ෆොන්සේකා කැබ්නට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ඉල්ලති සරත් ෆොන්සේකා මහතා ඉක්මණීන්ම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස සමාජවාදී ජනතා පෙරමුණ ජනපතිගෙන් ඉල්ලා සිටින බව එහි සාමාජික දේශපාලන පක්ෂයක් වන දේශ විමුක්ති ජනතා පක්ෂයේ ලේකම් ගලගම ධම්මරංසි හිමියෝ පැවැසූහ. 11 September 2017
ජනපවුරට සහය දක්වමින් ජිඑම්ඕ එක සිව් දින වැඩවර්ජනයක් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (12) සිට සිව් දින වැඩවර්ජනයක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇත. 11 September 2017
ගම්පහ දිස්ත්‍රික් සංවිධායක රිමාන්ඩ් මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ දී අයුතු ජනරාශීයක සාමාජිකයන් වී පුද්ගලයකුට කැත්තෙන් කොටා තුවාල සිදු කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උප සභාපති සහ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක සමීර සේනානායක ලබන 13 දක්වා රිමාන්ඩ් කිරිමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (11) නියම කළාය. 11 September 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026