මනෝප්රිය ගුණසේකර
බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු සන්තකයේ තබා ගත් බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන් විත්තිවාචකයක් කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මැයි 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද දැනුම් දුන්නේය.
ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.
බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු කිරුළපන ඇලන්මැතිනියාරාම විහාරස්ථානයේ තබා ගත් බවට චෝදනා කරමින් නිතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුනි.
එම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් හිටපු වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුලු 13 දෙනෙක් සාක්ෂි ලබා දුන්හ.
එම සාක්කි කැදවීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නිතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලේ සාක්කි විභාගය මින් අවසන් කරන බව දැනුම් දුන්නේය. ඒ අවස්ථාවේදී විත්තිකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සාක්කි කැදවීමකින් තොරව උන් වහන්සේ නිදහස් කරන්නැයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ නිතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
එම ඉල්ලීම සලකා බැලු විනිසුරුවරයා මේ පිළිබඳ තීන්දුව ලබන මැයි 11 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර බලපත්‍රයක් දී මේ හිමි නම නිදහස් කරන්න. අද හේන් ගොවියන්ට ඇති අලි උවදුරට මැඩලීමට ඇති එක පිලියමක් නම්, රටේ හැකියාවක් ඇති අයවලුන්ට අලි ඇති කිරීමට ඉඩ දීමයි.
නාරද, හේන් ගොවීන්ට වල් ඌරන්ගෙන්, ඉත්තෑවුන්ගෙන්, ගෝනුන්ගෙන්, වඳුරන්ගෙන්, ගිරවුන්ගෙන්, මීයන්ගෙන්, ... ඉඳහිට වලසුන්ගෙන්, කොටියන්ගෙන් වැනි සතුන්ගෙන් පවා කරදර සිදුවේ.
නාරද මහත්මයා කියන විදිහට ගියොත් ලංකාවෙ වනසතුන් ඉන්න එකක් නැහැ. ගොවීන්ට ප්‍රශ්ණ තියෙන්නෙ අලින්ගෙන් විතරක් නෙමේ. අලි ඉන්න තැන, උන් යන එන පාරෙ හේනක් අටවගත්තහම උන් හේනට නෑවිත් කොහෙ යන්නද? උන්ගෙ වාසභූමි ආරක්ශා කිරීම මිනිසුන් වන අපගේ වගකීමක්. මිනිසුන්ට හේන් වගාවෙන් මිදෙන්න අතහිත දීම රජයේ වගකීම.
නාරද සමග මමත් එකඟයි.
මේක පුදුම විකාර නඩුවක්. රන්ජන් රාමනායක ඇමතිතුමා කියන කතාව හරි. සමහර නඩු කාරයොත් කුහකයි සදාචාරවිරෝධියි. ගරු අගමැතිතුමා මේ ගැන පියවරක් ගන්න. නඩුකාරයෝ කරන්නේ නඩු කල් දාන එක. චුදිතයන්ට කොච්චර සල්ලි වියදම් වෙනවද නඩුවලට අවුරුදු ගණන් උසාවි ගානේ රස්තියාදු වෙන්න. මේ හාමුදුරුවන්ගේ අලි නඩුව විතරක් නෙවෙයි බොහෝ නඩු ගැන කියන්න තියෙන්නේ එකම දේ. නින්දිතයි අපේ රටේ අධිකරණ පද්ධතිය.
හරියටම බැලුවොත් අලියෙක් ඇති කරන්න නීතිමය පසුබිම නෙමෙයි වැදගත් වෙන්නේ. අලියට ඇතිවෙන්න කන්න බොන්න දෙන්න පුලුවන්ද, අලියට නිදහස් පරිසරයක් තියෙනවද ජීවත් වෙන්න කියලා. අලි පැටියෙක් ළඟ තියාගෙන කන්න බොන්න දීලා හදාගන්න එකේ වැරැද්ද මොකක්ද කියල මටනම් තේරෙන්නේ නැහැ.
හුරතල් වයසේ අලි පැටවෙකු මවගෙන් වෙන් කිරීම මහා පාපයක්.එක අලි පැටවෙකු ඉපදුනාම අලි රංචුවේ හැම අම්මා කෙනෙකුටම කිරි එරෙනවා.සමහර මනුෂ්ෂ්‍ය අම්මලාට වඩා අලි අම්මලා උසස්.සමහර නපුරු දරුණු හිත් වලට කරුණාව දැනෙන්නේ නැත. හුරතල් අලි පැටව් ඉන්න ඕනේ වනාන්තරවල අලි රෑන් වලයි.
අාණ්ඩුව මේ වැඩ කරලා තමයි අැණ ගත්තේ. ඉදිරි මාස දහ අටේ මේවා නිවරදි කල යුතුයි. නැතිනම් ගෙදර යාම අනිවාර්යයි. ධම්මාලෝක හිමි හිරේ දාන වේලේ බලපත්‍රයක් දී වන ජීවි අධීක්ෂණය යටතේ අලි පැටියා රැක බලාගැනීමට දුන්නේ නම් කෙතරම් වටීද? තවද වාර්ෂිකව බලපත්‍රයක් සඳහා මුදලක්ද අය කර ගත හැකිය.
'....අනේ පුතේ මට කන්න බොන්න නැහැ. එ් හින්දා නෑ කිරි එරුනේ... අයිනක ඉඳලා දුවන අම්මලාගෙන් වත් කිරිබීපන් පොඩිපුතුනේ... කේයස් ඔබ කීදෙනෙකුගේ අම්මලා.. ආච්චිලා ඉහත කවිය ඔබලාට කියලා දීලා ඇතිද? බුද්ධ පුත්‍රයෙක් හැටියට මුසාවාදයෙන් තොරව අපගේ සංස්කෘතියවත් ආරක්ෂා කිරීමට නැණ පහළවේවා !!
ගුණරත්න කියන දෙයට මමත් එකඟයි. සතුන් ඇතිකරන්න භාර දෙනවානම් වද හිංසාවෙන් තොරව ඔවුන් බලාගන්න ඉඩ පහසු ඉඩමක් සහ ආර්ථික ශක්තියක් ඇති පුද්ගලයින් තෝරා ගත යුතුයි.