ටෝනි කරුණානයක
සතොස හිටපු සභාපතිවරයකු වන නලීන් රුවන්ජීව ප්ර්නාන්දු මහතා මුල්යහ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (6) කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
2015 වර්ෂයේ සතොස සභාපතිව සිටිය දී ජනාධිපති මැතිවරණයට අදාළව රජයේ මුදල් මිලියන 39 ක් අවභාවිතා කර සාපරාධි විශ්වාසය කඩ කිරිම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
එවකට හිටපු ක්රීුඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමලේ මහතාගේ අවශ්යාතාවය මත සැකකරු මිලියන 39 ක රජයේ මුදල් ක්රීගඩා භාණ්ඩ මිලට ගැනීම සම්බන්ධයෙන් මුල්යඇ අපරාධ විමර්ශන කොට්ඨාසය පරික්ෂණ පවත්වා ඇත.
සැකකරු හොර රහසේ එංගලන්තය බලා පිටත්වීමට උත්සහ කළ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මිලියන 39 ක් අවභාවිතා කරන්න අත්‍යාවශ්‍ය වූ කෙනාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
ලංකාවේ නීතිය කොහොමත් පහත් තැනින් තමයි ගලාගෙන යන්නේ...
ඉතාම අශෝභනයි. හේතුව...සොහොන් හදන්න ජනතා මුදල් අවභාවිත කරලා, එකම වැරැද්ද කරපු අය අත්අඩංගුවට නොගන්න නියෝග දීලා. පහත් තැනින් වතුර ගලනවා.