(ඩයනා උදයංගනී)
වී ගොවිතැන සඳහා නව පොහොර සහනාධාර ක්‍රමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ අනුව වී ගොවිතැන සඳහා යල කන්නයට හිමිවන අයුරින් යූරියා, ටී.එස්.පී සහ එම්.ඕ.පී පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 500 බැගින් ලබාදෙන අතර අනෙකුත් බෝග සඳහා රුපියල් 1500 ක මිලකට ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙතෙක් ක්‍රියාත්මක වූ පොහොර මිලදී ගැනීමට මුදල් ලබාදීමේ ක්‍රමය අහෝසි කර මෙම පොහොර සහනාධාරය ලබාදීම සිදුකෙරේ.
මේ සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් භෝග වවන්නෙ කන්න නෙවෙයිද ?
වසවිස නැති ගොවියාට මොකද වෙන්නේ.. ඒ අයටත් සහනයක් අවශ්‍ය වෙනවා පෙර පරිදිම. ඒ අයට මුදල් සහනාධාරය දීම ඉතා වැදගත්...
ස්වභාවිකව ගොවිතැන් කිරීම සඳහා ගොවියා කටයුතු කරමින් සිටියි. ගොවියා නගාසිටුවන එක පැත්තකට දාලා. විලිලැජ්ජයි... ඡන්දෙ ගන්න සේරම විකුණයි...
දැන් නම් තේරිලා වගේ... පාසල් නිල අැඳුමටත් පෙර පරිදිම තිබුණා නම් හොඳයි. කොළ කැබැල්ලකට වඩා (වවුචරය) දරුවා අතට දෙන රෙදි වලින් ඔවුන්ට යම්කිසි රට ගැන හැඟීමක් කැක්කුමක් වවුචරයට වඩා අැතිවේවි...!!!
කණ පැලෙන්න දුන්නාම තමයි කට්ටියකට තේරුම් යන්නේ.... උපදේශකයෝ කියලා වටේට ඉන්න අය දිරච්ච කඹ ගිලලා වැඩ කරන එක දැන්වත් නැවත්තුවොත් ඇඟට හොඳයි.
අයියෝ.. මේවට කොහෙන් හිනාවෙන්නද කියලා මට නම් හිතාගන්නවත් බැහැ.
ජනතා ජයග්‍රහණයක්! සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මෙම සහනාධාරය ගොවීන්ට ලබාදිය යුතුයි කියන මතයේ දැඩිලෙස හිටියා. සජිත්ට අපේ සුබ පැතුම්!
මහින්ද මහතාට ස්තූති කරන්න. මෙහෙම කරන්න හේතුව පොහොට්ටුවේ ජයග්‍රහණය. එහෙම වුනේ නැතිනම් හම්බ වෙන කෙන්ගෙඩියක් නැත. සාමාන්‍ය ජනතාවට තමයි කෙලවෙන්නේ. පොහොර සහනාධාරය ගෙවාගන්න සාමාන්‍ය ජනතාවට බදු ගහනවා. ඊටපසු අපි වැඩි මිලට හාල් ගන්නවා. නරකද ඉන්දියාවෙන් හරි, චීනෙන් හරි හාල් ගෙනල්ල ලාබෙට දෙන එක.
පොහොර සහනාධාරය කාගෙවත් බූදලයකින් දෙනදෙයක් නෙවෙයි. මේවා අපේම මුදල්. හරියට මේ අයගේ ගෙදරින් දෙනවා වගේ කතාවක්...