IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මේක දේශපාලන විශ්වාසභංගයක්


“මේක දේශපාලන විශ්වාසභංගයක්. ඒ තුළ පැහැදිලි දේශපාලන අරමුණු තිබෙනවා. අප මීට සහාය දෙන්නේ ඒ බව නොදැන නොවෙයි. මේ යෝජනාව ජයගතහොත් රාජපක්ෂ කඳවුරට යම් උත්තේජනයක් ලැබෙනවා. ඒ උත්තේජනය ලබාදීමට කටයුතු කළේත් අගමැති සහ ජනාධිපති යන දෙදෙනාමයි.

මේ විශ්වාසභංගයෙන් ජනතාවට වෙන කිසිම සෙතක් නැහැ. ඒ ගැනත් අප දන්නවා. වංචාවට දූෂණයට එරෙහිවීමක් මේ තුළ තිබෙනවා. නුවර ඇති වූ සිද්ධි සමනය කිරීමට නීතිය හා සාමය ඇමැති ලෙස අගමැති අසමත් වීම. මෙයට අත්සන් කර තිබෙන අය බැලුවහොත් හොරකම්ක ප්පිත්තෝ, ජාතිවාදීන් ඉන්නවා.

නුවර ජාතිවාදය වර්ධනය වීමට අගමැති සහ ජනාධිපති ඉඩ දී තිබෙනවා. ගොවි ජනතාවට ජලය නැතුව දුක්විඳිද්දී පොහොර සහනාධාරය නැතිවෙද්දී අගමැති කෝටි ගණන් වටිනා කාර් ගේනවා. එම නිසා ගොවි ජනතාවත් අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න ඉඩ තිබෙනවා. පාතාලය වර්ධනය වීමට පටන් ගත්තා.

මනෝ ගනේෂන් ඇමැතිවරයා පවා ආරක්ෂාව ඉල්ලන තරමට එය වර්ධනය වුණා. අගමැති මේවා වැළැක්වීමට අසමත් වුණා. ජනාධිපතිත් මේවාට වගකිව යුතුයි. එයා ගැන පස්සේ කියන්නම්. අගමැති දේශපාලනය කළේ ජේ.ආර්. මාමාගේ උපක්‍රම අනුවයි. ඒ තමයි පක්ෂ කළ වෙන වෙනම පිල් හැදීමට ඉඩදීම. ඒ මගින් තමන් බලයේ ඉඳීම. ශ්‍රීලනිපයේ කොටසක් මෛත්‍රීටත් තව කොටසක් මහින්දටත් ලැබෙන අයුරින් කටයුතු කිරීම. ගාමිණී සෙනරත් හැංගිලා හිටියේ දෙනියායේ සාගල ඇමැතිතුමාගේ ගෙදර. ඒ ඇමැතිකම අගමැති ආරක්ෂා කළා.ඉතින් අපට කියන්නේ අගමැති ගැන විශ්වාසය තබන්න කියල ද?

සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිගේ තෙල් ගනුදෙනුවට මොකද වුණේ? එම නිසා ඇති වූ පාඩුව බිලියන 1027
යි. එවැනි වංචාවක් සිදුව තිබියදී සුසිල්ව ඇමැති කෙනෙක් ලෙස අගමැතිතුමා නම් කළේ ඇයි? සී.අයි.ඩී.එකේ පරීක්ෂණ තියෙන එස්.බී. දිසානායක ඇමැති කනෙක් ලෙස අගමැති නම් කළේ ඇයි? අනුර ප්‍රියදර්ශන, නිමල් සිරිපාල වැනි දූෂිතයන් ද ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමට අගමැති නිර්දේශ කළේ ඇයි? එහෙම අගමැති කෙනෙක් ද අපට විශ්වාස කරන්න කියන්නේ?

මෙම බැඳුම්කර ගනුදෙනුවේ එකම කාසියේ දෙපැත්ත තමයි අගමැති සහ අර්ජුන් මහේන්ද්‍රන්. එම නිසා අගමැති කෙරෙහි විශ්වාසය තබන්න බැහැ. අර්ජුන් මහේන්ද්‍රන් පළා යෑමක් නොවෙයි ඔහු සඟවා තැබීමක් මේ කර තිබෙන්නේ. මේ විශ්වාසභංග යෝජනාව මෙහෙයුම පිටුපස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් සිටිනවා.
2015 ජනවාරි 8 වැනිදා වැනි දේශපාලන ක්‍රියාමාර්ගයක් යළි ලංකාවේ ඇති වෙන්නේ නැහැ. මේවායේ වටිනාකම රැකගත යුත්තේ එමගින් පවත්වන පාලනයයි. නමුත් ඒ විශ්වාසය මේ පාලකයන් රැකගෙන නැහැ. අද රටේ දේශපාලනයේ ආරාජිකත්වයක් ඇතිව තිබෙනවා. අගමැතිවරයා අගමැති පුටුව ආරක්ෂා කර ගැනීමෙන් රටේ අරාජිකත්වය නැති වෙනවා ද? ජනතා විමුක්ති පෙරමුණේ හය දෙනා හිට ගත්තෙත් එකට. හිඳගත්තොත් එකට. විශ්වාසභංගයට සහාය දෙනවා.”

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්මා න්නප්පෙරුම මහතා (එජාප):-

“අද ඒකාබද්ධයේ රෝද හතරම හුළං බැහැලා. මේ විශ්වාසභංගය ගෙනාවේ දිනන්න නොවෙයි. අගමැතිට ඉදිරිපත් කරන්න ඕන විශ්වාසය පළ කිරීමේ යෝජනාවක්. එතුමා මේ රටේ ආර්ථිකය නිවැරදි කළා.”

අධ්‍යාපන ඇමැති අකිල විරාජ්කා රියවසම් මහතා:-

“අප ගම් සභාවෙන් ටිකක් පසුබෑමට ලක්වුණා. මේ යෝජනාවෙන් අපිට ඔක්සිජන් ලැබුණා. ඒකට ඒකාබද්ධයට
ස්තුතියි. අද ජයග්‍රහණයත් සමඟ අප 2020 තෙක් ශක්තිමත් ගමනක් යනවා. එදා අගමැතිවරු ලියුම් දීලා ගෙනාපු කුඩු කන්ටේනර් ඇල්ලුවා. එදා ඒවාට විශ්වාසභංග ආවාද? මේ විශ්වාසභංගය ගෙනාපු අයටම භූමරංගයක් වෙලා. මේ රටේ ආර්ථිකය හදන්න අපිට වුවමනායි.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතා:-

මට ලොකු උපාධි කිසිවක් නැහැ. නමුත්වැ ලිකඩ හිටපු උපාධිය මට තියෙනවා. අප අපේ වරප්‍රසාද ගැන හිතලා කටයුතු කරන්නේ නැහැ. අපට තනතුරු ලොකු නැහැ.

සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා:-

මෙතැන වංචාවක් වෙලා තියෙනවා. බිලියන 12 ක් බ්ලොක්ක රලා තියෙනවා. දෙන්නෙක් සම්බන්ධ වෙලා තියෙනවා. හොරු ගහගන්න එකට මම කැමතියි. මම මේ විශ්වාසභංගය ආවට කැමැතියි. මේ සංස්කෘතිය දිගටම ගෙන යන්න. මේ තුලින් හොරු ඇල්ලිය හැකියි.

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා:

- බැඳුම්කරජනාධිපති කොමිෂන් වාර්තාවේ අගමැති සම්බන්ධවූ කිසිදු චෝදනාවක් නගා නැහැ. ඒ මගින් රජයට අලාභයක් සිදුව නැහැ. මේ මහා පොත ගැන මන්ත්‍රීවරු හරියට විමර්ශනය කර නැහැ. මේ ගැන දැනට නඩු යනවා. එවැනි තත්ත්වයක්ති බියදීත් අපි විවාදයක් ලබා දුන්නා. එම නිසා මේ යෝජනාව රජයට මඩ ගැහීමක්. අගමැති දුර්වල නම් ඇයි මඩ ගහන්නේ. නිකම් ඉන්නකෝ.

ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා:-
විශ්වාසභංගය භංගත්වයට පත්වෙමින් තිබෙනවා. කන්දක්වි ළිලා මේ අයට මී පැටියෙක්වත් වදාගන්න බැරිව තිබෙනවා. 225 ක් ඉන්න පාර්ලිමේන්තුවේ 55 ක් හොයා ගෙන තිබෙන්නේ ලාහෙට ගෙම්බන් එකතු කරන ආකාරයටයි. අවුරුදු 40 ක් දේශපාලනය කරපු අගමැතිතුමාට මෙයාලා නගා තිබෙන්නේ චෝදනා දෙකයි.



අදහස් (3)

මේක දේශපාලන විශ්වාසභංගයක්

Upul Saturday, 07 April 2018 01:07 AM

ඔව් මේක දේශපාලනය තමයි. ඔයාට දුක හොර නඩය පැරදුණානම් කියලා නේද?

:       0       0

Saman Qatar Sunday, 08 April 2018 09:18 AM

ඕක පරාද වුණු එක රාජපක්ෂ කඳවුරට පාඩුවක් නෙමේ... ජනපතිතුමාට නම් පාඩුවක් වුනේ. රනිල් මහතාට කෙසේවෙතත් ඒ.ජා.ප යට වුණු වාසියක් නැහැ. ඒ බව නොබෝ දිනකින් වැටහෙනු ඇත. ඕකේ නියම රඟේ කමින් සූන්..

:       0       0

kumara Monday, 09 April 2018 11:14 AM

දේශපාලන නොවන විශ්වාසභංගත් තියෙන්න පුළුවන් කියලා දැනගත්තේ අදනේ... මන් හිතන්නේ ආගමික, සමාජයීය, සංස්කෘතික විශ්වාසබංගත් ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site