අංජුල මහීක වීරරත්න
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද සවස සිදු විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය පරාජයට පත් කිරීමෙන් පසුව ජනපති හා අගමැති හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ජනපති සහ අගමැති හමුව සිදුවූයේ කොළඹ හත මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදීය.
පැයකට ආසන්න කාලයක් පැවැති ඉහත හමුවේදී සාකච්ඡා වූ කරුණු කිසිවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවුනි.
යහපාලන ජාතික රජය අඛණ්ඩව 2020 දක්වා පවත්වාගෙන යාමට එහිදී අදහස් හුවමාරු කරගත් බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. නව ඇමැතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන්ද ඉහත හමුවේදී අගමැති සිය ස්ථාවරය ජනපතිට දැනුම් දී ඇත.ජනපති - අගමැති හමුවක්
අංජුල මහීක වීරරත්න
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද සවස සිදු විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය පරාජයට පත් කිරීමෙන් පසුව ජනපති හා අගමැති හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ජනපති සහ අගමැති හමුව සිදුවූයේ කොළඹ හත මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදීය.
පැයකට ආසන්න කාලයක් පැවැති ඉහත හමුවේදී සාකච්ඡා වූ කරුණු කිසිවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවුනි.
යහපාලන ජාතික රජය අඛණ්ඩව 2020 දක්වා පවත්වාගෙන යාමට එහිදී අදහස් හුවමාරු කරගත් බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. නව ඇමැතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන්ද ඉහත හමුවේදී අගමැති සිය ස්ථාවරය ජනපතිට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේම ඉඳන් ආණ්ඩුවම පැරද්දවීමට ඡන්දය දුන් කැබිනට් සහ සෙසු ඇමැතිවරු 16 දෙනා තවදුරටත් එම තනතුරුවල තබාගන්නවාද යන්න අද ඇතිවී තිබෙන අලුත්ම අවුලයි. හැම අවුලක්ම ඒකාබද්ධයට වාසිදායකය. ඔවුනට අවශ්‍ය කෙසේ හෝ 2020 දක්වා රට අස්ථාවර තත්වයේ තබාගැනීමය.19 වෙනි සංශෝධනයෙන් පසු ඇමැතිධූර ඉවත් කිරීමේ ක්‍රමවේදය වෙනස්ය. එය අගමැතිට හෝ ජනාධිපතිට තනියම කළ නොහැකිය. අගමැතිවරයා ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව ජනාධිපතිවරයා එය කළ යුතුය. දෙදෙනාම කැමැති නොවන්නේ නම් විශ්වාස භංගයකින් ඉවත් කළ යුතුය.
පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එජාපය සමග එකතුවී නගර සභා පිහිටුවීමට කටයුතු නොකළේ සම්මුති ආණ්ඩුව අමතකවෙලාද ? පොහොට්ටුවට බයවුනා ද ? වෙනත් අරමුණක් ද ? සම්මුති ආණ්ඩුවේ නායකයා ජනාධිපති වේ. පාර්ලිමේන්තුවේ නායකයා අගමැතිවේ. ආණ්ඩුවට අගමැතිට විරුද්දව ඡන්දෙ දීපු ඇමතිවරු ගැන නායකයන් දෙදෙනාට තවදුරටත් විස්වාසය තැබිය හැකිද ඔවු එමනිසා එයාලාගේ විස්වාශය භංග වී ඇත. ගරු ජනාධිපතිතුමනි ගරු අගමැති තුමනි ඔබතුමන්ලාගේ අවදානය පිණිසයි. ජනතාව අවදියෙන් ...!!! රොහාන් දයාදර පැරිස්
සරත් ෆොන්සේකා මහතාට නිතිය හා සාමය භාර නොදුන්නොත් කිරි මුට්ටියට ගොම දැම්මා කියල හිතා ගත්තට කමක් නැහැ.
ජනාධිපතිතුමාට දැනගැනීම පිණිසයි. ඔබතුමාව මහජනතාව පත්කළේ රට අස්ථාවර නොකර යහපාලනයෙන් රට ඉදිරියට ගෙනයාමටයි. ඒත් මේ 16දෙනා යහපාලනයට ලොකු බාධාවක්. මොකද මේ අය පරණ පාලනයට ගැති අයබව මුළු රටම දන්නවා. ඉතින් තවත් නොරැවටී මොවුන්ව සියලු ඇමතිකම් වලින් ඉවත් කරන්න.
රට එන්න එන්නම ප්‍රපාතයට යනවා.
රට ගැන හිතල ජන වරමේ අයිතිය හා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි අයට ඉදිරි වසර 2 බාරදෙන්න. රටේ නායකයා වන ගරු විධායක ජනාධිපති තුමනි, මහජනයා අවදියෙන් ...
දැන්වත් සරත් ෆොන්සේකා මහතාට නිතිය හා සාමය ඇමතිකම දෙන්න එය බහුතර ජනතාවගේ පැතුමයි
අයියෝ සිරිසේන ජනාධිපතිතුමා....
"බලාගෙන යනකොට අංගොඩ ලොක්කා මෙයානේ..."
සමහරක් සිතන පරිදි ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමතිකම දුන්විට සියලු හොරුන් අැල්ලෙයි. මතක තබා ගත යුතු දේනම්, ඔය කව්රු නීතිය හා සාමය ඇමති වුණත්, ඒ තැනැත්තා නැටිය යුත්තේ අගමැතිගේ සහ ජනාධිපතිගේ බෙර පදයටයි. මේ රටේ දේශපාලන හොරු ඉවත් කල හැකි වන්නේ පිරිසිදු අගමැති සහ ජනාධිපති කෙනෙක් පත්වුණුදා පමණි. ලංකාවේ එවැනි දෙයක් සිදුවේ යැයි සිතිය නොහැකිය.