IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පක්ෂව ඡන්දය දීලා හෙට මම ගෙදර ගියත් කමක් නැහැ

කවුරු කොහොම කිව්වත් මේ බැඳුම්කරේ වංචාවක් සිදුව තිබෙනවා. මේ විශ්වාසභංගයේ කාරණය පිළිබඳ මට එකඟ වෙන්න සිදුවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනවා. මේ ආණ්ඩුව අරන් යන විට අපට මතවාදී ගැටුම් තිබෙනවා. අපි ඒවා කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රීලනිපය කණ්ඩායම මේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න 2 වැනිදා තීරණයක් ගත්තා. 

නමුත් සමහර මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තු එන්නේ නැහැ. නමුත් අපට කොන්ද පණ ඇති මන්ත්‍රීවරු විදියට එහෙම කරන්න බැහැ. ශ්‍රීලනිපය එජාපය එකට එකතු වෙලා යන්න ඕන නැහැ කියලා ජනාධිපතිතුමා හෙට තීරණයක් ගත්තොත් අපිට එළියට බහින්න වෙනවා. ශ්‍රීලනිපයේ ගමන් මාර්ගය ගැන එජාපයටත් එජාපයේ ගමන් මාර්ගය ගැන ශ්‍රීලනිපයටත් තීරණ ගන්න බැහැ. මේකට පක්ෂව ඡන්දය දීලා හෙට මම ගෙදර ගියත්ක මක් නැහැ. අපි තීරණ ගන්නේ 42 දෙනාම එකට එකතුවයි. ඒ තීරණය කඩන අය හැංගිලා ඉන්න එපා.

අපි අද ගන්න තීරණය නිසා ජනාධිපතිතුමා අපට හෙට යන්න කිව්වොත් අපි එළියට බහිනවා. අපි ඉන්නේ එජාප
ආණ්ඩුවක නොවෙයි. අපි එජාපයට මුක්කු ගහන්න සූදානම් නැහැ. අගමැති සමග පෞද්ගලික මතවාද නැහැ. අපි කටයුතු කරන්නේ පක්ෂයක් විදියට මිස එජාපයට අනුව නොවෙයි. අගමැතිත් ජනාධිපතිත් තීන්දුවක් ගන්න ඕන. මේ ගමන කොහොමද එකට යන්නේ කියලා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-

 ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙනවා නම් විපක්ෂයට යන්න ඕන. රැවුලයි කැඳයි දෙකම බැහැ. මේ විශ්වාසභංගය ගෙනාවේ දේශපාලන කටයුත්තකටයි. තමන් හරියට ඉන්නෙ නැතිව අනෙක් අයට ඇඟිල්ල දිගු කරනවා. විශ්වාසභංගය යෝජනාව අපි දිනනවා. ඒක නතර කරන්න බැහැ.

කළුතර දිස්ත්‍රික් (එජනිස) පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-


 ආර්ථිකය බිඳවැටීම, අසාධාරණ බදුබර, ජාතිවාදී ගැටුම්, පෙඩරල් ව්‍යවස්ථාවක් ලබා දීම, විකෘති මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ආදී චෝදනා රැසක් ආණ්ඩුවට තියෙනවා. ආණ්ඩුවට වයස අවුරුදු තුනක් වෙනවා. විශ්වාසය
තියපු ලක්ෂ 62 ක ජනතාව අද කලකිරීමකට පත්වෙලා ජනතාවගේ අභිලාෂය ඉටුවෙලා නැහැ.

නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතා මූලාසනයට පැමිණියේය.

පුත්තලම දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-

මේ විශ්වාසභංගය යෝජනාව එජාපයේ විශාල ජයග්‍රහණයක්. විශ්වාසභංගය ජයග්‍රහණය කළාම පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය තියෙන අගමැතිවරයා ලෙස තහවුරු වෙනවා. 

කුරුණෑගල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-

අද ශ්‍රීලනිපඇමැතිවරු ලොබියේ ඉඳගෙන අඬනවා. හෙට ඉරපායනවද? ගම්මන්පිල කෝ. දැනටම විපක්ෂය පරාජය බාරගෙන තියෙනවා. නියෝජ්‍ය කතානායක තුමා සභාවේ නැහැ. කුමන්ත්‍රණයක්දැයි සැකයි. අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයට ඡන්දය දීලා තවදුරටත්ඇ මැතිකම් දරන්න බැහැ. ඇඳුම්ඇඳගෙන නම් බැහැ.

ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී. ඒකනායක මහතා:- 

පළාත් පාලන ඡන්දයෙන් ජනතාව දුන් සංඥාව තීරණය කළ යුතුයි. අද පෞද්ගලීකරණය වැඩසටහන් ක්‍රියාත්මක
වෙනවා. අද රටේ අර්බුද ගැන ජනතාව අපට කියනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චතුර සේනාරත්න මහතා (එජාප):-

බැඳුම්කර ගනු දෙනුව ගැන ජනාධිපති කොමිසමක් ආවා. අද සියල්ල නීතිය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දූෂණයට එරෙහි අරගලය පාවාදීලා පරණ හොරු එක්ක වැඩ කරනවා නම් අප ඊට විරුද්ධයි. හැට දෙලක්ෂයේ ජනවරම පාවා දෙන්න අපි කාටවත් ඉඩ තියන්නෙ නැහැ.

රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා:- මේ ආණ්ඩුව

වසර තුනක ලබපු ප්‍රගතිය ගැන මට සතුටක් නැහැ. රජයේ යහපත් දේට ගරු කළ යුතුයි. රජයේ කළමනාකරණය
ගැන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එජාපයේ ප්‍රතිපත්ති ගැන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. අපට වැරැදීම් වෙලා තියෙනවා. සමහර අපරාධ විමර්ශන වැළැක්වූයේ අගමැතිතුමා නොවෙයි. වැඩිහිටි දීමනාව කැපීමෙන් අප පිරිහීමට ලක්වුණා. සමෘද්ධි ව්‍යාපාරය අද රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් වෙලා. සමෘද්ධි ව්‍යාපාරය වෙනුවට විකල්ප ව්‍යාපාරයක් අරඹන්න. 

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේවා විතානගේ මහතා (එජාප):- 

මේ විශ්වාසභංගයට ඒකාබද්ධයේ බාගයකට වැඩි පිරිසක් විරුද්ධයි. මේක අවශ්‍ය වුණේ ගෝඨාභය කල්ලියේ අයටයි.

විදේශ රැකියා හා ඩිජිටල් පහසුකම් ඇමැති හරින් ප්‍රනාන්දු මහතා:- 

විශ්වාසභංගය ගෙනාපු අයත් සභාවේ නැහැ. මේක පිස්සු විශ්වාසභංගයක්. මේ පාර්ලිමේන්තුවේ හතර පාරක්
අගමැති වුණේ රනිල් විතරයි. ඉතින් රනිල්ට බැහැ කියන්නේ කොහොමද? ආණ්ඩුව ඇතුළෙ ඉන්නවා අඟේ ඉඳන් කන කන අය. මුන් ටික එළියට දාන්න ඕනේ. අපේ රෙද්ද ඇතුළෙම ඉඳගෙන අපේම එක කනවා. කට්ටියක් හිටං හුටං වගේ දේවල්කිව්වා පස්සේ ඇවිත් වැඳලා ඇමැතිකමක් ගත්තා.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා:-

මට මේ විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බැහැ. මම මේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව හැසිරිලා තියෙනවා. දියවන්නාවෙන්එ ළියේ මට දේශපාලනයක් තියෙනවා. ඒක මගේ අයිතිය. මම පක්‍ෂයේ මාධ්‍ය ලේකම්.  

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා:-
මේ වගේ අශූචි ගහගත්තු විශ්වාසභංග යෝජනාවක් මමදැකලා නැහැ. බැඳුම්කරේ විත්තිකරුවන් දෙදෙනකු 
 හිරේට දැම්මා. තවත් අයකුට රතු නිවේදන යැව්වා. මිග් ගනුදෙනුවේ සියලු වංහුං හොයා ගෙන තියෙනවා. ඒකේ සල්ලි හැංගුවේ කොහේද? මේක හොයන කොට ලසන්ත වික්‍රමතුංග මරා දැම්මා.



අදහස් (8)

පක්ෂව ඡන්දය දීලා හෙට මම ගෙදර ගියත් කමක් නැහැ

ROHAN Thursday, 05 April 2018 12:06 PM

කොහොමත් ගෙදර යන්න වෙනවා... තමුන් කවුද කියලා තමුන්ගේ දෙබිඩි පිළිවෙත් වවුල් ප්‍රතිපත්ති දැන් ජනතාව අවබෝධ කරගෙන හමාරයි..!!!

:       0       0

mahinda Thursday, 05 April 2018 12:39 PM

දැන් ඉතින් ගෙදර යන්නේ නැද්ද? ඒජාපෙන් පැන්න. මහින්දට හේත්තු වුණා. යහපාලනෙනුත් ඇමතිකමක් ගත්තා. විශ්වාස භංගෙට ඡන්දෙ දුන්නා. දැන් ගෙදර යන්නේ නැද්ද?

:       0       0

ranavi Thursday, 05 April 2018 04:31 PM

කොහොමත් හිටියත් වැඩක් නෑ. කොහේ හිටියත් කයිවාරුව විතරයි. ක්‍රීඩාවත් කාලම දැම්මා...

:       0       0

Sathyayaa Tuesday, 10 April 2018 09:20 AM

ධාන්‍යය කියා කවුරු කවුරුත් වගා කර ඇත්තේ වල් පැලෑටි ඇට. ඇට ඉසින කොට අත්පුඩි ගැසූ අත්වල දැන් ඇත්තේ පොලු මුගුරු... එනකම් බලා ඉන්නේ හොඳ සත්කාරයක් කරන්න. දියවන්නාවට ගිහින් හොඳට බඩකට පුරවා ගත්ත මිනිස්සුන්ට අද කාපු දේවල් දිරවා ගන්න බැරිව වමනේ කරනවා. එකිනෙකාට ඇඟිල්ල දික්කරන හැම දෙනාගේම කිල්ලෝටවල හුණු. ඒකට පක්ෂ භේදයක් නැහැ. වවාගෙන කාපු අයට ආපසු ගෙවන දිනය ලංවෙමින් පවතිනවා.

:       0       0

Chandima Wednesday, 11 April 2018 07:44 AM

මම නම් කියන්නේ මේ අවස්ථාවේ ඔය කියන කිසිම සදාචාරයක්වත් සම්ප්‍රදායක්වත් නැහැ කියලයි. මොකද අගමැති මහා වංචාවකට ගෑවිලත් ඔහේ ඉන්නවා තමන්ගේ තනතුරේ... අස්වෙන්න හීනෙකින්වත් හිතලවත් නැහැ. ඉතින් ඔය විශ්වාස භංගයට ඡන්දය දීපු අය විතරද සදාචාරේ සම්ප්‍රදාය ගැන හිතන්න ඕනේ? ඒ අයටත් තියෙන්නේ ඔන්න ඔය කරුණ ඉදිරිපත් කරලා දිගටම තමන්ගේ තනතුරුවල ඉන්නයි...

:       0       0

shan saudi Thursday, 12 April 2018 04:50 AM

හොඳයි දැන් හරිනේ... පව් හොඳේ... ගෙදර යන්න ගිහින් කුඹුරක් කොටාගෙන අංගම්පොරයක් අල්ලගෙන පාඩුවේ ඉන්න... මහජන මුදල් හොරාකන්නේ නැතිව... ඉන්න කියපු කාලෙත්, අනාගතේට උන්නා කියලවත් රටට හෝ ජනතාවට කරන කිසිම සේවයක් නැහැනේ...

:       0       0

Uzman Friday, 13 April 2018 09:19 AM

ඕවා හිතේ දුකට කියන කතා...

:       0       0

abayawansa Saturday, 14 April 2018 01:01 AM

පාකිස්තානු රජය ලංකාවට වඩා ප්‍රතිපත්ති ගරුකයි. උසාවි ගිහින් අගමැති ගෙදර යැව්වා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 560 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 324 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site