IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා දීමේ වගකීම අගමැතිට වගකීමක් තිබෙනවා

රත්නපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා

මේ යෝජනාවට ආණ්ඩු පක්‍ෂයෙන් සහාය ලැබෙන්නේ ඇයි? ඒ අය මේකට පක්ෂව කතා කරනවා. ඒකෙන් මේ යෝජනාවේ අගය වැඩිවෙනවා. මංගල සමරවීර මහතා උත්සාහ කළේ ජනාධිපතිතුමාත් මේකේ පටලවන්නයි. ඒක එතුමා පිළිනොගත්  බව එතුමාගේ පක්ෂයේ අය කතා කළ දේවලින් පෙනී යනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා දීමේ වගකීම අගමැතිට වගකීමක් තිබෙනවා. එසේ නොගෙන්වීම ගැන අප අගමැතිට චෝදනා කිරීම වැරදිද?

(කතානායක කරු ජයසූරිය මහතා මුලසුනට පැමිණියේය.)

වාසුදේව නානායක්කාර මහතා

අගමැති කියන විදියට අර්ජුන මහේන්ද්‍රන් නොවෙයි වැරදිකාරයා අජිත් නිවාඞ් කබ්රාල් මහතායි. නමුත් එතුමාට
එහෙම උසාවි එන්න කියල නියෝගයක් නැහැ. හෙට අනිද්දට මේ ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන්. එසේ
වුවහොත් අගමැතිතුමාට අර්ජුන ගැන තොරතුරු පොලිසියට නොදී ඉන්න පුළුවන්ද? මේ නිසා තමයි එතුමා අගමැතිකම බේරාගන්න විවිධ ජාති කර තියෙන්නේ.

මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා-

මේ විශ්වාසභංග යෝජනාව නිසා අපට ශුද්ධ වූ එක්සත් ජාතික පක්‍ෂයක් හදා ගැනීමට ලැබී තිබෙනවා. මේ මගින්
අගමැතිතුමාට විශ්වාසය පළවී තිබෙනවා. සියලු පක්‍ෂවල නායකයන් අද එක්වී සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂ නායකයා සමගයි. මේක 2025 වෙනකම් අප ගෙන යනවා. අද වැටෙයි හෙට වැටෙයි කියලා බලාගෙන ඉන්න එපා. 

වන්නි දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ශිවශක්ති ආනන්දන්


මහතා ජනවාර්ගික අර්බුදයට විසඳුමක්  ලැබීමටයි කියලා අප වසර තුනක්ම බලා හිටියා. නමුත් ප්‍රධාන
පක්‍ෂ දෙකම එයින් ඈත්වෙන බව තමයි පෙනී යන්නේ. තවදුරටත් මේ තත්ත්වයට විසඳුම් නැත්නම් පසුගිය යුදකාලයේ සිදුවීම් යළි ඇතිවිය හැකියි.



අදහස් (0)

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා දීමේ වගකීම අගමැතිට වගකීමක් තිබෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 229 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site