“අගමැති ගැන අපිට විශ්වාසයි. එතුමා උගතෙක්. ඔහු ආතක් පාතක් නැතිව දේශපාලනයට ආපු කෙනෙක් නොවෙයි. එතුමා මහන්සි වී වැඩ කරනවා. ආර්ථීකය ගැන දැක්මත් විශාලයි.අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්. මහනුවර සිද්ධිය අගමැති මත පැටවීම සාධාරණ නැහැ. මහේන්ද්‍රන් විදේශිකයකු නම් ගෝඨාභයත් විදේශිකයෙක්.
අජිත් නිවාඞ් නිසා බිලියන 36ක් රටට අහිමි වුණා. ඒ ගැන ඒ කාලයේ පාලකයාට විරුද්ධව කවුරුවත් කතා කළේ නැහැ. කතා කළා නම් කඳ තියෙයි නිල්වලාවේ. ඔළුව තියෙයි කැලණි ගඟේ. එහෙම කාලයක් තිබුණා. ඒවා මෙයාලාට අමතකයි. අම්ම තාත්තගේ සොහොන් ගෙවල් හදන්න මහජන මුදල් ගසා කෑව හොරා ඇරෙන්න මීළඟ ජනාධිපති අපේක්ෂක කරන්න වෙන හොරෙක් තමුන්නාන්සේලාට නැද්ද?”
මාතර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා:-
“අපට තිබෙන වරප්‍රසාදයත් අයිතියත් අනුවයි අපි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ. නමුත් අපට වඩා
වේගයෙන් එජාපයේ අය මේ ගැන රට හමුවේ තිබ්බා, එය අපට අයිති දෙයක් නොවෙයි, බැඳුම්කර සිද්ධියට අගමැතිතුමාත් වගකිව යුතුයි කියලා ජනතාව තුළ මතයක් තිබුණා. මේ විශ්වාසභංගය තුළම තිබෙන්නේ ප්‍රතිපත්තිමය කරුණුයි.
නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:-
“2008 සිට බැඳුම්කර වංචා සිදුවෙලා තියෙද්දී 2015 එකක් ගැන විතරක් ඒකාබද්දේ අය කතා කරනවා. මේ යෝජනාවට විරුද්ධව අප ඡන්දය දෙනවා. පසුගිය රජය වතුකරයේ ජනතාව අමතක කර තිබුණා. එය කඳුකර අමාත්‍යාංශය ලෙස සලකා අපට ගරුත්වයක් දුන්නා. ඒ නිසා අප එතුමාට ගෞරව කළ යුතුයි.”
කොළඹ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා:-
“අපි මේ යෝජනාව දිනන්නේ බොරු කියලා නොවෙයි. ඇත්ත කියලයි. දිගන සිද්ධියට සම්බන්ධ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඒ තනතුරුවලින් ඉවත් කරනව ද කියලා නායකයන් කියන්න ඕන. ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය ජනාධිපති සමඟ ඩීල් දාලා හිරේ යන එක වළක්වාගෙන සිටිනවා. සුසිල් ඇමැතිතුමාට අල්ලස් නඩුවක් තිබෙනවා. අපට එක තැනක වැරදුණා. ජාතික ආණ්ඩු හදනකොට අපි සමහරු ගැන බැලුවේ නැහැ. සුසිල් ඇමැතිතුමා ගංජා ගහලා ඇවිල්ලා කතා කළා ද දන්නේ නැහැ. එතුමා උදේට විජේරාමේ හවසට ජනාධිපති මන්දිරේ.
අපි ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කියනවා මේවා ගැන හොඳට සලකා බලන්න කියලා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක ඇත්ත... රට දැන් සෑහෙන්න බදුවලින් සුඛිත, මුදිත වෙලා. කොටින්ම රෝගීන්ගේ රෝහල් බිලටත් 12% බදු ගහනවා. අපිට තියන දුක කියන්නේ මේ ගමන අපි ප්‍රාදේශීය සභා මැතිවරනෙන් රජයට දුන් පණිවිඩය සහ අතතුරු ඇඟවීමවත් මේ උගත්තු සෙට් එක තේරුම් නොගැනීමයි..
සර් විහිළු සපයන්න එපා. මහබැංකු හොරකමින් විනාශ වූ මුදල් සොයාගැනීමට අගමැතිගේ උනන්දුවක් නැත්තේ ඇයි?
එතකොට මෙයාව සදාකාලිකව තියාගන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා. UNP එකේ වෙන කවුරුවත් නැද්ද මෙයාට අසනීපයක්වත් වුණු වෙලාවට වැඩ බලන්න.
නීතිය හා සාමය ඇමැති තනතුර සරත් ෆොන්සේකාට දෙන්න. එය ජනතා ඉල්ලීමයි.
ඡන්ද 5000කට මේ වගේ සැප දෙන්නේ මේ අගමැති විතරයිනේ. එ්කයි මෙයා මෙච්චර ලෙන්ගතු... නමුත් ජනතා මතය කොහෙද කියන එක මෙයා දකින්න ඇතිනේ...
අපිත් හිතුවා එතුමා මෙරට ගොඩගන්න ඉන්න මහා උගතා කියලා. නමුත් බැඳුම්කර සිදුවීමෙන් එතුමාම ඔප්පුකළා. එතුමත් අනිත් දේශපාලකයින්ට වඩා වැඩි වෙනසක් නෑ කියලා. එතුමාට තිබූ අවසන් අවස්ථාවත් නැතිකරගත්තා. ජනාධිපති කෙනෙක් වෙන්න එයාට තව අවස්ථාවක් නෑ.
අගමැතිට කෙල වුනානම් මෙයාටත් යන එනමන් නැතිවෙනවා.
ඔව්, ඔයාලට පින් ඇමැතිකම් දීලා තියෙන්නේ රනිල්නේ.. එයා නැතිව ඔබලාට ඔය සැප වාහන පින් පඩි හම්බවෙන්නේ නැහැනේ...
2002 සිට 2004 අගමැති ඉන්න කාලෙත් ඔබ හමුදාවේ ලොකු නිලයක් දැරුවා නේද? මේ තරම් "දක්ෂ " අගමැතිගේ ඒ කාලේ වැඩ මතක ඇතිනේ... දැන් කතාකරන්නේ පිනට ලැබුණු ඇමැතිකමට කෙලෙහිගුණ සලකන්නද? රටේ ජනතාව හොඳින් දන්නවා අගමැතිගේ වැඩ ගැන... එ්කනේ පසුගිය ඡන්දේදි හොඳ ප්‍රතිඵලයක් දුන්නේ...
අගමැති එළවලා රට කිරීමට හිතීම විහිළුවක්ලු.. හැබැයි කව්ද කීවේ කියලා නැත. කතාව ඇත්ත තමයි නමුත් රනිල් එලෙව්වොත් මෙරට කිරීම හරිම ලෙහෙසියි. එයා රටක් පාලනය කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි කියලා ඔප්පුවෙලා ඉවරයි.
අජිත් නිවාඩ් නිසා බිලියන 36ක් පාඩු වුණානම් අගුපිල් වල කියවකියවා ඉන්නේ නැතිව පාර්ලිමේන්තුවේ කියලා සුදුසු පියවර ගන්නකෝ. ඕවට රැවටුන කොටළුවන් ලක්ෂ 62ක් සිටියා තමයි.... දැන් උන්ගේත් මොලේ පෑදිලා...
කුඹියට සුලුදියපාරත් ගංගාවක් වගේ පෙනෙන්නේ... දේශපාලන නොදරුවෙක්ගේ දැනුම ගැන පුදුම වෙන්නේ නැහැ .
එක තමා අාපු ගමන් මහබැංකුව සුද්ද කරේ... පින් ඇමති කමට වෙන මොනවා කියන්නද?
එතුමා උගතෙක්ලු... එහෙනම් මොකෝ ඔබව සැල්වේෂන් ආමි එකට හොඳයි කීවේ. " ඔහු ආතක් පාතක් නැතිව දේශපාලනයට ආපු කෙනෙක් නොවෙයිලු." ඒකගැන අපි හොඳට දන්නවා අපිට අමුතුවේ අටුවා ටීකා වුවමනා නැත. එතුමා මහන්සි වී වැඩ කරනවාලු. ඒක වෙන්න පුළුවන්, නමුත් මේ අවුරුදු 3 ට මහජනයාට සෙතක් උනේ නැහැ බදු බර හැරෙන්නට. ආර්ථීකය ගැන දැක්මත් විශාලයිලු... නැතුව එ්කනේ මහබැංකුවටම කෙළවුණේ. නේද? අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්ලු අපිට නම් අගමැති තියා ගැනීම විහිළුවක් හලෝ මහේන්ද්‍රන් විදේශිකයකු නම් ගෝඨාභයත් විදේශිකයෙක්. මහේන්ද්‍රන් මහබැංකුව බැනාට දීලා රටින් පැන්න ගෝඨාභය ත්‍රස්තවාදයෙන් රට බේරාගෙන රට රැකගත්තා දැන් කොයි විදේශිකයාද හොඳ? මහේන්ද්‍රන් ලංකා පුරවැසිකම නැහැ ගෝඨාභය මැතිතුමා මෙරට පුරවැසියෙක්. ඉතින් කොහොමද ගෝඨාභය විදෙශිකයක් වෙන්නේ...? ඕක නොදන්නා ඔබද මේ රටේ ජනාධිපති වෙන්න හැදුවේ.... ඔබට කන්න හිතුණාම කබරගොයත් තලගොයා නේද?
එක්සත් ජාතික පක්ෂයේ පෙරහරේ කරඬුව වැඩමවන්න හොඳ සද්දන්ත කුලයේ ඇතෙක් වුවමනායි. දැන් ඉන්න ඇතා ඉඳහිට කලබල කලත් එයාව පෙරහරේ කරඬුව වඩම්මා නැවතත් ගන්න වෙනවා. එහෙම නොවෙන්න නම් තවත් ඇතෙක් පුහුණු කරන්න වෙනවා. ඒත් එක්සත් ජාතික පක්ෂයේ පෙරහරේ කරඬුව වඩම්මන්න සුදුසුකම් ඇති තවත් ඇතෙක් ඉන්නවද? නැහැනේ. ඒක නිසා මේ ඇතා ඉඳහිට කුලප්පුවෙලා එහෙට මෙහෙට දැඟලුවට කකුල්වලට විලංගු දාලා ගත්තහම ඔය දැඟලිල්ල නවතීවි. කරඬුව වැඩමවන්න දිගටම ගන්නත් පුළුවන්. එහෙම නැතුව ඔය අර ඇතා හොඳයි මේ ඇතා හොඳයි කිව්වට මම නම් හිතන්නේ නැහැ මේ දළය විතර හොඳ වෙන ඇතෙක් ඔතන ඉන්නවා කියලා...
මෝඩයා කට අරිනකම් උගතෙක්..
මේ අය හිතන්නේ රනිල් නැත්නම් රට නවතිනවා කියලද? මීට කලින් හිටපු නායකයින්ට මුක්කුවකටවත් තියන්න පුලුවන්ද රනිල්?
පිනට කහින්නේ නැතුව ඉන්න.
ඔබතුමා හරි මහ බැංකුව ගැන මනා දැනීමක් ඔහුට තිබෙනවා 2015, 2016 වසර දෙක තුල එය ඔප්පුකර ඔබතුමාගේ දැනීම ගැන අපට විශ්වාසයක් නැහැ.
ඡන්ද 5000ක් ගන්නවට ජනතා ප්‍රසාදයක් නැති අය මන්ත්‍රීකම් කරන එක විහිළුවක් නෙමෙයි..
ඔබට කෙනෙහිලිකම් කරපු එකේ වාඩුව ගන්න ඔබ පාර්ලිමේන්තුවට යන්නම ඕනේ නැහැ... ගෝඨාහරියි කියා අප කියන්නේ නැහැ. ඔබ අද රනිල්ට කඩේ යන කොට ඒක හරියි කියන්න තරම් ජනතාව දේශපාලන වශයෙන් අනාථ වී නැහැ. ඔබලා කරන්නේ වෛරී දේශපාලනයක්.... මෙහි ඇති ඛේදවාචකය නම් ඒ ජරා දේශපාලනය අහිංසක ජනතාවගේ මුදලින් කිරීමයි. පාලක කණ්ඩායම වේවා, විරුද්ධ පක්ෂය වේවා, රෙදි ඇඳගෙන මින් මතු පාර්ලිමේන්තුවට එන්න බලාපොරොත්තු වෙනවා නම්, කරුණාකර තමන් විසින් හොඳින් ඉපැයූ ධනයක් ඇත්නම් ඒ මුදලින් පාර්ලිමේන්තුව නඩත්තු කර මහත්මා දේශපාලනයක් කරන්න.
මහේන්ද්‍රන් රට කාපු කෙනෙක්..., ගොඨාභය රට බේරාගත් විරුවෙක්...
ණයට කහිනවා මෙයා....
අනේ අපි නොදන්නා අගමැති... එලෙව්වොත් රටටත් හොඳයි, පක්ෂයටත් හොඳයි...
ෆොන්සේකාගේ විකාර කතා තමයි. හමුදාවේ හිටියා කියන්නත් ලැජ්ජයි. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු පිංගුත්තරයින් එක්ක නේද අද ඉන්නේ... හමුදාවත්, රටත් විනාශ කරනවා...
සරත් ෆොන්සේකා කියන්නේ අපි ගරු කරපු කෙනෙක්... එ්ත් දැන් පිස්සන් කොටුවෙන් පැනලා වගෙයි හැසිරෙන්නේ කතා කරන්නේ...
තවම එලවල නැහැනේ... අවුරුදු තුනක් ඉඳලා මොනවද කෙරුවේ...? මහබැංකුව අඩියටම සූරගන කෑවා මිසක්...
දැන් නම් හොඳටම විකාර වගේ.. පව් ගෞරවය නැත්තටම නැතිකරගත්තා.
අනේ ජනරාල්තුමනි, විහිලු නම් ඔය ඕනෑතරම් තියෙන්නේ... දැන් ඔබතුමාගේ ක්‍රියාකලාපෙම ගැන හිතලා බලන්නකෝ...
පරාද වූ අපේක්ෂකයෙකුට පින් ඇමතිකමක් ලැබුණාම කඩේ යන්නම වෙනවනේ. මේ අවුරුදු 3ට රටට වෙච්ච හෙනපතේ හොඳටම ඇති...