IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බැඳුම්කර මංකොල්ලයේ මුදල් මැතිවරණය යෙදෙව්වා.

බැඳුම්කර මංකොල්ලයෙන් ගත්ත මුදල් සම්භාරය මහ මැතිවරණය දිනන්න යෙදෙව්වා. විශ්වාසභංගයටත් ඒ සල්ලි විසිකළා. අගමැතිතුමාගේ ආර්ථිකය හැසිරවීම දුර්වලයි. අගමැතිතුමාගේ ආර්ථික කමිටුව හරහා තමයි සියලුදේ හොරකම් වෙන්නේ. මහ බැංකුව පවරාගත්තා. ආර්ථික කමිටුව අහෝසි කළා.

අපිට අද කුණු බිත්තර ගහන්න සිරිකොතෙන් කට්ටියක් ඇවිල්ලා. ආණ්ඩුවේ දෙදරීම පටන් ගන්නේ අද හවස. එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අද රාත්‍රි 12.00න් පස්සේ අයින් වෙනවා. මේක ජයග්‍රහණය කරයි කියලා ප්‍රශ්නය ඉවර නැහැ. අපි ගහපු බෝම්බයට අද කාටත් තුවාලයි. මේ ආර්ථිකයට ඔබලා කළේ මොකක් ද? කරපු කිසිම දෙයක් නැහැ. මේ 9 වැනිදායින් පස්සේ යූ.එන්.පී. එක දෙකට කැඩෙනවා.”

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:-

“මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් ගන්න පුළුවන් හැම පියවරක්ම ගත්තා. තරාතිරම නොබලා දඬුවම් දෙන්න පියවර ගෙන තියෙනවා. ආණ්ඩුව මේකට පියවර ගත්තා. බැඳුම්කර  සිද්ධියට දඬුවම් දීමට විශේෂ අධිකරණ පද්ධතියක් හදන්න සූදානම් වෙනවා. ඒක මේ පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි. බැසිල් රාජපක්ෂ කොන් කරන පිරිසක් මේ විශ්වාසභංගය පිටුපස ඉන්නවා. විශ්වාසභංගය අද පරදිනවා. අපට ඡන්දය දීපු ඡන්දදායකයන් වෙනුවෙන් අපි ක්‍රියා කරනවා. රටේ දැන උගත් මධ්‍යම පන්තියට අපේ පාලනයේ යුක්ති යුක්ත භාවය ඇති කළ යුතුයි. මේවා පසුගිය කාලයේ ඉටු වුණේ නැහැ. එය ඉදිරි කාලයේදී කළ යුතුයි.”

ගාල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා:-

“අද හවසට සුසිල් ප්‍රේමජයන්තලා, නිමල් සිරිපාලලා, අනුර ප්‍රියදර්ශනලා ශ්‍රීලනිපයෙන් එළියට ගියාම ඒ ඡන්දය පොදුජන පෙරමුණට එකතු වෙලා අපේ ඡන්ද පදනම සියයට 50 ඉක්මවනවා. ජනවාර්ගික අර්බුදය විසඳීම සාධනීය මැදිහත්වීමක් කිරීමට අගමැති ප්‍රමුඛ එජාපයට නොහැකි වී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ ආණ්ඩුව පාවා දීලා බලයට ඇවිත් අද මොනවද කරන්නේ? රිගින් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරනවා. රංගජීව වගේ පොලිස් නිලධාරීන් හිරේ දානවා. ජාතික සම්පත් විකුණා දැමීම ගැන රණවිරුවන් පාවා දීම ගැන ජනතාව කම්පා
වෙනවා. අගමැතිතුමා කතා කරන්නේ බි්‍රතාන්‍යයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. නමුත් එය ක්‍රියාත්මක කරන්නේ නැහැ.

බි්‍රතාන්‍ය අගමැති ඉල්ලා අස්වී ගිය ආකාරයටම එතුමාත් ඉල්ලා අස්විය යුතුයි.”

පොළොන්නරුව දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා:-
“කෘෂිකර්මාන්තය ගැන මෙලොව දෙයක් නොදන්නා අය අපට උපදෙස් දුන්නා. අපි ඒ ලණු කෑවා. එකම ප්‍රතිඵල අපට ඡන්දෙන් ලැබුණා. මේ නිසා අද රාත්‍රී 9.30 ඡන්දෙන් පස්සෙ අපට තනි ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන් වෙයි. රංගජීව අත්අඩංගුවට ගත්තේ නිකම් නොවෙයි. රැඳවියන් මරන්න ගෝඨාලාට සහාය දුන්න නිසයි. ඔවුන් රණවිරුවන් විය හැකියි. නමුත් ඝාතනවලට ඉඩදිය නොහැකියි. අගමැතිවරයාට තනි පිරිසුදු පාලනයක් කරන්න
තිබුණා නම් මීට වඩා හොඳ පාලනයක් කරන්න තිබුණා. අගමැතිතුමා දේශපාලනය තුළින් මුදල් හම්බ කළේ
නැහැ. එජාපය හෙට සිට හොඳ පිරිසුදු පාලනයක් ගෙන යනවා.”



අදහස් (1)

බැඳුම්කර මංකොල්ලයේ මුදල් මැතිවරණය යෙදෙව්වා.

Ranavi Thursday, 05 April 2018 11:31 AM

කාට සල්ලි දෙන්නද? එජාප දෙමළ සහ මුස්ලිම් අනිවාර්යයෙන්ම එජාපෙට... විශ්වාසභංගය ගෙනාවේ රනිල්ව එලවන්න.. මහලොකු විශ්වාසභංගය එජාපය විතරක් ඡන්දෙ දුන්නත් දිනුම්... කට තියනවා මෝරෙක් වගේ... දික්කසාද වෙන්න ඉල්ලපු වන්දි මුදල ලක්ෂ 5000 ක්... ඒව ආවේ හොරකම් නොකර සිල් අරන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site